නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා වඩාත් ඉදිරියෙන් සිටින කණ්ඩායම වශයෙන් අවිවාදයෙන් තොරවම හැඳින්විය හැක්කේ සත්කාරක ඕස්ට්‍රේලියාවයි.
වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙස ඔවුන් මෙවර තරගාවලියට එක්වන්නේ තම නිජබිමේ දී යළිත් කිරුළක පහස විඳගැනීමේ අදිටනිනි.
කෙසේ නමුත් ඔවුන් පසුගිය ඉන්දීය තරගාවලිය නිමා කළේ 2-1ක පරාජයක් අත්කර ගැනීමට සිදු වෙමින්. නමුත් ඉන්පසුව කොදෙව්වන්ට එරෙහිව පැවති තරගාවලිය 2-0ක් වශයෙන් ජය ගැනීමට ඔවුන් සමත් වුනා.

වත්මන් විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුලතම ආරම්භක පිතිකරුවන් වන David Warner සහ Aaron Finch ඔවුන් සතු සතු වීම ඕස්ට්‍රේලියාවට මහත් අස්වැසිල්ලකි. ඒ ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ දරුණුතම හිසරදයක් බවට ඔවුන් යුගලය පත් වී ඇති බැවින්.

අංක 4 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරන්නේ ආක්‍රමණශීලී පිතිකරුවෙකු වන Glenn Maxwell ය. වත්මන් ක්‍රිකට් පිටියේ අතිශයින්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි Maxwell තරගයක් සම්පූර්ණයෙන්ම කණපිට ගැසිය හැකි ක්‍රීඩකයෙක්.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන Maxwell දකුණත් පිට දඟපන්දු යවන්නෙකු වශයෙන් ද කටයුතු කරනු ලබයි. කෙසේ නමුත් වර්තමානයේ ඔහු සිටින්නේ තරමක් පසුබෑමක යන කාරණය ද මෙහි දී සඳහන් කළ යුතු ය.
අංක 5 ස්ථානය හිමිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ පිතිකරු Steve Smith හටයි. අත්දැකීම් බහුලතම පිතිකරුවෙකු වන Smith බොහෝ විට ඕස්ට්‍රේලියානු පිතිකරණයේ නැංගුරම බවට පත්වේ. ඉනිමක් ගොඩනැගිය හැකි ස්ථාවර පිතිකරණයක් ඔවුන් අපේක්ෂා ක්රන්නේ Smithගෙනි.
මෙම සංයුතියේ නිත්‍ය කඩුලු රකින්නා වන්නේ තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Mathew Wade ය. ප්‍රවේගකාරී පිතිකරුවෙකු වශයෙන් අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරන ඔහු වර්තමාන රිද්මය අතින් ඉදිරියෙන් ම සිටින්නේ නිමා වූ ඉන්දීය තරගාවලියේ දැක්වූ සුවිශේෂී දක්ෂතා ද සමඟින්.

ගියවර තරගාවලියට ක්‍රීඩා කළ ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු සංයුතියේ මෙන්ම මෙවර ද 7-4ක සංයුතියක් සමඟ ඔවුන් ක්‍රීඩා කරන්නේ ප්‍රධාන පන්දු යවන්නන් 4 දෙනාට අමතරව තවත් පන්දු යැවීමේ විකල්ප 3ක් සමඟිනි. ඒ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන Maxwell, Mitchell Marsh හා Stoinis තිදෙනායි.
මීට අමතරව සංචිතයේ සිටින අනෙක් විශේෂඥ පිතිකරුවා වන්නේ ප්‍රහාරාත්මක පිතිකරු Tim David ය. මීට පෙර සිංගප්පූරු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත්තේ නිමා වූ ඉන්දීය සංචාරයේ දී ය.
මොවුන් සියලු දෙනාම ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලි වල ද කැපී පෙනෙන දස්කම් දැක්වූ පිතිකරුවන් ය.

- අඩසියවසක එක්දින තරග ආකෘතියේ යුග තුනක වෙනස
- වසර 15කට පසු යළිත් T20 කිරුළකට පෙරගමන් යන ඉන්දියානුවෝ
- දෙවැනි වරටත් ශූරතාවයක පහස පතන හිරු නොබසින අධිරාජ්‍යය
- විස්සයි විස්ස කිරුළේ වඩාත් අනපේක්ෂිත කණ්ඩායම – පාකිස්තානය
- වැටුණු තැනින් යළි නැඟීසිටීමට බංගලියන්ට හැකි වේවි ද?
මේ අනුව කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක Adam Zampa කටයුතු කරනු ඇත. ඔහු තරග දිනවිය හැකි පන්දු යවන්නෙක් වශයෙන් හැඳින්වීමේ කිසිඳු වරදක් නැත.
ඔහුට අමතරව සංචිතයේ සිටින අනෙක් ප්‍රධාන දඟපන්දු යවන්නා වන්නේ Ashton Agar ය. ඔහු වමත් orthodox පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
වේගපන්දු බලඇණියේ මූලිකත්වය සුපුරුදු පරිදී හිමිව ඇත්තේ Mitchell Starcටයි. වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Starc නව පන්දුවෙන් මෙන්ම ඉනිමේ අග භාගයේ පන්දු යැවීමෙන් ද (death bowling) සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරනු ලබයි. නමුත් වර්තමානයේ දී ඔහු සුපුරුදු රිද්මයේ නොසිටීම ඔහුගේ සෘණාත්මක කරුණක් වශයෙන් සඳහන් කළ හැක.

වේගපන්දු බලඇණියේ තෙවැනි වේගපන්දු යවන්නාගේ ස්ථානය (first-change bowler) නිත්‍ය වශයෙන්ම උපනායක Pat Cumminsට හිමිව ඇත. වර්තමානයේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වශයෙන් සැලකෙන Cummins අමතර වේගයක් සහිත අධිවේගී පන්දු යවන්නෙකි. ඊට අමතරව අවශ්‍ය විටෙක පිතිකරණ අංශයෙන් ද ඔහු කණ්ඩායම තම සේවය ලබා දෙයි. ඒ අංක 8 පිතිකරුවා වශයෙනි.
ඔවුන් තිදෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන්නේ Kane Richardson ය.

මව්බිමේ වේග තණතිලි වල වාසියත්, ඔවුන්ගේ නිජබිමේදි මේ දක්වා ඔවුන් තම අණසක පතුරවා තිබීමත්, ගියවර ශූරයින් ලෙස මෙවර තරගාවලියට එක්වීම සමඟ එක්වන ජයග්‍රාහී මානසිකයත්වයත් යන කරුණු කාරණා සියල්ල එකට සම්මිශ්‍රණය කළ විට මෙවර විස්සයි විස්ස කිරුළ ජය ගැනීම සඳහා ඉදිරියෙන් ම සිටින කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියානුවන් ලෙස නිසැකවම නම් කළ හැක.
ඒ සියල්ල සමඟින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානුවන් ප්‍රවිෂ්ට වන්නේ කෙසේදැයි අප අවදියෙන් බලා සිටිමු.
ඕස්ට්‍රේලියානු සංචිතය: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















