තර්ස්ටන් සහ රිච්මන්ඩ් විද්‍යාල ද අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කර ගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

98
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග දෙකක් අද (20) අවසන් වුනා.

මෙම තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණ ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ගාල්ල මහින්ද සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී තර්ස්ටන් පළමු ඉනිමේ කඩුලු 5ක් සහ තර්ස්ටන් දෙවන ඉනිමේ කඩුලු 06ක් දවා ගැනීමට මහින්ද විද්‍යාලයේ සෙනුක දංගමුව විසින් සමත් වුනා. කෙසේ වෙතත් මෙම තරගයේ දී ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේ දී ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය තස්‍ටර්න් ඉනිම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට එම දක්ෂතාව ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ අනුව දිනය නිමා වන විට තර්ස්ටන් විද්‍යාල කඩුලු 2ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 16ක් පිටුපසින් සිටියා.

මේ අතර තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ තනුග පලිහවඩන කඩුලු 5 දස්කමක් ද සමඟ සමස්ථ තරගයේ කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර කොළඹ නාලන්දා විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී රිච්මන්ඩ් විද්‍යාලය ඉනිමක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී නාලන්දා විද්‍යාලය වෙනුවෙන් හසිත් රත්නායක කඩුලු 5 දස්කමක් දැක්වූවත් එය රිච්මන්ඩ් පිතිකරුවන්ව පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

මීට අමතරව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් විශ්ව රාජපක්ෂ කඩුලු 5 දස්කමක් සමස්ථ තරගයේ කඩුලු 8 දවා ගනිද්දී, රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් සඳරු මල්ෂාන් ද කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

එමෙන්ම කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ශහන් කෞශල්‍ය කඩුලු 5 දස්කමක් දක්වද්දී, ප්‍රවීන් මනීෂ පිත්තෙන් වටිනා ලකුණු 142ක් ලබා ගනිමින් මෙන්ම පන්දුවෙන් කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ නාලන්දා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කිරි මණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී (මාර්තු 19 – 20)

  • කොළඹ නාලන්දා විද්‍යාලය – 95/10 (46.3) සජිත විතානගේ 25, කවීෂ ඉඳුවර 6/33 & 138/1 (32) මනුප මන්මිත 76*, සදෙව් සමරසිංහ 62*
  • කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය – 325/10 (121.5) චෙහාන් සුභසිංහ 51, ශැරෝන් අභිශේක් 51, හසිත් රත්නායක 5/60, තිසර දෙව්දුණු 3/65

තරගය ජය පරාජයෙන් තොරයි, පළමු ඉනිමේ ජයක් ලැබූ රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier B තරග

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී (මාර්තු 19 – 20)

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 161/10 (56.5) දිනුර කළුපහන 64, විහස් තෙව්මික 7/34, තනුග පලිහවඩන 3/59 & 210/7d (41) ප්‍රමේෂ් මදුභාෂණ 84, චන්දූප ද සිල්වා 72, තනුග පලිහවඩන 5/84
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 198/10 (49.3) තනුජ රාජපක්ෂ 82, හරිත් ශාලක 43 අරෝශ උදයංග 4/33, සෙනුක දංගමුව 5/47 & 156/8 (54) දිනාල් ඉඳුවර 77, සෙනුක දංගමුව 6/63

තරගය ජය පරාජයෙන් තොරයි, පළමු ඉනිමේ ජයක් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

සාම්ප්‍රදායික දෙදින තරග

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (මාර්තු 19 – 20)

  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 195/10 (56) පුල්ජිත් වත්සුක 51, මතීෂ සාරංග 41, විශ්ව රාජපක්ෂ 5/48 & 271/10 (79) යසිරු ලක්ෂාන් 45, මතීෂ සාරංග 79, විශ්ව රාජපක්ෂ 3/46, රවිඳු ප්‍රේමරත්න 3/47
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 196/9d (67.2) කවිඳු ප්‍රේමරත්න 42, හන්ස මිහිරංග 40, සඳරු මල්ෂාන් 5/71, ගිම්හාන් රසාංජන 3/36

තරගය ජය පරාජයෙන් තොරයි, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

BRC ක්‍රීඩාංගණයේ දී (මාර්තු 19 – 20)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 340/10 (80.2) චනුල් දිනෝත් 93, කෙවින් සැමුවෙල් 57, ශහන් කෞශල්‍ය 5/57 & 121/8 (23.5) කෙවින් සැමුවෙල් 40, ප්‍රවීන් මනීෂ 3/65
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 378/9d (91) ප්‍රවීන් මනීෂ 142, අශාන් ශනිල්ක 43, කෙවින් සැමුවෙල් 3/53

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ත ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<