යුරෝපා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට දින නියම වේ

60

2021 වසරේ පැවැත්වීමට නියමිත යුරෝපානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය එම වසරේ මාර්තු මස මුල් සතියේ දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ආසියානු මලල ක්‍රීඩා දින්නොත් මුදල් තෑගි

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු මහද්වීපික මලල ක්‍රීඩා තරගාවලි සඳහා සියලුම ආකාරයේ තරගකරුවන් සහභාගි කර ගැනීමේ අරමුණින් ත්‍යාග මුදලක් හඳුන්වා දීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් තීරණය කර ඇත. මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය සහ සුප්‍රකට බොස්ටන් ……..

ඒ අනුව තරගාවලිය ලබන වසරේ (2021) මාර්තු මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා පෝලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති නමුත් දුර පැනීම, උස පැනීම ඇතුළු තරග ඉසව් කිහිපයක මුල් අදියර මාර්තු මස 4 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

මාර්තු 05 වැනිදා යගුලිය විසි කිරීම කාන්තා තරගවල අවසන් අදියර පැවැත්වෙන අතර තරගාවලියේ වේගවත්ම ඉසව්ව වන 60m පිරිමි කාණ්ඩයේ අවසන් තරගය මාර්තු 06 සහ කාන්තා කාණ්ඩයේ අවසන් තරගය මාර්තු 07 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ අවසන් ඉසව්ව ලෙස 400X4 සහය දිවීමේ තරග පැවැත්වීමට නියමිතව ඇති අතර පසුගිය දෙවතාවෙහිම ශූරයන් වූ පෝලන්ත කණ්ඩායම තම මව් රටේ දී තෙවැනි වතාවටත් ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවේ.

මීට අමතර ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ද ලබන වසරේ මාර්තු මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<