Home Sinhala සංතුශ් සහ කනිෂ්කගේ වාර්තාගත ඉනිම් ඩාර්ලි පාර ක්‍රීඩකයන් වෙහෙසට පත් කරයි

සංතුශ් සහ කනිෂ්කගේ වාර්තාගත ඉනිම් ඩාර්ලි පාර ක්‍රීඩකයන් වෙහෙසට පත් කරයි

142

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී දෙදිනක් පුරා පැවති 85 වැනි සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව නිමා වූයේ ඩාර්ලි පාර ක්‍රීඩකයන්ට වැඩි වාසි අත්කර දෙමින් වූයේ ප්‍රතිවාදී කණ්ඩායමේ සංතුශ් ගුණතිලක සහ කනිෂ්ක මධුවන්තගේ වාර්තාගත ඉනිම්වල දීප්තිය ද තරගයට අභිමානවත් බවක් එක් කරමිනි.

දෙවිදුහල් හි වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව නිමා වූ 63 වැනි තරගය ලෙසින් මෙම තරගය අද (2) අතීතයට එක් විය.

සාන්තුවරයන්ගේ සටනේ දී ඩාර්ලි පාර ක්‍රීඩකයෝ සන්නද්ධ වෙති

බම්බලපිටිය සාන්ත පීතරයන්ගේ පළමු ඉනිමට එරෙහිව ඩාර්ලි පාරේ ක්‍රීඩකයෝ වඩාත් විශ්වාසවන්ත ඉනිමක් ගොඩ නගන බවක් පෙන්නුම් කරමින් අද (1) කොළඹ පී. සරා ඕවල්…

කාසියේ වාසි දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක අශේන් ඩැනියෙල්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රන්මිත් ජයසේනගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු දිනයේ තේ විවේකයට තරගය නතර කරන විට තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 286ක් ලබා ගත්හ. තරගය නතර කරන විට සාන්ත පීතර ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 317ක් ලබා සිටිය හ.

සාන්ත ජෝසප් පළමු ඉනිමේ දී තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා සිටි අතර අද දිනයේ දී ඔවුන් තවත් ලකුණු 97ක් ලබා ගනිමින් ඉනිම අවසන් කළහ. ඒ තරගයේ පළමු ඉනිම දෙපිළට ම පන්දු වාර 60කට පමණක් සීමා වීම හේතුවෙන් නවතිද්දී ය.

පෙර දිනයේ දී දිනෙත් ජයකොඩි නොදැවී ලකුණු 62ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටි අතර අද ඔහුගේ ඉනිම ලකුණු 77කින් නිමා විය. ඒ වෙද්දී ඔහු පන්දු 110කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේ ය. ඔහු සමඟින් පෙර දිනයේ අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි ඩිලේශ් පෙරේරා පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 115කි.

ටෙස්ට් වගේ වෙයි ද ODI?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (3) ජොහැන්නස්බර්ග්….

සාන්ත ජෝසප් ඉනිම පාලනය කිරීමට සාන්ත පීතරයින් පන්දු යවන්නෝ 7 දෙනෙක් උපයෝගී කර ගත්ත ද ඒ අතුරින් පෙර දිනයේ සාර්ථක වූ කනිශ්ක මධුවන්තට අමතරව අද තාරික් සබූර් සහ රන්මිත් ජයසේන ද දක්ෂතා දැක්වූහ. ඔවුන්ට කඩුලු 2 බැගින් හිමි වූහ.

සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසියේ ලකුණු 67ක් පිටුපස සිටිමිනි. එම ඉනිමේ දී ආරම්භක පිතිකරුවන්ට තම කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් කිරීමට ඉඩ නොතැබීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 12ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයේ විවේක ගැන්වීමට අශාන් ද අල්විස් සහ අශේන් ඩැනියෙල් සමත් වූහ. ඒ දුනිත් වෙල්ලාලගේ සහ ජොහැන් ද සිල්වාගේ උදව්ව ද ඇතිවය.

Photos: St. Joseph’s College vs St. Peter’s College | 85th Battle of the Saints | Day 2

එසේ වූවත් පළමු ඉනිමේ දී සේ ම නැවත වතාවක් සාන්ත පීතරයන්ගේ බර කරට ගැනීමට පෙරමුණ ගත්තේ සංතුශ් ගුණතිලක ය. ඔහු මෙවර පැවති සාන්තුවරයන්ගේ සටනේ දෙවිදුහල් අතරින් වාර්තා කරන ලද එකම ශතකලාභියා වීමට සමත් විය. ඔහු අද පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 161ක් ලබා ගත්තේ ය. එය සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ දෙවැනි ඉනිමේ දී වාර්තා වූ හොඳම ඉනිම ලෙසින් වාර්තා පොත් සැරසුවේය.

ඔහුට සහාය දැක්වූවන් අතුරින් කැපී පෙණුනේ කනිශ්ක මධුවන්ත ය. ඔහු පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 211ක සබඳතාවක් එක් කරමින් පළමු ඉනිමේ ගලිහී ගිය අභිමානය නැවත තම කණ්ඩායම වෙත ලබා දීමට සමත් වූහ. ඔවුන් මේ සබඳතාව සඳහා වැය කළේ පන්දු 240ක් පමණක් වීම කැපී පෙණුණි. මෙම ඉනිම දෙවැනි ඉනිමේ දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වූ වැඩිම ලකුණු සබඳතාව ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වීම කැපී පෙණුනි.

ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 85 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු මස 1 සහ 2 දෙදින…

ඔවුන්ට අමතරව ෂැනොන් ප්‍රනාන්දු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී අශේන් ඩැනියෙල් ලකුණු 65කට කඩුලු 2ක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව ලක්ෂාන් ගමගේ, අශේන් ද අල්විස් සහ ශාලින්ද සෙනෙවිරත්න ද කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ දක්ෂතම පිතිකරු සහ තරගයේ වීරයා ලෙසින් සාන්ත පීතර විද්‍යාලයේ සංතුශ් ගුණතිලක නම් කෙරුණ අතර දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණේ සාන්ත ජෝසප් විද්‍යාලයේ අශේන් ඩැනියෙල් ය. තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් නම් කෙරුණේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ෂෙරන් ෆොන්සේකා ය. තරගයේ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙසින් සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයට එක් වීමට සාන්ත පීතර විද්‍යාලයේ කනිෂ්ක මධුවන්ත සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (60) දිනිත් අංජුල 41, සංතුශ් ගුණතිලක 72, රංමිත් ජයසේන 21, නිපුනක ෆොන්සේකා 21, වනුජ සහන් 26, ලක්ෂාන් ගමගේ 2/38, ශාලින්ද සෙනෙවිරත්න 2/43, අශේන් ඩැනියෙල් 3/58

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දු වාර 44ක දී කඩුලු 3ක් දැවී 189) කඩුලු 8ක් දැවී 286 (60) ෂෙවෝන් ෆොන්සේකා 35, ජොහැන්නේ ද සිල්වා 45, දිනෙත් ජයකොඩි 77, ඩිලේෂ් පෙරේරා 62, සචින්ත රවිඳු 22, දුනිත් වෙල්ලාලගේ 19, තාරික් සබූර් 2/51, කනිෂ්ක මධුවන්ත 2/51, රන්මිත් ජයසේන 2/33

සාන්ත පීතර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 317 (79) සංතුශ් ගුණතිලක නොදැවී 161, ෂෙනොන් ප්‍රනාන්දු 25, කනිෂ්ක මධුවන්ත නොදැවී 89, අශේන් ඩැනියෙල් 2/65

දෙවිදුහල් අතර 45 වැනි වරට පැවැත්වෙන ගරු පීටර් ඒ. පිල්ලෙයි පියතුමන්ගේ කුසලානය වෙනුවෙන් වන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය මාර්තු මස 23 වැනි දින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

St. Peter’s College
219/10 (60) & 317/6 (79)

St. Joseph’s College
286/8 (60)

Batsmen R B 4s 6s SR
Banuka de Silva lbw b Ashan De Alwis 5 21 0 0 23.81
Dinith Anjula c Miranga Wickramage b Dunith Wellalage 41 74 4 2 55.41
Santhush Gunathilake c Dilesh Perera b Ashen Daniel 72 105 6 0 68.57
Ranmith Jayasena b Shalinda Senevirathne 21 27 1 0 77.78
Nipunaka Fonseka lbw b Ashen Daniel 21 63 1 0 33.33
Shivan Perera c Sachintha Ravindu b Ashen Daniel 9 13 1 0 69.23
Shannon Fernando c Shevon Fonseka b Shalinda Senevirathne 0 4 0 0 0.00
Kanishka Maduwantha c Shevon Fonseka b Lakshan Gamage 10 18 0 0 55.56
Wanuja Sahan run out (Lakshan Gamage) 26 28 1 0 92.86
Ruwin Senevirathne b Lakshan Gamage 0 2 0 0 0.00
Tariq Saboor not out 1 6 0 0 16.67


Extras 13 (b 7 , lb 3 , nb 1, w 2, pen 0)
Total 219/10 (60 Overs, RR: 3.65)
Bowling O M R W Econ
Lakshan Gamage 10 1 38 2 3.80
Ashan De Alwis 7 0 20 1 2.86
Shalinda Senevirathne 13 2 43 2 3.31
Johanne De Zilva 4 2 8 0 2.00
Ashen Daniel 15 1 58 3 3.87
Dunith Wellalage 11 1 43 1 3.91
Batsmen R B 4s 6s SR
Shevon Fonseka c Nipunaka Fonseka b Ranmith Jayasena 37 69 4 0 53.62
Johanne De Zilva c Santhush Gunathilake b Kanishka Maduwantha 45 56 4 1 80.36
Shevon Daniel lbw b Kanishka Maduwantha 0 2 0 0 0.00
Dineth Jayakody b Shivan Perera 77 110 6 2 70.00
Dilesh Perera c Shivan Perera b Tariq Saboor 62 80 4 0 77.50
Lakshan Gamage b Tariq Saboor 1 2 0 0 50.00
Sachintha Ravindu c Wanuja Sahan b Ranmith Jayasena 22 15 0 0 146.67
Dunith Wellalage c Nipunaka Fonseka b Santhush Gunathilake 19 15 0 0 126.67
Ashen Daniel not out 5 6 0 0 83.33
Shalinda Senevirathne not out 9 9 0 0 100.00


Extras 9 (b 0 , lb 4 , nb 4, w 1, pen 0)
Total 286/8 (60 Overs, RR: 4.77)
Bowling O M R W Econ
Tariq Saboor 11 0 51 2 4.64
Santhush Gunathilake 12 1 56 1 4.67
Wanuja Sahan 6 0 27 0 4.50
Shivan Perera 4 1 23 1 5.75
Kanishka Maduwantha 12 1 51 2 4.25
Ruwin Senevirathne 8 0 41 0 5.12
Ranmith Jayasena 7 0 33 2 4.71


Batsmen R B 4s 6s SR
Banuka de Silva c Dunith Wellalage b Ashan De Alwis 4 11 0 0 36.36
Dinith Anjula c Johanne De Zilva b Ashen Daniel 6 22 0 0 27.27
Santhush Gunathilake not out 161 190 11 0 84.74
Shannon Fernando c & b Shalinda Senevirathne 25 47 3 0 53.19
Ranmith Jayasena st Sheran Fonseka b Ashen Daniel 3 13 0 0 23.08
Nipunaka Fonseka b Lakshan Gamage 11 39 1 0 28.21
Shivan Perera run out (Dunith Wellalage) 12 16 2 0 75.00
Kanishka Maduwantha not out 89 138 7 0 64.49


Extras 6 (b 3 , lb 0 , nb 2, w 1, pen 0)
Total 317/6 (79 Overs, RR: 4.01)
Bowling O M R W Econ
Lakshan Gamage 8 0 22 1 2.75
Ashan De Alwis 7 0 36 1 5.14
Ashen Daniel 23 2 65 2 2.83
Dunith Wellalage 14 1 59 0 4.21
Shalinda Senevirathne 18 1 66 1 3.67
Johanne De Zilva 7 0 58 0 8.29
Shevon Daniel 2 0 8 0 4.00