පොලීසියට නාවික හමුදාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

587

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී අද (13) පැවති තරගයෙන් ලකුණු 26-45ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

අගනුවර රග්බි ක්‍රීඩකයෝ ගුවන් භටයන් බිම දමති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දස වැනි සතිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා සමාජයත් අද (12) තුරඟ තරග පිටියේ දී තරග වැදුණු…

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත්, කණ්ඩායම් දෙකේම ආරක්ෂක ක්‍රීඩකයින්ගේ ප්‍රබල ක්‍රීඩා විලාශය හේතුවෙන් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකින් අනතුරුව නාවික හමුදා අන්තයේ දී ඔවුන්ගේ ක්‍රීඩකයෙක් අතින් ගිලිහුණු පන්දුව ලබාගත් පොලිස් ක්‍රීඩා සමාජයේ ජනිත් චන්දිමාල් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට එය ලබාගත් සංදේශ් ජයවික්‍රම සමත් වූයේ නැත (PSC 05 – 00 NSC).

අනතුරුව ඊට වහාම පිළිතුරු දුන් නාවික හමුදා ක්‍රීඩා සමාජය උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එහි දී ස්ටෙෆාන් ග්‍රෙගරි විසින් එම උත්සාහක දිනුම ලබාගත් අතර එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට තිළිණ වීරසිංහ සමත් වූයේ නැත (PSC 05 – 05 NSC).

පසුව පොලිස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කරගැනීමට සංදේශ් ජයවික්‍රම සමත් වූයේ නැත.

මිනිත්තු කිහිපයකට පසුව නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණ වීරසිංහ පිටියේ මැද භාගයේ දී පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව එය පොලිස් ක්‍රීඩකයින් පසුකරමින් පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් නාවික හමුදා ක්‍රීඩා සමාජය තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. කෙසේ නමුත් එවර ද එය ප්‍රවර්තනය කරගන්නට ඔහු සමත් වූයේ නැත (PSC 05 – 10 NSC).

අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයේ දෙවන උත්සාහක දිනුම ජනිත් චානක විසින් වාර්තා කරගනු ලැබුවේ නැවතත් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරමිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සංදේශ් විසින් සාර්ථක කරගනු ලැබුවේ පොලිස් ක්‍රීඩා සමාජය නැවතත් තරගයේ ඉදිරියට රැගෙන එමිනි (PSC 12 – 10 NSC).

තරගයේ පළමු අර්ධය නිමාවන්නට පෙර නැවතත් තරගයේ ග්‍රහණය තමන් දෙසට යොමුකර ගන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඒ චරිත් සිල්වා විසින් වාර්තා කරගත් උත්සාහක දිනුම තිළිණ විසින් සාර්ථක කරගැනීමත් සමඟයි (PSC 12– 17 NSC).

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 12 – 17 නාවික හමුදා ක්‍රීඩා සමාජය

පළමු අර්ධය අවසන් කළ ජවයෙන්ම දෙවන අර්ධය ආරම්භ කළ නාවික හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. එහි දී ස්ටෙෆාන් ග්‍රෙගරි විසින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුමත්, අනෙක් උත්සාහක දිනුම සුපුන් දිල්ෂාන් විසිනුත් වාර්තා කර ගනු ලැබූ අතර එම අවස්ථාවන් දෙකේ දී ම ඔවුන්ගේ පන්දු හුවමාරු කරගැනීම ඉතා ඉහළ තත්වයක පැවතිණි.  එමෙන්ම එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් දෙක ද සාර්ථක කරගන්නට  තිළිණ සමත් විය. (PSC 12– 31 NSC).

අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයේ උදය සංජුල විසින් උත්සාහක දිනුමක් වාර්තා කරගනු ලැබූ අතර එය සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට සංදෙශ් සමත් විය (PSC 19 – 31 NSC).

‘Center’ ස්ථානයෙන් ‘Number 8’ වලට මාරු වුන බුවනෙක උඩන්ගමුව

මධ්‍යම කඳුකරයේ අගනගරය වන මහනුවරින් රග්බි ක්‍රීඩාවට පිවිසෙන බුවනෙක ‘බුවා’ උඩන්ගමුව වේගයෙන් මෙන්ම ශක්තියෙන් ද පරිපූර්ණ ක්‍රීඩකයෙකි.

ඉන් අනතුරුව නැවතත් අඛණ්ඩව උත්සාහක දිනුම් 2ක් වාර්තා කරගැනීම හරහා ඊට මැනවින් පිළිතුරු දක්වන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. එහි දී තිළිණ වීරසිංහ සිය දෙවන උත්සාහක දිනුමත්, හර්ෂ මදුරංග විසින් අනෙක් උත්සාහක දිනුමත් වාර්තා කරගනු ලැබූ අතර ඒවා සාර්ථකව ප්‍රවර්තනය කරගන්නට ද තිළිණ සමත් විය (PSC 19 – 45 NSC).

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ පොලිස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර තරගය අවසන් වන්නට පෙර එය සාර්ථක කරගන්නට සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරගත් ජනිත් චානක සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සංදේශ් විසින් සාර්ථක කරගනු ලැබීය (PSC 26 – 45 NSC).

කෙසේ නමුත් පොලිස් ක්‍රීඩකයින්ගේ එම උත්සාහක දිනුම තරගයේ තීරණය වෙනස් කරන්නට කිසිදු බලපෑමක් නොකළ අතර ඒ අනුව දෙවන අර්ධයේ දියත් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හරහා ප්‍රසාද ලකුණක් ද සමගින් තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගන්නට ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 26 (4T 3C) – 45 (7T 5C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ස්ටෙෆාන් ග්‍රෙගරි (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • පොලිස් ක්‍රීඩා සමාජය – ජනිත් චානක 2T, ජනිත් චන්දිමාල් 1T, උදය සංජුල 1T, සංදේශ් ජයවික්‍රම 3C
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – තිළිණ වීරසිංහ 2T 5C, ස්ටෙෆාන් ග්‍රෙගරි 2T, චරිත් සිල්වා 1T, සුපුන් දිල්ශාන් 1T, හර්ෂ මදුරංග 1T

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට