23න් පහළ සංචිතයට තේරීම් තරග ආරම්භ වේ

821
SL U23 Football

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත AFC වයස 23න් පහළ ශූරතාවය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත සංචිතයක් තේරීමට පාපන්දු සම්මේලනය සූදානමින් පසුවේ. වයස 23න් පහළ මෙම සංචිතය සඳහා වන තෝරා ගැනීම්, තෝරා ගැනීමේ තරග කිහිපයක් ඔස්සේ පැවැත්වීමට නියමිත වේ.

SLTB අභියෝගය මඟ හැර ගත් කොළඹට ජය

කැළණිය ක්‍රීඩාංගණයේ දී පැවති FA කුසලාන පාපන්දු තරගාවලියේ 64 දෙනාගේ වටයේ තරගයකින් කොළඹ පාපන්දු සමාජය, ගෝල 2-0ක් වශයෙන් SLTB (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

ශ්‍රී ලංකාව A කාණ්ඩය නියෝජනය කරමින් තරග වදින අතර ඉස්ලාමීය ඉරාන ජනරජය, ඕමානය සහ කිර්ගීස් ජනරජය එම කාණ්ඩයේ සිටින අනෙකුත් රටවල් වේ. තරගය ජුලි මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

තෝරා ගැනීමේ වටය සඳහා 1995 ජනවාරි මස පළමු වැනිදා හෝ ඉන් පසුව උපන් ක්‍රීඩකයින් සඳහා සහභාගී විය හැකිය.

පලාත් 6ක් යටතේ පවත්වනු ලබන මෙම තෝරා ගැනීම් තරග පහත සඳහන් දිනවල දී පැවැත්වේ.

උතුරු පළාත

  • අප්‍රේල් 1 සහ 2 උදේ 8.00 – කිලිනොච්චි සහ මුලතිව් (සාන්ත අන්තෝනි ක්‍රීඩා පිටිය, ඉරායක්කුලම්)
  • අප්‍රේල් 3 සහ 6 උදේ 8.00 – වඩමාරච්චි සහ පේදුරු තුඩුව (නිල්ලීයාඩි ජාතික පාසල් ක්‍රීඩා පිටිය, නීල්ලියාඩි)
  • අප්‍රේල් 5 සහ 6 උදේ 8.00 – වලිකමාම් සහ යාපනය (FFSL පුහුණු මධ්‍යස්ථානය, අරියලායි)
  • අප්‍රේල් 7 සහ 8 උදේ 8.00 – මන්නාරම සහ වව්නියා ( මන්නාරම නගර සභා ක්‍රීඩා පිටිය)

නැගෙනහිර පළාත

  • අප්‍රේල් 20 සහ 21 උදේ 8.00 – ත්‍රිකුණාමලය, මුතූර්, කින්නියා, කුච්චවේලී (ඊබ්‍රහීම් ක්‍රීඩා පිටිය, ත්‍රිකුණාමලය)
  • අප්‍රේල් 22 සහ 23 උදේ 8.00 – මඩකලපුව, අම්පාර සහ කාත්තන්කුඩි (වේබර් ක්‍රීඩාංගණය, මඩකලපුව)

මධ්‍යම පළාත

  • අප්‍රේල් 29 සහ 30 උදේ 8.00 – ගම්පොල, නාවලපිටිය, මාතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, අවිස්සාවේල්ල, මාවනැල්ල, කෑගල්ල (නිශ්චිත ස්ථානය දී නොමැත)

වයඹ පළාත

  • මැයි 6 සහ 7 උදේ 8.00 – හලාවත, පුත්තලම, වෙන්නප්පුව, අනුරාධපුර, පොළොන්නරුව (මාලිඟාපිටිය ක්‍රීඩා පිටිය, කුරුණෑගල)

දකුණු පළාත

  • මැයි 13 සහ 14 උදේ 8.00 – ගාල්ල, කතරගම, අම්බලන්ගොඩ, තංගල්ල, හම්බන්තොට, මොනරාගල (FFSL පාපන්දු ක්‍රීඩා සංකීර්ණය, මාතර)

බස්නාහිර පළාත

  • මැයි 20 සහ 21 උදේ 8.00  – ගම්පහ, කළුතර (සිටි පාපන්දු ක්‍රීඩා සංකීර්ණය)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට