15න් පහළ යශාන්ගේ ශතකයෙන් සාන්ත සෙබස්තියන් සුපිරි 4ට

403

ලොව දිනන්නට වෙර දරන පාසල් ක්‍රීඩකයින්ට තිඹිරිගෙය වන සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගයක් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර අද (10) පැවැත්විය.

එම තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනත් අර්ධ අවසන් පූර්ව තරගයක් නිසා මූලික වටයේ ලබාගත් ප්‍රසාද ලකුණු සලකා බලා සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජය හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුම් අංශයට සීල් තබයි

ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් හසුවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වෙනවා. චන්දිමාල්ට……

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් දකුණතින් පිත්ත හසුරුවන යෂාන් අවිශ්ක ලකුණු 73ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත විය.

ඊට අමතරව ලකුණු 41ක් ලබාගත්  සංදේශ ප්‍රනාන්දු සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මැදපෙළ සවිමත් කළේය. ඉඳුවර අල්විස් ලකුණු 24යි. පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලයේ නිමුත් ගුණවර්ධන හා ඔවිඳු පෙරේරා අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියේය.

චන්දිමාල්ට ආසියානු කුසලානය මඟ හැරේ

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට……

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර ඉන්පසුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 64ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක සිටිද්දී තරගය අවසන් කිරීමට තරග සංවිධායකවරුන් තීරණය කළේය. නමුත් මූලික වටයේ ලබාගත් ප්‍රසාද ලකුණු ප්‍රමාණය අනුව මේ තරගයේ ජය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලබා දීමට තරග සංවිධායකවරුන් තීරණය කරන ලදි.

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ලහිරු චේතක ලකුණු 33යි. සාන්ත සෙබස්තියන් විද්‍යාලයට තරගයේ වැඩි වාසිය හරවා දුන් දඟපන්දු යවන ක්‍රීඩක ක්‍රිෂේන් පෙරේරා සිය පන්දුවාර කිහිපය තුල ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 224/7d (95): යෂාන් අවිශ්ක 73, සංදේශ ප්‍රනාන්දු 41, ඉඳුවර අල්විස් 24, නිමුත් ගුණවර්ධන 2/18, ඔවිඳු පෙරේරා 2/51.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 64/7 (16): ලහිරු චේතක 33, ක්‍රිෂේන් පෙරේරා 4/27, යෂාන් අවිශ්ක 2/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<