23න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට ලංකාවත්

206

2018 චීනයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි. මෙය පසුගිය සිකුරාදා මැලේසියාවේ ක්වාලා ලාම්පූර් නුවර ආසියානු පාපන්දු සම්මේලන නිල නිවසේ දී නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි. ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 39ක් මෙම තරගාවලියේ දී ස්ථානයක් ලබා ගැනීමට තරග වදිනු ඇත.

චැම්පියන්ස් ලීග් වැඩ්ඩන්ට, පොඩ්ඩන්ගෙන් පාඩමක්

2016 ඩයලොග් චැම්පියන්ස් ලීග් ශූර කොළඹ පාපන්දු සමාජයට සහ අනු ශූර රිනවුන් ක්‍රීඩා සමාජයට නොසිතූ අභියෝගයක් එල්ල කරමින් සිටි පාපන්දු ලීග් ජනාධිපති කුසලාන තරගාවලියේ…

මෙම සුදුසුකම් ලැබීමේ වටය කලාප දෙකක් යටතේ පැවැත් වේ. බටහිර කලාපයට – බටහිර, දකුණු සහ මධ්‍යම ආසියානු රටවල් ඇතුළත් වන අතර නැගෙනහිර කලාපය යටතේ – නැගෙනහිර සහ ASEAN රටවල් තරග වදිනු ඇත. මෙම කලාප දෙකටම කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 5ක් යටතේ කණ්ඩායම් 20 බැගින් බෙදා ඇත. ශ්‍රී ලංකාව තරග වදින A කාණ්ඩයේ ශ්‍රී ලංකාව, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඕමානය සහ කිරිගිස් ජනරජය එකිනෙකා හා ගැටෙනු ඇත. මෙහි දී එක් එක් කාණ්ඩය ජය ගන්නා කණ්ඩායම් 10 සහ දෙවන ස්ථානයට පත්වන හොඳම කණ්ඩායම් 5 අවසන් වටයට සුදුසුකම් ලබයි. මෙම සුදුසුකම් ලැබීමේ තරග මෙම වසරේ ජුලි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා කිරිගිස් ජනරජය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පලස්තීනය, මියන්මාරය, කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව, තායිලන්තය සහ මහජන චීනය යන සත්කාරක දේශයන් හිදී පැවැත්වීමට නියමිතය.

චීනය සත්කාරක දේශය බැවින් නිතරගයෙන් අවසන් වටයට තේරී පත්වුන ද, ඔවුන් ද සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට තීරණය කොට තිබේ. එම නිසා යම් හෙයකින් චීනය ඔවුන් තරග වදින කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට හෝ හොඳම දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් 5න් එකක් හෝ  බවට පත් වුවහොත්, හය වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට අවසන් වටයේ අවස්ථාව හිමි වනු ඇත. මෙහි අවසන් අදියර 2018 ජනවාරි මාසයේ දී චීනයේ පැවැත්වෙනු ඇත.

මෙම සුදුසුකම් ලැබීමේ තරග ජුලි මස 19, 21 සහ 23 යන දිනයන් හිදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම තරගය ඉරානයට එරෙහිව ප්‍රථම දිනයේ දී පැවැත්වෙනු ඇත.

ගියවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ගෝල 4-0ක් ලෙසත්, යේමනය හමුවේ ගෝල 5-0ක් ලෙසත්, තජිකිස්ථානය හමුවේ ගෝල 5-1ක් ලෙසත්, තරග සියල්ලම පරාජය වෙමින් D කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. එවර ශූරතාවය හිමි කර ගත්තේ ජපානයයි.

බටහිර කලාපය (බටහිර + දකුණු + මධ්‍යම )

A කාණ්ඩය – ඉරානය, ඕමානය, කිරිගිස් ජනරජය (සත්කාරක), ශ්‍රී ලංකාව
B කාණ්ඩය – ඉරාකය, සෞදි අරාබිය (සත්කාරක) බහරේනය, ඇෆ්ගනිස්ථානය
C කාණ්ඩය – කටාර් (සත්කාරක) , සිරියාව, ඉන්දියාව, තුර්කිමෙනිස්ථානය
D කාණ්ඩය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය (සත්කාරක), උස්බෙකිස්ථානය, ලෙබනනය, නේපාලය
E කාණ්ඩය – ජොර්දානය, තජිකිස්ථානය, පලස්තීනය (සත්කාරක), බංගලාදේශය

නැගෙනහිර කලාපය (නැගෙනහිර හා ASEAN)

F කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, මියන්මාරය (සත්කාරක), සිංගප්පූරුව, බෘනායි
G කාණ්ඩය – කොරියානු මහජන සමූහාණ්ඩුව (සත්කාරක) ලාඕසය, චීන තායිපේ, හොංකොං දේශය
H කාණ්ඩය – තායිලන්තය (සත්කාරක), ඉන්දුනීසියාව, මැලේසියාව, මොංගෝලියාව
I කාණ්ඩය – කොරියානු ජනරජය, වියට්නාමය (සත්කාරක), ටිමෝරය, මැකෝ රාජ්‍යය
J කාණ්ඩය – ජපානය, මහජන චීනය (සත්කාරක) කාම්බෝජය, පිලිපීනය

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට  

AFC U23 2018