ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට සුදුසුකම් ලබා ගන්නවා.
දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කරමින් ද සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කරමින් ද මෙම අවස්ථාවට පිවිසෙනවා.
1 වැනි අවසන් පූර්ව තරගය
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තමන්ට රිසි දේ කර ගැනීමට දේවපතිරාජ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට දියත් සංජිත සමත් වෙනවා. කෙවින් කුල්ජන්, නිතිෂ් බෝපගේ සහ නායක උදුල කුමුදක ඊට ගොදුරු වූ අතර රිච්මන්ඩ් ඉනිමේ පළමු කඩුලු 5 ම දවා ගැනීමට සමත් වෙන්නේ දියත් සංජිත වීම ද කැපී පෙණෙනවා.
එම ප්‍රවිශ්ඨයත් සමඟින් රිච්මන්ඩ් විද්‍යාලයීය ඉනිම ලකුණු 64කට සීමා කිරීමට දේවපතිරාජ ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි දී දියත් සංජිත ලකුණු 22කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව දෙනෙත් දිනුක ලකුණු 3කට කඩුලු 3ක් දවා ගන්නවා.
රිච්මන්ඩ් ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ අකිඳු කවීෂ සහ දිනිඳු තීක්ෂණයි. ඔවුන් දෙදෙනා ලකුණු 18ක් බැගින් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසිමට ඉඩ ලැබුණේ නැහැ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ඉනිම ද ලකුණු 76කට සීමා වෙනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ සශේන් මිත්සර වන අතර ඔහු ලකුණු 14ක් ලබා ගන්නවා. ඊට අමතර ව අදීශ ගෞතම් සහ දෙනෙත් පැහැසර ලකුණු 13ක් බැගින් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී උදුල කුමුදක ලකුණු 10කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව සිතුග රනුතිස කඩුලු 3ක් ද සහ කිරුළිඳු සුවහස් කඩුලු 2ක් දවා ගන්නවා.
ලකුණු 10ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිම ආරම්භ කළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 7ක් ලබා සිටියා.
ඒ අනුව තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
රිච්මන්ඩ් විද්‍යාලයීයය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 64 (40.1) අකිඳු කවීෂ 18, දිනිඳු තීක්ෂණ 18, දියත් සංජිත 5/22, දෙනෙත් දිනුක 3/03
දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 76 (35.3) සශේන් මිත්සර 14, අදීශ ගෞතම් 13, දෙනෙත් පැහැසර 13, සිතුග රනුතිස 3/13, කිරුළිඳු සුවහස් 2/25, උදුල කුමුදක 5/10,
රිච්මන්ඩ් විද්‍යාලයීයය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 7 (2.5)
තරගය විසඳුමකින් තොරයි.
- 2024 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරුණ
- පෙසඳු සහ දිනෙත් තුන් ඉරියව් දස්කම් දක්වයි
- පිට පිට තරග 10ක් ජයගත් සුමඟුල් ක්රිකට් වරුණ
- චාමික සහ සිතුම් මහානාමයට දැවැන්ත ජයක් ගෙන දෙයි
- කිත්ම සහ දිනුජ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙයි
2 වැනි අවසන් පූර්ව තරගය
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 213ක් ලබා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නායක මියුරු බණ්ඩාර පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගන්නවා. ඊට අමතර ව හමිඩ් අෆ්ඩාල් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා අතර සිව් වැනි කඩුල්ලට එකතු වූ ලකුණු සංඛ්‍යාව 112ක්.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 73ක් පමණයි.
එම ඉනිම වෙනුවෙන් සංසල විතානගේ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී හමිඩ් අෆ්ඩාල් ලකුණු 07කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් අසරණ කරනවා. ඊට අමතර ව රනිතු කුමාරසිංහ ලකුණු 17කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර මියුරු බණ්ඩාර සහ ජනුල් ජයතිලක කඩුල්ලක් බැගින් දවා ගන්නවා.
ඒ අනුව තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 213 (50.0) මියුරු බණ්ඩාර නොදැවී 109, හමිඩ් අෆ්ඩාල් නොදැවී 63, සංසල විතානගේ 3/35
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 73 (24.3) සංසල විතානගේ 25, හමිඩ් අෆ්ඩාල් 4/07, රනිතු කුමාරසිංහ 3/17
තරගයේ විසඳුමක් නෑ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<