ශතක දෙකක් අහිමි වුවත්, ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ

287
100th Hill Country Battle of the Blues

1914 වසරේ දී බෝගම්බර ක්‍රීඩාංගණයෙන් ආරම්භ කෙරුණු “කන්ද උඩරට නිල් මහා සටන” පරම්පරා ගණනක් පසු කරමින් අද (10) සිය වැනි වරටත් දියත් කෙරුණේ, සුපුරුදු කණ්ඩායම් දෙක වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහභාගී වෙමිනුයි. තරගය මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය

සියවස සමරන කන්ද උඩරට නිල් මහා සටනට සියල්ල සූදානම්

කන්ද උඩරට රාජධානිය වර්ණවත් බවින් සහ සාම්ප්‍රදායික උත්සවශ්‍රීයෙන් බැබලීම සාමාන්‍ය දසුනක් වුවත්, මේ වන විට එම ප්‍රදේශය…

රන්ජන් මඩුගල්ල, කුමාර සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, සචිත් පතිරණ, ලහිරු කුමාර හා නිරෝෂන් දික්වැල්ල වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේම ක්‍රිකට් ජීවිතයේ නව පිටුවක් පෙරළූ කන්ද උඩරට මහා සටනේ, 100 වැනි දිග හැරුමේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලයේ නායක ශැනොගීත් ශන්මුගනාදන් පළමුව පිතිකරණය තෝරා ගන්නා ලදි.

ත්‍රිත්ව ක්‍රීඩක හසින්ත ජයසූරිය ලකුණු 7කට දැවී යන ලදි. අනතුරුව පිටියට පැමිණි හසිත බෝයගොඩ හා ත්‍රිත්ව විදුහල් නායක ශැනොගීත් ශන්මුගනාදන් ත්‍රිත්ව විද්‍යාලයේ ලකුණු පුවරුව වෙනුවෙන් සාර්ථක ලකුණක් එකතු කිරීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා ලකුණු 157ක සබඳතාවයක් ගොඩ නගන ලදී.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන හසිත බෝයගොඩ තම අත්දැකීම් උපයෝගී කර ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වූ අතර, 4 පහර 6ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 90ක් ලබා සිටිය දී ඔහු දැවී ගියේ මොහොමඩ් අලවි සාර්ථක රැක ගත් උඩ පන්දුවත් සමඟිනි. ඒ වන විට ලකුණු 179කට කඩුලු 3ක් ලෙස ත්‍රිත්ව ලකුණු පුවරුව දිස්විය.

[rev_slider dfcc728]
.

එක් අන්තයක සිට හසිත බෝයගොඩ තම වගකීම හැකි උපරිමයෙන් ඉටු කරද්දී, අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ තුන් ඉරියව් ක්‍රීඩක ශැනොගීත් ශන්මුගනාදන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් 4 පහර 9ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 83ක් ලබා ගත් අතර අවාසනාවන්ත ලෙස ඔහුත් දැවී ගියේ ත්‍රිත්ව විදුහලේ ශතක සිහින දෙකක්ම බිඳ දමමිනි.

පන්දු යැවීමේ දී මොහොමඩ් අලවි ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත් අතර, සතිශ් වික්‍රමාරච්චි එක් කඩුල්ලක් දවා ගන්නා ලදි.

අයහපත් ආලෝක තත්ත්වය මත පළමු දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටින පූර්ණ වනසේකර හා ට්‍රිවෝන් වීරසූරිය හෙට (11) තම විද්‍යාලයේ ඉනිම ආරම්භ කරනු ඇත.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ ) – කඩුලු 4ක් දැවී ලකුණු 204 (61): හසිත බෝයගොඩ 90, ශැනොගීත් ශන්මුගනාදන් 83, හසින්ත ජයසූරිය 07, පූර්ණ වනසේකර 06*, මොහොමඩ් අලවි 3/52, සතිශ් වික්‍රමාරච්චි 1/18

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (11) පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගය ThePapare.com හරහා සජීවීව විකාශනය කරනු ලැබේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට