මෙන්ඩිස්, මේක තමයි වෙලාව

953

“මේක නවතින්න ඕන. ඔහු එනවා ඒත් එක්කම ඔහු යනවා. මොකක්ද මේකේ අරමුණ?”

“ඔහු සෑමවිටම අසාර්ථක නෑ. තරග දෙකක් පමණයි. ඔහු තරගාවලියේ ඉතිරි තරගවල දී දස්කම් දක්වාවි.”

“අපි කොච්චර කල් මේක කරනවා ද. ඔහු එක්දින තරග 50කට වැඩියෙන් ක්‍රීඩා කරලා තියනවා. ඒත් ඔහු සාර්ථක නෑ. ඔහුව ඉවත් කළ යුතුයි.”

“ඔහුට තවමත් 24යි. ඔහුට වෙලාව දෙන්න.”

මේ දෙදෙනෙකු අතර සිදු වූ කතාබහක් නොවේ. මේ සියලු ක්‍රීඩාලෝලීන් කුසල් මෙන්ඩිස් ගැන දක්වන අදහස්ය.

කුසල් මෙන්ඩිස් ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවති තරග දෙකේ දී මුහුණ දී ඇත්තේ පන්දු 3කට පමණි. ඔහුගේ අසාර්ථකත්වය මැදපෙළ පිතිකරුවන් වෙත ඍජුවම බලපාන සාධකයක් වී ඇත. ශ්‍රී ලංකාව පසුගිය තරගවල දී දක්වා ඇති අසාර්ථකත්වය මගහරවා ගැනීමට මෙම අඩුපාඩු සියල්ල නිවැරදි කරගත යුතුමය.

Video – ලෝක කුසලානයේ තණතීරු ගැන අපි සතුටු නැහැ – අසන්ත ද මෙල්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා තේරීම් කමිටුවේ…

2016 වන විට කුසල් මෙන්ඩිස් මැදපෙළ පිතිකරණයේ නැතුවම බැරි ක්‍රීඩකයෙක්ව සිටි අතර ඒ ඔහුගේ ප්‍රබලම අවධිය ලෙස සැලකේ.

“මම ඔහුව දැක්කා. ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු ‍යවන්නන් හමුවේ ඔහුගේ පිතිකරණය සැබවින්ම විශිෂ්ටයි. මම ඒ වයසේ ඉද්දී ඒ වගේ ක්‍රීඩා කරන එක මගේ හීනයක්.” – කුමාර් සංගක්කාර

“මම ප්‍රතිවාදී පුහුණුකරුවෙක් විදිහට මෙහෙම කියන්න හොඳ නෑ, නමුත් කුසල්ගේ ඉනිම බැලිය යුතුම එකක්. ඒක අපේ ක්‍රීඩකයන්ට බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන ඉනිමක්” – ඩැරන් ලෙහ්මාන්

මේ කුසල් මෙන්ඩිස් 2016 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 176 පිළිබඳව කුමාර් සංගක්කාර හා ඩැරන් ලෙහ්මාන් දැක්වූ අදහස්‍ ය. එම තරගයේ දී කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 60 සීමාව ඉක්මවා යා නොහැකි වූ අතර ඒ වන විට 21 හැවිරිදි කුසල් ශ්‍රී ලංකා ඓතිහාසික ජයග්‍රහණයකට ශ්‍රී ලංකාව කැඳවා ගෙන ගියේය. එමගින් තරගාවලියේ දිශානතිය වෙනස් කිරීමට සමත් වූ කුසල් මෙන්ඩිස් තරගාවලිය තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අඩිතාලම දැම්මේය.

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනා තවමත් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට සමත්වේ යැයි විශ්වාස කරයි. එහි වැරැද්දක් නැත. පාසල් ක්‍රීඩකයෙකුව සිටිය කාලයේ පටන් කැපී පෙනෙන දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර තලයේ ද කැපී පෙනෙන දස්කම් දක්වමින් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් විය.

දිමුත් කැන්ගරුවන්ට එරෙහිව පන්දු යැවීම තෝරා ගනී

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත්…

2013 වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය දිනා ගත් කුසල් 2014 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය හිමිකරගත්තේය. වයස අවුරුදු 20 දී ජාතික කණ්ඩායමට එක්වන කුසල් මෙන්ඩිස් ඒ වන විට ක්‍රීඩා කර තිබුණේ පළමු පෙළ තරග 16ක් පමණි.

කුසල් මෙන්ඩිස් යනු විශාල පහරවල් වලට යා හැකි ක්‍රීඩකයෙක් නොවන නමුත් ඉතා විශිෂ්ට ලෙස පන්දුව හයේ සීමාවෙන් එපිට පතිත කිරීමට සමත්වන්නේ ඔහු සතු සහජ දක්ශතාවයෙනි.

කුසල් මෙන්ඩිස්ගේ pull පහර ඕනෑම පන්දු ‍යවන්නෙකු අභියෝගයට ලක් කිරීමට සමත් වේ.

එක්දින වරම් දිනාගෙන වසර 4ක් ගතවී ඇති නමුත් කුසල් මෙන්ඩිස් තම වගකීම හරිහැටි ඉෂ්ට කරන්නේ දැයි ගැටලුවක් මතුව ඇත. ඔහුව කණ්ඩායමේ තබා ගැනීමේ තීරණයට ඔහු ඉටු කරන සාධාරණය ප්‍රශ්නාර්ථයකි. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය විසින් කුසල් මෙන්ඩිස්ට එල්ල කරන උපහාස වල අඩුවක් නැත. ෆේස්බුක් හා ට්වීටර් මගින් ඔහුට එල්ල කරන උපහාස තරමක වේදනාකාරීය.

කුසල් මෙන්ඩිස් මේ දක්වා එක්දින තරග 65කට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ ලකුණු සාමාන්‍යය 27.77කි. ටෙස්ට් තරග 38ක දී ඔහු ලකුණු සාමාන්‍ය 36.65ක් රඳවා ගැනීමට සමත්ව ඇත. පිතිකරණයේ 3, 4 ස්ථානවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුගෙන් මීට වඩා දෙයක් කණ්ඩායමට ලැබිය යුතුමය.

2003 ලෝක කුසලානයේ දී මහේල ජයවර්ධන මෙවැනිම අසාර්ථක අවධියක් පසුකළ අතර තරග 7ක දී ඔහු ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 21කි. සනත් ජයසූරිය, මාවන් අතපත්තු, හශාන් තිලකරත්න හා අරවින්ද ද සිල්වා එම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා ගෙන ඒමට සමත් විය. ජයග්‍රහණය කරන තරගවල දී අසාර්ථක වූවත් එය එතරම් අවධානයක් හිමිකර නොගත්ත ද පරාජය වන තරගවල දී අසාර්ථක වීම සෑම දෙනාගේම අවධානය දිනා ගැනීමට සමත් වේ.

ජෝ රූට්ගේ දස්කම් හමුවේ කොදෙව්වෝ පසු බසිති!

2019 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්…

නමුත් සැබවින්ම මෙන්ඩිස් අසාර්ථක ද? කුසල් මෙන්ඩිස් තරගාවලියේ පළමු තරග දෙකම අසාර්ථක වුවද තරගාවලියට පෙර ඔහු එක්දින තරග 6ක දී අර්ධ ශතක 3ක් වාර්තා කර ඇත. ඉන් දෙකක් දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී ම ලබා ගැනීම විශේෂත්වයකි. කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතාවය අනුමාන කළ නොහැක. ඔහු තනි පාකිස්තාන කණ්ඩායම වැනිය. දිනක ඔහු අසාර්ථක වුවත් මීළඟ තරගයේ දී ඔහු ප්‍රතිවාදීන්ගේ ප්‍රබලම අභියෝගය වනු ඇත. ඔහුගේ ස්ථාවරත්වයේ ඇති අඩුපාඩු නිසා ඔහුව දුර්වල ලෙස සැලකීමට බොහෝ දෙනා පෙළඹී ඇත.

මෙන්ඩිස්ගේ පරම්පරාවේ අන් ක්‍රීඩකයන් සැලකූ විට මෙන්ඩිස් තරමක අසාර්ථකත්වයක් පෙන්වයි.

ක්‍රීඩකයා වයස එක්දින පිතිකරණ සාමාන්‍යය
ඉමාම් උල් හක් 23 57.15
බාබර් අසාම් 24 50.96
ශායි හෝප් 25 50.56
ශ්‍ශිම්‍රන් හේට්මයර් 22 40.30
මොසදික් හේට්මයර් 23 31.33
ඇන්ඩිල් ෆෙලුක්වායෝ 23 30.12
එයිඩන් මාක්‍රම් 24 28.20
කුසල් මෙන්ඩිස් 24 27.77

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පසුවන තත්වය අනුව ඔවුන්ට ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් තවදුරටත් අසාර්ථක වීම් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස් වෙනුවෙන් කර ඇති ආයෝජනය ඉතා විශාලය. ඔහුගේ ස්ථානයට වෙනත් ආදේශකයක් ද නොමැත. කුසල් මෙන්ඩිස් තවදුරටත් අසාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් හිසරදයක් වනු ඇත.

කුසල් මෙන්ඩිස් තම රිද්මය හරිහැටි පවත්වා ගතහොත් එය ශ්‍රී ලංකාවේ වාසනාව වනු ඇත. මොරටුවෙන් බිහි වූ අතිදක්ෂ ක්‍රීඩකයන් වන රොමේෂ් කළුවිතාරණ, ප්‍රසන්න ජයවර්ධන, ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ කුසල් මෙන්ඩිස්ගේ නම ද සටහන් වනු නොඅනුමානය. කුසල් මෙන්ඩිස් මෙරට ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරනු ඇතැයි තවමත් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තුව වී ඇත.

The curious case of Kusal Mendis – ලිපියේ සිංහල පරිවර්තනයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<