සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ දෛවය කණපිට හැරවීමේ වෑයමක!

766

ක්‍රම ක්‍රමයෙන් කොළඹ ක්‍රිකට් සමාජයේ අණසකට නතුවෙමින් තිබූ තරගයක් තම පන්දු යැවීමේ කෞෂල්‍යය මනාව උපයෝගී කරගෙන ආපසු හැරවීමට අද (02) යුධ හමුදා පිළ නියෝජනය කරන සීක්කුගේ ප්‍රසන්නට හැකි විය.

ඒ අනුව තීරණාත්මක හෙට දිනයේ දී ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට එම කණ්ඩායම් දෙකටම අවස්ථාවක් උදාවී තිබේ. මේ අතරතුර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකකින් ජය හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් සහ BRC කණ්ඩායම් අද සමත් වූහ.

ඇන්ජෙලෝ, ලසිත් සහ රමේෂ්ගෙන් ශතක ත්‍රිත්වයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග 4ක් සහ පළඟ ශූරතාවයේ තරග 3ක් අද (01) ක්‍රියාත්මක විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ SSC පිටියේ දී පැවති මෙම තරගය තවත් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබිය දී ම ජය ගැනීමට ප්‍රබල හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් විය. කෙසේ වෙතත් දෙපිළේම මුල් ඉනිමේ ලකුණු ඉතාමත් ආසන්න ලෙස සටහන් වූ අතර දෙවැනි ඉනිමේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි වීමෙන් පරාජය උරුම විය.

දෙවැනි ඉනිමේ දී ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය හලාවත පිතිකරුවන් කඩුලු 6ක් පමණක් දැවී ජය කණුව පසුකර ගියහ. ඒ වෙනුවෙන් වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය ලකුණු 95ක් වාර්තා කරමින් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළේය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 58): පසිඳු ලක්ෂංක 37, සදීර සමරවික්‍රම 28, ප්‍රියමාල් පෙරේරා 23, මාලින්ද පුෂ්පකුමාර 5/40, ඉසුරු උදාන 3/31, අසිත ප්‍රනාන්දු 2/22.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 37.5): ශෙහාන් ජයසූරිය 50, ඕෂද ප්‍රනාන්දු 36, රුක්ෂාන් ශෙහාන් 23, චලන ද සිල්වා 22, ප්‍රභාත් ජයසූරිය 6/48, මොහොමඩ් අලි 2/30, නිසල තාරක 2/52.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 76): හශාන් දුමිඳු 57, නිසල තාරක 52, විශාද් රන්දික 35, ප්‍රියමාල් පෙරේරා 27, ඉසුරු උදාන 2/18, ශෙහාන් ජයසූරිය 2/51, මාලින්ද පුෂ්පකුමාර 2/59.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 234 (පන්දුවාර 48.4): ශෙහාන් ජයසූරිය 95, කසුන් විදුර 57, සචිත්‍ර සේරසිංහ 23, මොහොමඩ් අලි 2/34, නිසල තාරක 2/46.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

සුපිරි 8 වටයේ තවත් කණ්ඩායම් දෙකක් එකිනෙක ගැටුණු මෙම උද්වේගකර තරගය අවසානයේ ජය ගත්තේ BRC කණ්ඩායමයි. ඒ ප්‍රතිවාදී සැරසන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 83කින් පරාජය කරමිනි. මුල් ඉනිමේ දී සැරසන්ස් ක්‍රීඩකයින් ලකුණු 5ක ඉදිරියක් ලබා ගත්ත ද BRC කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 294ක් රැස් කරමින් නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ විය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 290ක ඉලක්කයක් හඹාගිය සැරසන්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් චාමිකර එදිරිසිංහ සහ තිලකරත්න සම්පත් ප්‍රතිවාදී කඩුලු 9ක්ම තමන් අතරේ බෙදා ගැනීමට සමත් වූහ. පරාජිත සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් මින්හාජ් ජලීල් නොදැවී ලකුණු 90ක් රැස් කරමින් හුදෙකලා සටනක නි‍රත විය.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 57.3): විකුම් සංජය 34, හශේන් රාමනායක 30, රුමේෂ් බුද්ධික 21, රනිත ලියනාරච්චි 3/35, මොහොමඩ් ඩිල්ශාඩ් 2/38.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 49.5): ගමිඳු කණිෂ්ක 51, තානුක දාබරේ 30, සුරාජ් රන්දිව් 3/12, තිලකරත්න සම්පත් 3/28, විකුම් සංජය 2/37.

BRC (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 294 (පන්දුවාර 81.5): දේශාන් ඩයස් 72, ලසිත් ලක්ෂාන් 47, හර්ෂ විතාන 45, විකුම් සංජය 41*, තිලකරත්න සම්පත් 23, සචිත්‍ර පෙරේරා 6/87, රනිත ලියනාරච්චි 2/68.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 206 (පන්දුවාර 64.4): මින්හාජ් ජලීල් 90*, තානුක දාබරේ 38, චාමිකර එදිරිසිංහ 5/69, තිලකරත්න සම්පත් 4/57.

රාගම ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

කටුනායක දී පැවැත්වෙන මෙම තරගයේ දින 3ක් අවසන් වන විට ඉදිරියට පැමිණ සිටින්නේ වරාය අධිකාරි කණ්ඩායමයි. ඒ ප්‍රථම ඉනිමේ දී රාගම පිතිකරුවන් ලබාගත් ලකුණු 269ට පිළිතුරු ලෙස ලකුණු 485ක් වාර්තා කරගන්නට ඔවුන්ට හැකි වූ බැවිනි.

ඒ වෙනුවෙන් ගයාන් මනීශාන් නොදැවුණු ලකුණු 139ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේය. මේ වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන රාගම පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියි.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 98): ලහිරු තිරිමාන්න 52, සමින්ද ප්‍රනාන්දු 42, උදාර ජයසුන්දර 39, ලහිරු මිලන්ත 37, සමීර ද සොයිසා 22, චතුර පීරිස් 20, චානක කොමසාරු 5/66, මදූක ලියනපතිරණගේ 3/74, චරිත් ජයම්පති 2/70.

වරාය අධිකාරිය – කඩුලු 9ක් දැවී ලකුණු 485 (පන්දුවාර 154.3): ගයාන් මනීශාන් 139*, ගිහාන් රූපසිංහ 66, යොහාන් ද සිල්වා 66, චරිත් ජයම්පති 62*, නික් කොම්ප්ටන් 62, මදූක ලියනපතිරණගේ 20, අමිල අෆොන්සු 3/82, ලහිරු මිලන්ත 2/11, ඉශාන් ජයරත්න 2/75.

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 28 (පන්දුවාර 12)


සිංහල ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

CCC පිටිය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙම තරගයේ ජයග්‍රාහකයෙකු පිළිබඳ තවමත් හරි අනාවැකියක් පළ කිරීමට තවමත් හැකියාවක් නැත. ඒ නිරන්තරයෙන්ම වෙනස් වන ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් දිනයේ දී දෙපිළටම ජයග්‍රහණයට අත පෙවිය හැකි මානයේ තරගය නැවතී ඇති බැවිනි.

අද SSC දෙවැනි ඉනිම වෙනුවෙන් මිනෝද් භානුක අනර්ඝ ශතකයක් වාර්තා කරගත් අතර ඒ හේතුවෙන් ඔවුන්ට කඩුලු 9ක් දැවී ලකුණු 298ක් කරා යාමට හැකි විය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 93.1): මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චරිත් අසලංක 56, ශම්මු අශාන් 40*, චාමර කපුගෙදර 33, මිනෝද් භානුක 28, ෆර්වීස් මහරූෆ් 2/59, ලසිත් ඇඹුල්දෙණිය 5/81, චාමික කරුණාරත්න 2/86.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 298 (පන්දුවාර 82.2): ඇන්ජෙලෝ පෙරේරා 107, මහේල උඩවත්ත 46, සඳුන් වීරක්කොඩි 44, චතුරංග ද සිල්වා 38, තරිඳු කෞෂාල් 21, ධම්මික ප්‍රසාද් 4/37, දසුන් ශානක 3/29, ජෙෆ්රි වැන්ඩර්සේ 2/113.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 298 (පන්දුවාර 82.1): මිනෝද් භානුක 110, කවිඳු කුලසේකර 47, දසුන් ශානක 38, මිලින්ද සිරිවර්ධන 24, ලසිත් ඇඹුල්දෙණිය 4/88, චාමික කරුණාරත්න 2/39, තරිඳු කෞෂාල් 2/69.

ලකුණු 1000 පසුකර ගිය ගාල්ලේ ක්‍රිකට් තරුව

පුරෝකථනයෙන් ක්‍රීඩකයෙකු ගැන අනාවැකි ප්‍රකාශ කළ හැකි පුහුණුකරුවෙකු යනු ඔහු අත්දැකීම් සමුදායකට උරුමකම් කියන්නෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට්…

කොළඹ ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ මුල් ඉනිමේ කැපී පෙනෙන වාසියක් ලබා ගැනීමට CCC කණ්ඩායම සමත් වුවද මේ වන විට එම ප්‍රතිඵලය කණපිට හැරෙන තත්ත්වයක් උදාවී තිබේ. ඒ දෙවැනි ඉනිමේ දී CCC පිළේ කඩුලු 7ක්ම ලකුණු 56ක් තුල දී බිඳ හෙළන්නට යුධ හමුදාවට හැකි වූ බැවිනි.

එහි දී මූලිකත්වය ගත් දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් ඉන්ද්‍රජාලයක් ප්‍රදර්ශනය කළ අතර දුශාන් විමුක්ති කඩුලු ද්විත්වයක් දවා ගනිමින් ඔහුට සහාය විය.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 333 (පන්දුවාර 79.4): ලසිත් අබේරත්න 109, මලිඳු මධුරංග 63, වනිඳු හසරංග 35, සචිත් පතිරණ 27, අශාන් ප්‍රියන්ජන් 27, රොන් චන්ද්‍රගුප්ත 22, දුශාන් විමුක්ති 5/66, සීක්කුගේ ප්‍රසන්න 2/96 .

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 76): ඩිල්ශාන් ද සොයිසා 62, අසේල ගුණරත්න 51, යශෝධ මෙන්ඩිස් 34, දුශාන් විමුක්ති 33, සීක්කුගේ ප්‍රසන්න 26*, ලක්ෂිත මධුෂාන් 24*, සචිත් පතිරණ 7/76, දිනුක හෙට්ටිආරච්චි 2/78.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 56 (පන්දුවාර 20.3); සීක්කුගේ ප්‍රසන්න 4/13, දුශාන් විමුක්ති 2/07.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

මෙම තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වෙද්දී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 323 ආසන්නයට පැමිණීමට ටැමිල් යූනියන් කණ්ඩායම සමත්ව සිටියි. ඒ තවත් කඩුලු 5ක් සුරැකිව රඳවා ගෙනයි.

ඒ අනුව බොහෝ දුරට හෙට දිනයේ දී ඔවුන් ප්‍රථම ඉනිමේ පෙරමුණ ගැනීමට ඉඩ ඇත. ටැමිල් යූනියන් පිළට මෙම අවස්ථාව උදාකර දීමට කැපවුණු වමත් වේගපන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධ බිනුර ප්‍රනාන්දු ලකුණු 82ක් රැස්කර ගත්තේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): රමේෂ් මෙන්ඩිස් 137, නිසල් ෆ්‍රැන්සිස්කෝ 48, නිපුන් කරුණානායක 45, ජීවන් මෙන්ඩිස් 6/76, දිස්නක මනෝජ් 2/53.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 295 (පන්දුවාර 91): බිනුර ප්‍රනාන්දු 82, තරංග පරණවිතාන 68*, දිනුක් වික්‍රමනායක 50, සිතාර ගිම්හාන් 50, මලිත් ද සිල්වා 3/56, කොෂාන් ධනුශ්ක 2/79.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය

බදුරලිය ක්‍රිකට් සමාජයට කැපී පෙනෙන වාසියක් අත්වී ඇති මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දීයි. මුවර්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙමින් රැස්කළ ලකුණු 214ට පිළිතුරු වශයෙන් බදුරලිය පිතිකරුවන් ලකුණු 338ක් වාර්තා කිරීම ඊට හේතු විය.

කෙසේ වෙතත් ඔවුන්ගේ පැත්තෙන් සිදු වූ එකම අවාසනාවන්ත සිදුවීම ලෙස ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් සලිඳු උශාන්ට සහ නදීර නාවෙලට තම ශතක අහිමිව යාම දැක්විය හැකිය.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49.1): තිලක්ෂ සුමනසිරි 53, චරිත කුමාරසිංහ 24, ඉරෝෂ් සමරසූරිය 22, සවිත් ප්‍රියාන් 2/37, දිලේශ් ගුණරත්න 2/38.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.5): සලිඳු උශාන් 97, නදීර නාවෙල 95, සංජය චතුරංග 37, සුබ්‍රමනියම් ආනන්ද් 30, සවිත් ප්‍රියාන් 24, දිලංක සඳකැන් 4/79, ශිරාන් ප්‍රනාන්දු 2/45, චාමර සිල්වා 2/27.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 40 (පන්දුවාර 12): ප්‍රිමෝශ් පෙරේරා 24*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<