ගෙවුනු දවස අගෝස්තු 11 – නිලූකට අසුභ පෙරනිමිති

294
ගෙවුනු දවස

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔ sබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

17න් පහල ඊයේ පැවති තරග

අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ එක්දින තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වෙයි. ඊට අදාලව ඊයේ දිනයේ පැවති තරග වලදී කොළඹ ආනන්ද, D. S. සේනානායක සහ බම්බලපිටිය ශා. පීතර යන විදුහල් ජය වාර්තා කරන ලදී.

ලකුණු පුවරුව :

ආනන්ද විද්‍යාලය – සියල්ලන් දැවී – 187 (50) : අසෙල් සිගේරා – 45, දුශාන් හෙට්ටිගේ -32, සචින්ත චමිත් – 3/24, උෂාන් මලිත් – 3/38

ගුරුකුල විද්‍යාලය – සියල්ලන් දැවී – 98 (28) : ලසිඳු අරෝෂ – 37, සනත් දසනායක – 4/13, අසෙල් සිගේරා – 2/16, ශමාල් හිරුශාන් – 2/24

වේල්ස් කුමර විද්‍යාලය – 214/8 (50):  ශමිඳු විරාජ් – 70, රවිඳු ලෝචන – 54, ප්‍රින්ස් ප්‍රනාන්දු – 38, සචින් සිල්වා – 2/27, සන්තුෂ් ගුණතිලක – 1/31

ශා. පීතර විද්‍යාලය – 218/7 (48.3) :  සචින් සිල්වා – 82, දිනිත් සංජුල – 38, රවීන් පීරිස් – 3/26, රවිඳු ජනිත් – 2/32

දේවපතිරාජ විද්‍යාලය – සියල්ලන් දැවී – 146 (40) : තිසර දිල්ශාන් –  29, රවීන් යසස් – 29, මුදිත ලක්ෂාන් – 3/06, යසිත් සමරදිවාකර – 3/18, පසිඳු ආදිත්‍ය – 2/36

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 150/3 (39): මුදිත ලක්ෂාන් – 51*, විහාන් ගුණසේකර – 54*, චාමිකර ජයශාන් – 24, මලිත් මධුශංක – 2/32

සම්පූර්ණ ලිපිය: ආනන්ද – ඩී. එස්. – ශා. පීතර ඉදිරියට


රියෝ ඔලිම්පික් 2016

නිලූකට පළමු තරගයෙන් පරාජය

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් බැඩ්මින්ටන් තරග බිමට පිවිසි නිලූක කරුණාරත්න හටත් පළමු තරගයෙන්ම පරාජය වැලඳ ගන්නට සිදුවිය.

පසුගිය වසර දෙකේදීම නොකඩවා බැඩ්මින්ටන් ලෝක ශූරතාවට හිමිකම් කියූ චීනයේ ලොං චෙන් පළමු වටයේ පළමු තරගයේ දීම නිලූකගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ නිලූක වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ මෙවර ඔලිම්පික් උළෙලට එක්වීම හේතුවෙනි.

මේ තරගයේ පළමු වටයේ සියලු ගෞරව දිනාගත් චෙන් ලකුණු 07 -21ක් ලෙස පහසුවෙන් නිලූකව පරාජය කරන්නට සමත් විය. තම පිරිනැමීමෙන් ලකුණු ලබාගන්නට නිලුක අපොහොසත් වූ අතර ඔහුගේ පිරිනැමීම් 7න් 6කදීම ලකුණු ලබා ගත්තේ චීන ක්‍රීඩකයායි.

සම්පූර්ණ ලිපිය: පළමු තරගයෙන් නිලූක පරාජය වෙයි

දවසේ නිමාව