මැලේසියානු කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්

260

වෙහෙසට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් වෙහෙසට පත්කරමින් දෙවන අර්ධයේ ගෝල හතරක් වාර්තා කරමින් ගෝල 4-1ක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අසරණ කරන්නට මලයාසියානු ක්‍රීඩකයින් ඊයේ (12) සමත් විය. ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර පැවති මෙම  ජාත්‍යන්තර සුහද තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද පාපන්දු තරගයක් ළඟදීම

ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 12 වැනිදා කොළඹ සුගතදාස…

නව ශ්‍රී ලංකා පුහුණුකරු නසීම් පකීර් අලී මහතාගේ පුහුණුකාරිත්වයෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නිමා වූ 2018 SAFF සුසුකි කුසලානයේ දී යම්කිසි දක්ෂතාවයක් පෙන්වූයේ ඉන්දියාව සමඟ තරගය ගෝල 2-0ක් ලෙස හා මලයාසියාව සමඟ තරගය ගෝල 0-0ක් ලෙස තරග අවසන් කර ගනිමිනි. තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වුණු සුහද තරගයක දී ඔවුන් බංගලාදේශය ගෝල 1-0 ක් ලෙස පරාජය කරන්නට සමත් විය.

අවසන් වරට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 171 වන ස්ථානයේ සිටි මලයාසියාව ශ්‍රී ලංකාව (199) හමුවූයේ 2012 වසරේ දී වන අතර එහි දී මලයාසියාව ශ්‍රී ලංකාවට ගෝල 6-0ක අමිහිරි පරාජයක් අත් කර දීමට සමත් විය. ඊට වසර පහකට පෙර 2007 දී එවකට ආසියාව හෙල්ලූ ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-1ක් ලෙස මලයාසියාව පරාජය කිරීමට සමත් විය.

නව අත්හදා බැලීම් රැසක් සමඟින් පිටියට පිවිසුණු මලයාසියානු කණ්ඩායම කෙතරම් උත්සහ කළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔවුන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදුන්නේ ප්‍රබල ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වෙමිනි.

ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ වැටේ

16න් පහළ ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තවත් තරගයකට…

කෙමෙන් කෙමෙන් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මැලේසියානු අර්ධයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර කවිඳු ඉශාන්ගේ නුවණක්කාර පන්දු හැසිරවීමක් අසේල මධුශාන් දක්ෂ ලෙස ගෝල රකින්නා නොසිටි දැල වෙත යොමු කළේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. මේ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායකව සිටි අසේලගේ පළමු ජාත්‍යන්තර ගෝලයයි.

මලයාසියාව කෙතරම් උත්සහ කළත් සුපිරි ගෝල රැකීමක නිරත වූ සුජාන් පෙරේරා ඔවුන්ගේ අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 01 00 මලයාසියාව 

දෙවන අර්ධයේ දී කණ්ඩායමේ වෙනසක් කරමින් මලයාසියානු පුහුණුකරු සිය මංගල තරගයට ක්‍රීඩා කරන නවක ක්‍රීඩක Mahamadou Sumareh කණ්ඩායමට එක් කළේය .ශ්‍රී ලංකාවේ සුපිරි ආරම්භය සුනුවිසුනු කරමින් ඔහු සම්පූර්ණයෙන්ම තරගය මලයාසියාව දෙසට හැර වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමමිනි.

Sumarehගේ හරස් පන්දු යොමු කිරීමක් සුජාන් නිසි ලෙස ග්‍රහණය කර ගැනීමට අසමත් වීමත් සමඟ Norshahrul ඉතා පහසුවෙන් පන්දුව දැල තුලට යොමු කළේ තරගයේ පළමු මැලේසියානු ගෝලය ලෙසයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

Syazwan Andikගේ ‘Corner’ පන්දු යොමු කිරීමක් Adam Nor Azlin දක්ෂ ලෙස සිය හිසෙන් දැල වෙත යොමු කරමින් තරගයේ පෙරමුණ ගනිද්දී නැවතත් ක්‍රියාත්මක වුණු Sumarehගේ ප්‍රහාරයක් ශ්‍රී ලංකා ක්‍රීඩක ඩක්සන් පියුස්ලාස්ගේ පාදයේ වැදී ගෝල රකින්නාට ඉහළින් දැල් තුලට ගියේ මිනිත්තු කිහිපයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසට ඇද දමමිනි.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී තමන්ගේ නමට ගෝලයක් ලියවා ගන්නට Sumareh සමත් වූයේ වෙහෙසට පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සම්පූර්ණයෙන්ම තරගය උදුරා ගනිමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව එතරම් හොඳ මට්ටමක නොතිබුණු අතර ප්‍රබල අතිරේක ක්‍රීඩකයින් ද නොසිටීම මේ පරාජයට ප්‍රධානතම හේතුව විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 01 04  මලයාසියාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව – අසේල මධුශාන් 29’
  • මැලේසියාව – Norshahrul Talaha 65’, Adam Nor Azlin 76’, ඩක්සන් පියුස්ලාස් (OG) 85’, Mahamadou Sumareh 90+1’

*ඉහත ගෝල වාර්තා කළ මිනිත්තු මදක් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<