හැව්ලෝක් ක්‍රීඩා සමාජයේ මුල් පුටුව හිටපු ක්‍රීඩකයෙකුට

516

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන දිවයිනේ කීර්තිමත් ක්‍රීඩා සමාජ කිහිපය අතුරින් කොළඹ හැව්ලෝක් ක්‍රීඩා සමාජයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ක්‍රීඩාවෙන් එක්වේ

ගෙවුණු දෙවසරක කාලය පුරාවට නිවැරදි දැක්මක් ඔස්සේ ක්‍රීඩා සමාජය ඉදිරියට රැගෙන ආ හිටපු සභාපති රොමේෂ් අබේවික්‍රම මහතා සිය ධුර කාලය අවසන් කරමින් නව නායකත්වයක් යටතේ තවදුරටත් ක්‍රීඩා සමාජයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවකාශ සලසා දී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව 2020/21 කාලසීමාව  සඳහා හැව්ලෝක් ක්‍රීඩා සමාජයේ අභිනව සභාපතිවරයා ලෙස එම ක්‍රීඩා සමාජය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන තුසිත පීරිස් මහතා පත්කොට ගැනීමට ඉකුත් දා (18) පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව පියවර ගෙන තිබේ.

හැව්ලෝක් ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ දිනයට යෙදී තිබුණ අතර එහි දී නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වූ මත විමසීමේ අවසන් ප්‍රතිඵලය සලකා බැලීමෙන් අනතුරුව එම ධුරය සඳහා තුසිත පීරිස් තෝරාපත්කොට ගෙන තිබේ. ඔහු සමඟ තරග කළ අනෙක් සභාපති ධුර අපේක්ෂකයා වන ටිරෝන් කෝන්ගේ මහතාට වඩා වැඩි මනාප 50කින් ඡන්ද විමසුම ජය ගැනීමට තුසිත මහතා සමත් විය.

මොහොතකට හදගැස්ම නැවැත්වූ Highlanders ජයග්‍රහණය!

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී සිසුවෙකු වන තුසිත මහතා හැව්ලෝක් ක්‍රීඩා සමාජය සමඟ පළමු වරට සබඳතාව ගොඩනඟා ගන්නේ 1991 වසරේ දී ය. හැව්ලෝක් සංවර්ධන රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කළ ගමන් මඟෙහි අවසානය සනිටුහන් වන්නේ 2000 වසරේ දී පළමු පෙළ රග්බි තරගාවලියේ හැව්ලෝක් කණ්ඩායමට නායකත්වය ද ලබා දෙමිනි. 

පුහුණුකරුවෙකු ලෙස ද කෙටි කාලසීමාවක් තම දායකත්වය හැව්ලෝක් ක්‍රීඩා සමාජය උන්නතිය වෙනුවෙන් ලබා දී ඇති ඒ මහතා 2019 වසරේ දී ශ්‍රී රග්බි සම්මේලනයේ මෙන්ම හැව්ලෝක් ක්‍රීඩා සමාජයේ ද ලේකම් ධුරය හොඹවා තිබෙන්නේ රග්බි පරිපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති අත්දැකීම් මනාවට කියාපාමිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<