කම්මැලි තරගයක පසු විපරම

166

ලිවර්පූල් කණ්ඩායම පසුගිය ඉරිදා සිය 6 වන ශූරයින්ගේ ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ගෝල 2–0 ක් ලෙස එතරම් උණුසුම් නොවන තරගයකින් ටොටන්හැම් කණ්ඩායම පරාජය කරමින්.

හයවැනි වරටත් යුරෝපීය ශූරයෝ ලිවර්පූල්

යුරෝපීය පාපන්දුවේ වාර්ෂික මෞලි මංගල්‍යය වන UEFA ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (01) එංගලන්තයේ…….

මෙම ලිපිය ශූරයින්ගේ ලීග් අවසන් මහා තරගයේ දක්නට ලැබුනු සුවිශේෂ කරුණු හතරක් පිළිබඳව AFP පුවත් සේවය තැබූ සටහනකි.

වැදගත් තරගයක් සඳහා හොඳම තුරුම්පුව – Divock Origi

Divock Origi ලිවර්පූල් කණ්ඩායමේ ස්ථිර පළමු පෙළ ස්ථාන තුනේ සාමාජිකයෙක් නොවුනත් ඉතා වැදගත් තරග වලදී ලිවර්පූල් කණ්ඩායමට ඔහු ලබා දුන් දායකත්වය ඉතා විශාලයි.

Divock Origi තරගාවලිය පුරා වැදගත්ම අවස්ථාවල ගෝල දෙකක් වාර්තා කරගෙන තිබුනේ ලිවර්පූල් කණ්ඩායමේ වැදගත්ම ජයග්‍රහණයන් 02ක කොටස්කාරයෙක් බවට පත් වෙමින්. බාසිලෝනා කණ්ඩායම සමඟ පැවති අවසන් පූර්ව තරගය ගෝල 3-0 ක් ලෙස පසුපසින් සිටි ලිවර්පූල් කණ්ඩායම ඔවුන් හඹා ගොස් ජයගත් අතර තරගයේ අවසාන මිනිත්තු තුනේ ආදේශක ක්‍රීඩකයෙක් ලෙස පැමිණ ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ඔහුයි. ටොටන්හැම් කණ්ඩායමට එරෙහි තරගයේ අවසන් ගෝලය වාර්තා කරමින් ලිවර්පූල් කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කළේ ද ඔහුයි.

Joël Matip ගෙන් පන්දුව ලබා ගන්නා 24 හැවිරිදි Divock Origi අලංකාර ලෙස ගෝලයක් වාර්තා කළේ එතරම් උණුසුමක් නොතිබුනු අවසන් මහා තරගයේ එකම උද්වේගකර අවස්ථාව වාර්තා සනිටුහන් කරමින්.

එංගලන්ත කණ්ඩායම් දෙක අතර තරගය උණුසුමෙන් තොර වේ.

කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයන් වල ඉතා සුපිරි ජයග්‍රහණ වාර්තා කළ නිසා ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූයේ ඉතා උණුසුම් තරගයක්. නමුත් සති තුනකට පෙර එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමා කළ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පළමු අර්ධය පුරාම එතරම් දස්කම් දක්වන්නට අසමත් වූයේ ඒ වනවිට ක්‍රීඩාංගණයේ තිබූ අධික උෂ්ණත්වය නිසා විය හැකි බව තතු දන්නෝ පවසති.

2018-19 යුරෝපයේ වැඩිම ගෝල ලාභියෝ

ලොව තරගකාරීම පාපන්දු ලීග් තරගාවලි ක්‍රියාත්මක වන යුරෝපා මහාද්වීපය, දකුණු ඇමරිකානු මහාද්වීපය මෙන්ම පාපන්දු උන්මාදයෙන් පෙළෙනවා.

මේ තරගය ලිවර්පූල් කණ්ඩායම මෙම තරගවාරයේ ක්‍රීඩා කළ අසාර්ථකම තරගයක් වූයේ තරගය පුරා ඔවුන් නිසි ඉලක්කගත ප්‍රහාර සටහන් කර තිබුනේ අවස්ථා තුනකදී පමණක් නිසයි. ඉන් එක අවස්තාවක් වූයේ මොහොමඩ් සලාහ් වාර්තා කළ දඬුවම් පහර වූ අතර අනෙක වූයේ Divock Origi වාර්තා කළ ගෝලයයි.

කණ්ඩායම් දෙක අතුරින් වැඩිම වතාවක් උත්සාහ කළ කණ්ඩායම වූයේ ටොටන්හැම් කණ්ඩායමයි. නමුත් ඔවුන් වාර්තා කළේ එකම ඉලක්කගත අවාස්තාවක් වූ අතර Alisson Becker පහසුවෙන් එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට සමත් වුනා.

පුහුණුකරු Pochettino ගේ ක්‍රීඩක හුවමාරුව වරදියි.

ටොටන්හැම් පුහුණුකරු Mauricio Pochettino තීරණය කර තිබුනේ අවසන් පූර්ව වටයේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ Lucas Moura වෙනුවට එංගලන්ත නායක Harry Kane යොදා තරගය ආරම්භ කිරීමටයි. Harry Kane ආබාධයක් නිසා පසුගිය අප්‍රේල් මාසයේ සිට කණ්ඩායමේ ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්.

ලබන සතියේ පැවැත්වෙන Nations League තරගාවලිය සඳහා Gareth Southgate විසින් 23 දෙනෙකුගේ සමන්විත එංගලන්ත සංචිතයට Harry Kane ව නම් කර තිබූ අතර Virgil van Dijk ඔහුව සම්පූර්ණයෙන් මර්ධනය කිරීමට සමත් වුනා.  

25 හැවිරිදි Harry Kane, Lucas Moura සමඟ එක්ව දෙවන අර්ධයේදී යම් ප්‍රහාරයන් දියත් කරන්නට සමත් වුනත් තරගයේ තීරණය වෙනස් කරන්නට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැත.

නේමාර්ට තවත් අකරතැබ්බයක්

බ්‍රසීලයේ හා PARIS SAINT GERMAIN කණ්ඩායම් වල ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන නේමාර් ද සිල්වාට තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ ප්‍රංශයේ පැරිස් හි හෝටලයක දී…….

Salah පළිය ගනී.

පසුගිය වසරේ ශූරයින්ගේ ලීග් අවසන් මහා තරගයේදී තරගාරම්භයෙන් පැය භාගයකට පසු Mohamed Salah කඳුලු සලමින් පිටියෙන් ඉවත් වූයේ Sergio Ramos සමඟ ඇතිවූ ඝට්ටනයක් නිසා ආබාධයකට ලක් වීමෙන්. පසුව රියාල් මැඩ්රිඩ් කණ්ඩායම එම තරගය ජයගෙන යුරෝපීය ශූරයින් බවට පත් වූයේ ගෝල 3-1 ක් ලෙසයි.

මෙවර මුළු තරගවාරය පුරාම ගෝල 27 ක් රැස්කර ගෙන සිටි Mohamed Salah පසුගිය වසරේ අමිහිරි මතක සෝදා දැමුවේ තරගයේ දෙවන මිනිත්තුවේදී ශූරයින්ගේ ලීග් කුසලානයේ දෙවන වේගවත්ම ගෝලය වාර්තා කරමින්. ඒ ලැබුනු දඬුවම් පහරක් අලංකාර ලෙස සාර්ථක කර ගනිමින්.

එම ගෝලය නිසාම තරගය ආරම්භයේදීම ලිවර්පූල් කණ්ඩායමට ප්‍රබල වාසියක් හිමි වූ අතර අවසන් මිනිත්තුවේදී Origi ජයග්‍රහණයට අවසන් ඇණයත් ගසන්නට සමත් වුනා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<