ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන්ට විනය පුහුණුවක්

81

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවී සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විනය පිළිබඳව එරට ක්‍රිකට් ආයතනය නොසතුටට පත්ව තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ හැසිරීම එතරම් යහපත් නොවීම නිසාවෙනි. 

ශ්‍රී ලාංකිකයෙකුට එවරස්ට් ප්‍රිමියර් ලීග් වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට සූදානම්ව සිටී.

මේ නිසා තම ක්‍රීඩකයන්ට “සංස්කෘතික සංවේදීතා පුහුණුවක්” ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. තම ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම “බලවත් ලෙස කළකිරවන සුළු” ලෙස හැඳින්වීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිනි. ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර සිදුවූ මෙම සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත ද දන්වා ඇත.  

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ මෙම සිදුවීම වාර්තා වූයේ එම කණ්ඩායමේ පිතිකරුවෙකු වන ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ඉන්දීය කණ්ඩායම සමඟින් පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට පෙර “Quarter Final here we come” යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ පළකිරීමෙන් පසුවය. එම ඡායාරූපය සඳහා ඔහුගේ කණ්ඩායම් සගයන් වූ ඔලිවර් ඩේවිස් සහ ලියම් ස්කොට් ප්‍රතිචාර දක්වා තිබිනි. එම පිළිතුරු සැපයීම ස්වදේශීය නොවන ඉංග්‍රීසි කථිකයින්ට සරදම් කිරීමක් ලෙස අර්ථ දැක්වීමට බොහෝදෙනා පෙළඹී තිබිනි. 

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක ප්‍රධානී ශේන් කැරොල් මහතා පවසා සිටියේ මෙම “නුසුදුසු භාෂා භාවිතය” පිළිගත් නොහැකි බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටියේ ඔවුන් භාවිතා කළ භාෂාව ස්වදේශික නොවන ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන පුද්ගලයන්ට කරන අපහාසයක් බවයි. 

සංගා ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් නැවතත් ගාල්ලට

කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය සහ Specsavers County……..

“මම ඒ ක්‍රීඩකයන්ට කතා කළා. එවැනි භාෂාවට සමාජයේ කිසිඳු ස්ථානයක් නොමැති බවත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වශයෙන් අප අපේක්ෂා කරන ප්‍රමිතීන්ට එය නොගැලපෙන බවත් මම ඔවුන්ට පැහැදිලි කළා. ක්‍රීඩකයන් ඒ පිළිබඳව වටහාගත්තා. ඒ වගේම ඔවුන් ඒ ප්‍රකාශය ඉවත්කරගත්තා.” 

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අධ්‍යාපනය සහ සංස්කෘතික සංවේදීතා පුහුණුව ඇතුළුව සම්බාධක කීපයක් පිළිබඳව සලකා බලා ඇත. 

“බොහෝ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දෙමව්පියන් දකුණු අප්‍රිකාවේ ඔවුන් සමඟ නොසිටින අතර ඔවුන්ගෙන් සමහරක් බාල වයස්කරුවන්” ඔහු පැවසීය.  

“ඒ නිසා ඔවුන් ආපසු සිය රටට පැමිණීමෙන් පසු සම්බාධක සලකා බැලීම සුදුසු යැයි අපි විශ්වාස කරනවා.” 

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජනවාරි මස 17 වනදා ආරම්භ වූ අතර එය පෙබරවාරි 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට ඔවුන්ගේ තරග තුනෙන් දෙකක් ජයගෙන තිබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<