ඔලිම්පික් කමිටු ප්‍රධානියාගෙන් ශ්‍රී ලාංකිකයෙකුට පැසසුම්

280

නිමා වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ කටයුතු කළ සුජීව විජේනායක මහතා ක්‍රීඩා උළෙලෙන් පසු ඔලිම්පික් කමිටු ප්‍රධානී Thomas Bach සහ බේස්බෝල් කමිටු ප්‍රධානී Rob Manfred හමුව තිබුණා.

ඔලිම්පික් උළෙලේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ සුජීවගේ රාජකාරිය ඇගයීමකට ලක් කරමින් ඔහුට විශේෂ පදක්කම් පිරිනමා සිටියා.

එම විශේෂ පදක්කම්

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා සුජීව වීම ද විශේෂත්වයක්.

තවත් ක්රීඩා පුවත් කියවන්න

මෙවර ඔලිම්පික් උළෙලේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් තරග සාර්ථකව පවත්වා නිමා කිරීමට සුජීව විශාල සේවාවක් ඉටු කළ අතර මෙවර ඔලිම්පික් උළෙලේ බේස්බෝල් තරග සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දුවක් භාවිතා කිරීම ද කැපී පෙනුණා.

ජපානයේ වාසය කරන සුජීව මේ වන විට ඔලිම්පික් උළෙලේ කටයුතු අවසන් කරමින් ඇති අතර ඔහු මෙම මස 24 වැනිදා ආරම්භ වන පැරාලිම්පික් උළෙල සඳහා සිය සේවාව ලබා දීමට සූදානම් බව වාර්තා වේ.

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<