දිනෙත්- ජොහැන්- දුනිත් සහ ලක්ෂාන් සාන්ත ජෝසප්ට මග කියයි

189

දිනෙත් ජයකොඩිගේ ශතකයත්, ජොහැන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂාන් ගමගේගේ අර්ධ ශතකත් හේතුවෙන් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර අද (08) ආරම්භ වූ තරගයේ දී ප්‍රබල තත්ත්වයක පසු වීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ.

ගල්කිස්ස තෝමසුවෝ, රිච්මන්ඩ්වරුන් හමුවීමට ගාල්ලට එයි

නිමා වූ ආසන්නතම වසර දෙකේ දී වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට්…….

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ  දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 415ක් ලබා සිටියේ ය.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගනිමින් පිටියට පිවිසි අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දකුණත් පිතිකරු දිනෙත් ජයකොඩි ය. ඔහු ලකුණු 116ක් ලබා ගත්තේ ය. පන්දු 130ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ඔහු වමත් පිතිකරු දුනිත් වෙල්ලාලගේ (62) සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වීම කැපී පෙණුනි. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය. දුනිත් වෙල්ලාලගේ පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු කඩුල්ලේ සිටම දැවැන්ත ලකුණු ප්‍රමාණයකට යෑමේ අවශ්‍යතාව පෙන්නුම් කළේය. ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාවම ලකුණු 74කි. එතැන දී ක්‍රියාත්මක වූයේ ජොහැන්නේ ද සිල්වා (59) සහ ෂෙවොන් ඩැනියෙල් (14) ය. ඊට අමතරව ඔවුන්ගේ 8 වැනි කඩුල්ලට ද ලකුණු 81ක සබඳතාවක් එක් විය. ඒ ලක්ෂාන් ගමගේ (79) සහ යෙසින් රූපසිංහ (26*) අතර ය.

රන් සිංහ එක්දින සටනේ ජය ධර්මපාල විද්‍යාලයට!

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 8 වැනි වරටත්…..

දකුණත් පිතිකරු ජොහැන් ද සිල්වා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් අතර සාන්ත ජෝසප් ඉනිම වෙනුවෙන් පළමු අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය ඔහු හිමි විය. ඊට අමතරව ලක්ෂාන් ගමගේ ද පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ප්‍රවීන් කුරේ, විනුජ රණසිංහ සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගය හෙට (09) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 415 (100) ජොහැන් ද සිල්වා 59, ඩිනාල් අනුරාධ 26,  දිනෙත් ජයකොඩි 116, දුනිත් වෙල්ලාලගේ 62, ලක්ෂාන් ගමගේ 79, යෙසිත් රූපසිංහ නොදැවී 26, ප්‍රවීන් කුරේ 2/42, විනුජ රණසිංහ 2/108, නුවනිඳු ප්‍රනාන්දු 2/71

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<