වසර 4කට පසුව නිකිත ග්‍රේරෝ අභියෝගතා ශූරතාවය පානදුරට

නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020

180

මෙරට පිහිටි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසල් සමූහයක් වන ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නුගේගොඩ ලයිසියම් පාසල සහ පානදුර ලයිසියම් පාසල අතර 05 වන වරටත් පැවති මහා එක්දින ක්‍රිකට් තරගය අද (24) දින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී නිමා වූයේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට ලකුණු 164ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි. 

විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (21)…

ඒ අනුව 2016 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු තරගයේ ශූරතාවය දිනා ගත් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල වසර 4කට පසුව දෙවන වතාවටත් ශූරතාවය තමන් සතුකර ගන්නා ලදි. 

කාසියේ වාසිය දිනා ගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමුව පන්දුව යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 287ක් වාර්තා කර ගන්නා ලදි. යෙසිත් කළුපහන පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලකුණු පුවරුව ඔසවා තබමින් අගනා ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය. එම ඉනිම සඳහා හතරේ පහර 8ක් සහ හයේ ප‍හර 3ක් ඇතුළත් විය. 

Photos: Lyceum Panadura Vs Lyceum Nugegoda | 5th Nikitha Grero Challenge Trophy

ඉනිමේ මැදපෙළ සවිමත් කළ දිනෙත් අමරසේකර, යෙසිත් හට අගනා සවියක් ලබා දෙමින් ලකුණු 63ක් වාර්තා කර ගත්තේ සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙනයි. නෙත්ම ලියනගේ ලකුණු 27ක් රැස්කර ගන්නා විට අනෙක් පිතිකරුවන් හට එතරම් සාර්ථක වීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. රුවිඳු සිල්වා ලකුණු 34කට කඩුලු 2ක් දවා ගන්නා විට ජනිතු ජයතිලක සහ ලකිඳු සචින් ද කඩුලු 2ක බැඟින් දවා ගත්හ. 

ලකුණු 288ක දැවැන්ත ඉලක්කයක් පසුපස හඹා ගිය නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු පන්දුවේ සිටම වේගවත්ව ලකුණු වාර්තා කර ගැනීමට ගිය නිසාවෙන් ඔවුන්ගේ කඩුලු එක පෙළ ඇද වැටෙන්නට පටන් ගන්නා ලදි. ඒ නිසාවෙන් ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 100ක් වන විට දැවී ගියේය. 

Video – තරගය ජයගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් වැරදි වුනා! – Cricketry | SLvWI – 1st ODI

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමුවැනි එක්දින තරගය අද (22) කොළඹ එස්.එස්.සී ක්‍රිකට් පිටියේ දී…

හසිඳු පෙරේරා සහ දුවිඳු සිල්වා පිළිවෙළින් ලකුණු 32ක් සහ ලකුණු 30ක් රැස්කර ගෙන දැක්වූ දස්කම් හැරෙන්නට වෙනත් කැපී පෙනෙන පිතිකරණ දස්කමක් වාර්තා වූයේ නැත. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මුල්පෙළ පිතිකරුවන් කෙසේ හෝ ඉතාමත් හොඳ දළ ලකුණු වේගයක් පවත්වාගෙන පැමිණි නමුත් ඔවුන්ගේ කඩුලු ප්‍රමාණය නිසියාකාරව කළමනාකරණය කිරීමට ඔවුන් අපොහොසත් වීම නිසාවෙන් නුගේගොඩ ලයිසියම් ඉනිම ලකුණු 123කට සීමා විය. 

පන්දු යැවීමේ දී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලියනගේ ලකුණු 40කට කඩුලු 3ක් දවා ගන්නා විට දිලංක දළුවිතාන ලකුණු 2කට කඩුලු 2ක් දවා ගන්නා ලදි. 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල : 287/9 (50) යෙසිත් කළුපහන 106, දිනෙත් අමරසේකර 63, නෙත්ම ලියනගේ 27, රුවිඳු සිල්වා 2/34, ජනිතු ජයතිලක 2/44, ලකිඳු සචින් 2/57. 

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල : 123 (28.5) හසිඳු පෙරේරා 32, දුවිඳු සිල්වා 30, නේතන් ලියනගේ 3/40, දිලංක දළුවිතාන 2/02.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<