ශාරුජන් ද්විත්ව ශතකයක් ලබා ගනී

U 19 Division 1 Schools Cricket

96
U 19 Division 1 Schools Cricket

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන සුහද තරග කිහිපයක් අද (25) දවසේ දී ද දිවයිනේ විවිධ ප්‍රදේශවල දී අවසන් වුනා.

එහි දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට අතර පැවැති තරගයේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ නායක ශාරුජන් ශන්මුගනාදන් නොදැවී ලකුණු 202ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිම පන්දු 183කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 17ක් සහ හයේ පහර 8ක් ඇතුලත් වුනා. එම ඉනිමේ දී ඔහු දිදුල එදිරිසූරිය (32) හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ද සහ ජනිඳු නන්දසේන එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ද එක් කළා.

මෙම ඉනිමේ දී වමත් පිතිකරු ජනිඳු නන්දසේන ද ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනා. ඔහු පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත්තා.

මේ අතර කොළඹ මහානාම විද්‍යාලයේ දුල්නිත් සිගේරා, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තනුජ රාජපක්ෂ, සාන්ත පීතර විද්‍යාලයේ ඔවින් සල්ගාදු, දිලන දම්සර, ජේසන් ප්‍රනාන්දු සහ එනෝෂ් පීටර්සන්, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජානුක රත්නායක, මොරටු මහා විද්‍යාලයේ සංජන සෙනවිරත්න සහ ත්‍රිත්ව විද්‍යාලයේ වතිල උදාර අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ උප නායක මෙවන් දිසානායක.  වමතින් දඟ පන්දු යවන ඔහු සාන්ත පීතර විද්‍යාලයට එරෙහි ව ලකුණු 57කට කඩුලු 5ක් දවා ගත්තා.

තරගවල කෙටි ලකුණු පුවරු

කඳාන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පිටියේ දී.

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 378 (81.0) ඔවීන් සල්ගාදු 74, දිලන දම්සර 54, ජේසන් ප්‍රනාන්දු 64, එනෝෂ් පීටර්සන් 65, තරීන් සංකෙත් 34, ලෂ්මික පෙරේරා 28, විරුල් අමරපාල 23, හශේන් ඔලගම 2/55, මෙවන් දිසානායක 5/57
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– පළමු ඉනිමකඩුලු 7ක් දැවී 410 (83.2) දිදුල එදිරිසූරිය 32, ජනිඳු නන්දසේන 115, ශාරුජන් ශන්මුගනාදන් 202, මෙවන් දිසානායක 20, ට්‍රිශේන් සිල්වා 27, ලශ්මික පෙරේරා 2/83
  • සාන්ත පීතර විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 22 (90.0)

තරගය විසඳුමකින් තොරයි.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (79.5)ජානුක රත්නායක 83, කෙවන් ප්‍රනාන්දු 29, තරුෂ දසුන් නොදැවී 35, සදනෙත් යහම්පත් 2/32, සචිත්‍ර ටනුක 4/28, නිශිත ප්‍රනාන්දු 2/39
  • මොරටු මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (64.2)ඉසුරු නිදර්ශන 30, සංජන සෙනවිරත්න 67, සිතුම් සිල්වා නොදැවී 26, තරුෂ දසුන් 4/47, කෙවන් ප්‍රනාන්දු 3/30
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 21 (9.5)

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලයට අතර තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී.

  • මහානාමවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 291(95.5) දුල්නිත් සිගේරා 80, ගිමන්ත දිසානායක 22, චාමික හීනටිගල 23, ඒශාන් විතානගේ 27, අනුක් විජේවර්ධන 37, සිතුම් විහඟ නොදැවී 32, තනුග පලිහවඩන 3/95, සෙත්රු ප්‍රනාන්දු 2/39, සංවිඳු දිසානායක 2/33, බිනුප තත්මිර 3/40
  • තර්ස්ටන්විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207(51.5) දිනාල් ඉඳුවර 21, තනුජ රාජපක්ෂ 53, සෙත්රු ප්‍රනාන්දු 29, සංවිඳු දිසානායක නොදැවී 22, චාමික හීනටිගල 4/58, අනුක් විජේවර්ධන 4/54
  • මහානාමවිද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 34(8.0) දුල්නිත් සිගේරා 18, සෙත්රු ප්‍රනාන්දු 2/22

තරගයේ විසඳුමක් නෑ.

කොළඹ සාන්ත ජොසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (84.3)දිමන්ත මහවිතාන 38, රජිඳු තිලකරත්න 33, වතිල උදාර 51, ඔශන ලොකුගේ 39, මහේන්ද්‍ර අබේසිංහ 43, යෙනුල දෙව්තුස 4/66, ඩේමින්යන් ද සිල්වා 2/52, නුශාන් පෙරේරා 2/53,
  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (61.0)යෙනුල දෙව්තුස 20, රිෂ්ම අමරසිංහ 38, පමෝද දල්පදාදු 22, නුශාන පෙරේරා 28, සෙනේශ් සොලංගආරච්චිගේ 28, රනුල් ගුණරත්න 3/37, වතිල උදාර 2/25, ස්වත් අනුරජීව 3/71

තරගයේ විසඳුමක් නෑ.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<