ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙක්ට COVID!

573

2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්වුණු  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට COVID-19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා.

මේ වන විට ඔවුන් තිදෙනා නිරෝධායනයේ සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර සිටින්නේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සියලු දෙනා හට COVID-19 පරීක්ෂණ සිදු කර තිබෙනවා. ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සුළු රෝග ලක්ෂණ පෙන්වන අතර අනික් ක්‍රීඩිකාවට රෝග ලක්ෂණ නැති බවයි ICC නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට COVID-19 පරීක්ෂණය ඍණාත්මක වී තිබෙනවා. නෙදර්ලන්තයට එරෙහිව අඟහරුවාදා ඔවුන් සහභාගී වන පළමු තරගයට පෙර නැවතත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට COVID-19 පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

ICC තරගාවලි ප්‍රධානි Chris Tetley පවසා සිටියේ තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි. “අපිට එක කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 බැගින් ඉන්නවා. ඒ නිසා ආබාධ හා COVID-19 ඇතුළු අභියෝග කළමනාකරණය කර ගත හැකියි. ඒ වගේම කණ්ඩායම්වලට අවස්ථාව ලබා දී තිබුණා අතිරේක ක්‍රීඩිකාවන් රැගෙන එන්න.”

තරගාවලියේ ජෛව ආරක්‍ෂිත බුබුළු සැලැස්මේ තිබෙනවා COVID-19 වැළඳුනොත් එය කළමනාකරණය කර ආකාරය. ඒ අනුව ඉතිරි ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් තරගාවලිය ඉදිරියට පවත්වන්නට පුළුවන්.”

ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සමඟින් ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන එම තරගයෙන් පසුව එළඹෙන සෙනසුරාදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟත්, පසුව අයර්ලන්තය සමඟත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව තරගාවලියේ ක්‍රීඩා කරන්නේ A කාණ්ඩයේ යි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<