ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ දී

243
(මුලාශ්‍රය - srilankabaseball.lk)

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) හට 2019 බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව පැවැත්වීමේ අවස්ථාව හිමිව තිබෙන අතර ඒ අනුව ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මෙවර තරගාවලිය එළඹෙන ජුනි හා ජූලි මාසවල දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත.

විශේෂ කාර්ය බලකායටත් බේස්බෝල්

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනෙහි තවත් එක් අදියරක් ඊයේ (27) කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු….

ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය පසුගිය වසර පුරා කරන ලද සේවය හා ඔවුන්ගේ කැපවීම හේතුවෙන් ආසියානු බේස්බෝල් සංගමය මෙම තරගාවලිය අප රටට ලබා දීමට තීරණය කර තිබේ. 2017 වසරේ දී ශ්‍රී ලංකාව බටහිර ආසියානු ශූරයින් බවට පත් වුණේ සත්කාරක පාකිස්තානය පරාජය කරමිනි. එම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, ඉරානය හා ඉරාකය තරගාවලිය සඳහා සහභාගී විය.

මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, ඉරානය, ඉරාකය, බංගලාදේශය, නේපාලය හා ඇෆ්ගනිස්ථානය වැනි ප්‍රබල රටවල් ද සහභාගී වීමට නියමිතයි. තවද ආධුනික බේස්බෝල් සංගමය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ද තරගාවලිය සංවිධානය කිරීම සඳහා සහයෝගය ඉල්ලා තිබේ.

16න් පහළ බේස්බෝල් ශූරතාවය දඹුල්ලට

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය ඊයේ (20) සාර්ථකව නිමාවට පත්විය. එහි දී තරගාවලිය පුරා…

තවද ශ්‍රී ලංකාවට ආසියානු බේස්බෝල් සම්මේලනයේ අසුනක් ද ලබා දී තිබේ. ඒ අනුව ඔවුන්ට ආසියානු සම්මේලනයෙන් ද මෙරට බේස්බෝල් ක්‍රීඩාව නගා සිටුවීමට සහයෝගය ලබා ගත හැකි වනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<