නව වසරේ දී පාසල් ක්‍රිකට් පිටිය නැවතත් ක්‍රියාත්මක වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

323
U19 Division 1 Schools Cricket Tournament 2023/24

නව වසර ආරම්භයත් සමඟින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (02) දිනයේ දී ආරම්භ වුනා.

මේ අතරින් Division 1 – Tier A කාණ්ඩය යටතේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර දෙදින තරගයක් ද අද ආරම්භ වුනා.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් පිතිකරුවන් ලකුණු 393ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කළා.

මේ වෙනුවෙන් සෙනුජ වකුනුගොඩ ලකුණු 97කින් දායක වෙද්දී, යෙනුල දෙව්තුස, නායක ලහිරු අමරසේකර සහ අභිෂේක් ජයවීර විසින් ද අර්ධ ශතක වලින් දායක වුනා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නැවතත් පන්දු යැවීමෙන් සාර්ථක වූ මනුජ චන්තුක කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 393/10 (95.1) සෙනුජ වකුනුගොඩ 97, යෙනුල දෙව්තුස 87, ලහිරු අමරසේකර 53, අභිෂේක් ජයවීර 55, මනුජ චන්තුක 117/4
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 5/0 (4)

 

මීට අමතරව තවත් සාම්ප්‍රදායික දෙදින තරග කිහිපයක් ද අද දිනයේ ආරම්භ වුනා.

මෙම තරගවල දී කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය වෙනුවෙන් හිවින් කෙනුල කඩුලු 5 දස්කමක් දක්වද්දී, පානදුර සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් දෙනෙත් පීරිස් විසින් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

මොරටු මහා විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය

  • මොරටු මහා විද්‍යාලය– 141/10 (53.3) ලකිඳු යහම්පත් 52, කාන්චන නිම්ශාන් 27, හිවින් කෙනුල 5/30, සනුක චෙරාන් 2/34
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය– 64/4 (26.3) ආකාශ් ගමගේ 19, සනල් අවදික 18, නිශිත ප්‍රනාන්දු 2/9

අම්බලන්ගොඩ පී.ද.එස් කුලරතන විද්‍යාලය සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

  • පානදුර සාන්ත ජෝන් විද්‍යාලය– 350/6 (97) දෙනෙත් පීරිස් 127, තරුල් ලක්සඳ 54, සසිඳු කෞශාන් 3/52, ජනිඳු චාමික 1/40

මෙම තරග සියල්ලේ ම දෙවන දිනය හෙට (03) පැවැත්වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<