කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරට පැවැත්වෙන සහෝදරයින්ගේ සටනේ පළමු දිනයේ දී ශතකයක් වාර්තා කිරීමට ඉසිපතන විද්‍යාලයේ තරුෂ්ක අශෙල් විසින් සමත් වුනා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී අද (24) උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය තර්ස්ටන් නායක විහස් තෙව්මික සතු වූ අතර, ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමේ වගකීම ඉසිපතන ක්‍රීඩකයින්ට ලබා දුන්නා.
ඒ අනුව පිතිකරණය සඳහා ඉසිපතන විද්‍යාලයේ නවිඳු උමෙත් සහ රුචිත් රොද්‍රිගෝ පිටියට පිවිසුණා. මෙවර තරගවාරයේ කැපී පෙනෙන පිතිකරණ දක්ෂතා දැක්වීමට සමත් වී සිටි රුචිත්ට අද දිනයේ නම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස රුචිත් ලකුණු 4කට දවා ගැනීමට තර්ස්ටන් නායකයා විසින් සමත් වූ අතර, ඉන් පසුව තරුෂ්ක අශෙල් ඉසිපතනය වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.
තරුෂ්ක තරමක් සෙමෙන් නමුත්, ඉතා හොඳ ස්ථාවර ඉනිමකට මඟ පාදා ගන්නා බව පෙනෙන්නට තිබුණත්, ඔහුට අනෙක් අන්තයෙන් නම් සැලකිය යුතු තරම් සහයක් හිමි වුනේ නැහැ.
කෙසේ වෙතත් තරුෂ්ක මෙම මහා ක්‍රිකට් තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ සොඳුරුතම මතකයක් බවට හරවා ගනිමින් විශිෂ්ට ශතකයක් කරා යාමට සමත් වූ අතර, විශ්ව ධනංජයගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ඔහු පන්දු 247කින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
- තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමයේ අභියෝගය
- මාර්තු උන්මාදයේ පළමු වෙඩිමුරය සහෝදරයන්ගේ සටනින්!
- ද්විත්ව ශතක පිරුණු දිනයක රාජකීයයන් ඉතිහාසගත ජයක් කරා!
- තර්ස්ටන් සහ දේවපතිරාජ විද්‍යාල ජයග්‍රහණ ලබාගනී
- කවීන් රුක්ශාන්ගේ කඩුලු 17 නිසා මහින්ද විද්‍යාලයට දැවැන්ත ජයක්
මේ අතරේ තරුෂ්කගේ දස්කමට නොදෙවෙනි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ තර්ස්ටන් නායක විහස් තෙව්මික විසින් ඉසිපතන ඉනිමේ කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් තරුෂ්කගේ විශිෂ්ට ඉනිම නිසාවෙන් ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 250 සීමාවට ළඟා වූ අතර, දිනය නිමා වීමට මත්තෙන් ප්‍රතිවාදීන් පන්දුවට පහර දීමට කැඳවීම සඳහා සිය ඉනිම නතර කරන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 250ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
ඒ අනුව ඉසිපතන විද්‍යාලයේ පළමු ඉනිම සඳහා පිළිතුරු සැපයීම වෙනුවෙන් තර්ස්ටන් ආරම්භ පිතිකරුවන් වූ දිනාල් ඉඳුවර සහ තනුජ රාජපක්ෂ පිටියට පිවිසුණා.
මෙවර තරගවාරයේ තවත් සාර්ථක පිතිකරුවන් දෙදෙනෙකු ලෙස කැපී පෙනෙනු මොවුන් දෙදෙනා විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කිරීමට සමත් වූ අතර, තරුෂ්ක අශෙල් විසින් එම සබඳතාවට තිත තැබීමට සමත් වුනා.
දිනාල් ලකුණු 18ක් ලබමින් පිටියේ ඉවත් වූ නමුත්, තනුජ සහ පසුව සැඳෑ පිතිකරු ලෙස කඩුල්ලේ එක් වූ සෙත්රු ප්‍රනාන්දු දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා.
මෙහි දී තනුජ විසින් නොදැවී ලකුණු 33ක් ලබා සිටිනවා. තරගයේ පළමු දිනය මෙතෙකින් අවසන් වන අතර, දෙවන සහ අවසන් දිනය හෙට (25) ක්‍රියාත්මක වීමට නියමිතයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Umeth | c Sethru Fernando b Vihas Thevmika | 14 | 72 | 2 | 0 | 19.44 |
Ruchith Rodrigo | lbw b Vihas Thevmika | 4 | 13 | 0 | 0 | 30.77 |
Tharushka Ashel | c Ayesh Harshana b Vishwa Dhananjaya | 102 | 247 | 12 | 0 | 41.30 |
Maleesha Sandaruwan | b Vihas Thevmika | 0 | 4 | 0 | 0 | 0.00 |
Kevin Samuel | c Rachintha De Silva b Thanuga Palihawadana | 19 | 43 | 4 | 0 | 44.19 |
Ranmith Senarath | c Rachintha De Silva b Vihas Thevmika | 20 | 70 | 3 | 0 | 28.57 |
Lesandu Kalpage | c Vihas Thevmika b Thanuga Palihawadana | 11 | 16 | 1 | 1 | 68.75 |
Sithuka Gunawardane | c Thanuga Palihawadana b Vihas Thevmika | 15 | 15 | 2 | 1 | 100.00 |
Vidun Genura | b Vihas Thevmika | 6 | 8 | 1 | 0 | 75.00 |
Chanul Dinoth | not out | 22 | 37 | 2 | 1 | 59.46 |
Dasith Senal | not out | 2 | 11 | 0 | 0 | 18.18 |
Extras | 35 (b 20 , lb 9 , nb 4, w 2, pen 0) |
Total | 250/9 (88.4 Overs, RR: 2.82) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Dhananjaya | 14 | 3 | 37 | 1 | 2.64 | |
Vihas Thevmika | 31.4 | 8 | 74 | 6 | 2.36 | |
Sethru Fernando | 17 | 5 | 33 | 0 | 1.94 | |
Rachintha De Silva | 7 | 2 | 14 | 0 | 2.00 | |
Yovun Silpa | 2 | 0 | 7 | 0 | 3.50 | |
Thanuga Palihawadana | 17 | 4 | 56 | 2 | 3.29 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinal Induwara | lbw b Tharushka Ashel | 18 | 37 | 2 | 0 | 48.65 |
Tanuja Rajapakse | c Ranmith Senarath b Kevin Samuel | 37 | 53 | 8 | 0 | 69.81 |
Sethru Fernando | lbw b Sithuka Gunawardane | 12 | 50 | 2 | 0 | 24.00 |
Shanikiya Deshapriya | b Sithuka Gunawardane | 20 | 23 | 3 | 1 | 86.96 |
Vihas Thevmika | c Sithuka Gunawardane b Tharushka Ashel | 77 | 128 | 9 | 1 | 60.16 |
Harith Shalaka | c Maleesha Sandaruwan b Sithuka Gunawardane | 42 | 150 | 4 | 0 | 28.00 |
Mulitha De Costa | lbw b Sithuka Gunawardane | 28 | 32 | 4 | 1 | 87.50 |
Rachintha De Silva | not out | 5 | 29 | 1 | 0 | 17.24 |
Thanuga Palihawadana | lbw b Dasith Senal | 2 | 6 | 0 | 0 | 33.33 |
Vishwa Dhananjaya | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 11 (b 1 , lb 2 , nb 6, w 2, pen 0) |
Total | 253/8 (83.5 Overs, RR: 3.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chanul Dinoth | 16 | 4 | 48 | 0 | 3.00 | |
Sithuka Gunawardane | 27 | 5 | 88 | 4 | 3.26 | |
Kevin Samuel | 13 | 2 | 29 | 1 | 2.23 | |
Vidun Genura | 4 | 1 | 17 | 0 | 4.25 | |
Tharushka Ashel | 13 | 2 | 43 | 2 | 3.31 | |
Dasith Senal | 7.5 | 1 | 19 | 1 | 2.53 | |
Maleesha Sandaruwan | 3 | 1 | 6 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Umeth | not out | 24 | 93 | 0 | 0 | 25.81 |
Ruchith Rodrigo | c Vihas Thevmika b Sethru Fernando | 82 | 97 | 0 | 0 | 84.54 |
Extras | 7 (b 4 , lb 0 , nb 0, w 3, pen 0) |
Total | 113/1 (31.4 Overs, RR: 3.57) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yovun Silpa | 2 | 0 | 7 | 0 | 3.50 | |
Vihas Thevmika | 13 | 2 | 38 | 0 | 2.92 | |
Vishwa Dhananjaya | 4 | 1 | 16 | 0 | 4.00 | |
Thanuga Palihawadana | 5 | 0 | 21 | 0 | 4.20 | |
Sethru Fernando | 7.4 | 0 | 27 | 1 | 3.65 |
61 වැනි සහෝදරයන්ගේ සටනේ සජීවී දසුන් ThePapare හරහා දැක බලා ගැනීමට ඔබට අවස්ථාව හිමි වනවා. එමෙන්ම දිනය අවසානයේ තරගයේ සියලු ම සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<