Home Sinhala මිතිර සහ හිරාන් අර්ධ ශතක රැස් කරද්දී ළහිරුගෙන් සුපිරි පන්දු යැවීමක්

මිතිර සහ හිරාන් අර්ධ ශතක රැස් කරද්දී ළහිරුගෙන් සුපිරි පන්දු යැවීමක්

47 වැනි සාන්තුවරුන්ගේ එක්දින ක්රිකට් ගැටුම

1393

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති සාන්තුවරුන්ගේ ක්‍රිකට් සංග්‍රාමයේ 47 වැනි එක්දින තරගය අද (16) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී නිමාවට පත් වුනා. 

එම තරගයෙන් සාන්ත පීතර කණ්ඩායම ලකුණු 85කින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

සිංහල ක්‍රීඩා සමාජ පිටියේ ඉතාමත් තීරණාත්මක සාධකයක් වූ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් නායක ශෙරාන් ෆොන්සේකා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

සාන්ත ජෝසප් කණ්ඩායම: ශෙරාන් ෆොන්සේකා (නායක), යෙසිත් රූපසිංහ, හිරාන් කපුරුබණ්ඩාර, හිරාන් ජයසුන්දර, මිතිර තේනුර, දිනාල් අනුරාධ, ශෙනුක ද සිල්වා, කෙනෙත් ලියනගේ, දේශාන් සෙනෙවිරත්න, ළහිරු අමරසේකර, යෙනුල දෙව්තුස. 

සාන්ත පීතර කණ්ඩායම: නිපුනක ෆොන්සේකා (නායක), ශෙනාල් බොතේජු, ළහිරු දෙවටගේ, විශේන් හැලඹගේ, දනාල් හේමන්ද, විනුද ලියනගේ, නිමුතු ගුණවර්ධන, චමෙල්ක ද සිල්වා, ශෙලොන් රොද්‍රිගෝ, මොනිල් සිල්වා, නිමාන් උමේෂ්. 

සාන්ත ජෝසප් නායකයාගේ තීරණයට අභියෝග කරමින් සාන්ත ජෝසප් මුල් කඩුලු දෙකම ලකුණු රැස්කර ගැනීමටත් පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට සාන්ත පීතර ක්‍රීඩකයන්ට හැකි වුනේ යෙසිත් රූපසිංහ සහ හිරාන් කපුරුබණ්ඩාර නරඹන්නන් බවට පත්කරමිනුයි.

තෙවැනි කඩුල්ල සඳහා හිරාන් ජයසුන්දර සමඟ එක්ව ලකුණු 36ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 18ක් රැස් කරගෙන සිටි සාන්ත ජෝසප් නායක ශෙරාන් ෆොන්සේකා දවා ගැනීමට දනාල් හේමන්දට හැකි වුනා.

සාන්ත ජෝසප් කණ්ඩායමේ ඉනිම ශක්තිමත් කරමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 101ක ඉතා වටිනා සබඳතාවක් පිහිටුවීමට මිතිර තේනුරට සහ හිරාන් ජයසුන්දරට හැකි වුනා. පන්දු 89ක් තුළ ලකුණු 52ක් රැස්කළ මිතිර සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ චමෙල්ක ද සිල්වාගේ පන්දුවක් හමුවේයි.

පන්දු 101ක් තුළ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 58 වාර්තා කරගත් හිරාන් ජයසුන්දර, ශෙලොන් රොද්‍රිගෝගේ පන්දුවක් හමුවේ දැවී යන විට සාන්ත ජෝසප් ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලෙසයි.

ඉන්පසු පිටියට පිවිසි ශෙනුක ද සිල්වා ලකුණු 11ට පිටියෙන් ඉවත් කිරීමට සාන්ත පීතර පන්දු යවන්නන් සමත් වන විට හත්වැනි කඩුල්ල සඳහා දිනාල් අනුරාධ සමඟ එක්ව ලකුණු 21ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කෙනෙත් ලියනගේට හැකි වුනා.

සාන්ත ජෝසප් ඉනිමේ හිරාන් සහ මිතිරට පසුව සාර්ථකව වූ එකම පිතිකරුවා වූ දිනාල් අනුරාධ පන්දු 39ක දී ලකුණු 30ක් රැස්කර ගැනීමට සමත් වුවත් සාන්ත පීතර ක්‍රීඩකයන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සාන්ත ජෝසප් ඉනිම පන්දුවාර 49.1ක් අවසානයේ ලකුණු 200කට සීමා වුනා.

පන්දු යැවීමේ දී සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් දනාල් හේමන්ද ලකුණු 35කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර නිමුතු ගුණවර්ධන සහ චමෙල්ක ද සිල්වා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 201ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සාන්ත පීතර කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 01ක් වන විට ආරම්භක පිතිකරු විශේන් හැලඹගේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට දේශාන් සෙනවිරත්නට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි ළහිරු දෙවටගේ ලකුණු 09කට සහ නිමුතු ගුණවර්ධන ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට දේශාන් සෙනවිරත්න සහ යසිත් රූපසිංහට හැකි වුනේ පීතර ලකුණු පුවරුව 28/3ක් බවට පත්කරමින්.

සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 28ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ශෙනාල් බොතේජු ලකුණු 48කට දවා ගැනීමට ළහිරු අමරසේකරට හැකි වුනා.

සාන්ත පීතර පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් විනුද ලියනගේ එක් ලකුණකටත්, නිමාන් උමේෂ් ලකුණු හයකටත් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට හැකි වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමින්.

හත්වැනි කඩුල්ල සඳහා නායක නිපුනක ෆොන්සේකා සමඟින් එක්ව ලකුණු 32ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු දනාල් හේමන්ද ලකුණු 14කට පිටියෙන් ඉවත් කරමින් සිය සිව්වැනි කඩුල්ල දවා ගැනීමට ළහිරු අමරසේකර සමත් වුනා.

සාන්ත පීතර ඉනිමේ නිහඬ සටන්කරුවා වූ නායක නිපුනක ෆොන්සේකා ලකුණු 31ක් ලබා සිටිය දී යෙසිත් රූපසිංහගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී ගියේ සාන්ත පීතර ඉනිම ලකුණු 115කට සීමා කරමිනුයි.

සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ළහිරු අමරසේකර ලකුණු 36කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර දේශාන් සෙනෙවිරත්න සහ යෙසිත් රූපසිංහ කඩුලු දෙක බැගින් දවා ගත්තා.


Result


St. Peter’s College
115/10 (35.2)

St. Joseph’s College
200/10 (49.1)

Batsmen R B 4s 6s SR
Sheran Fonseka c Monil Silva b Danal Hemananda 18 35 0 0 51.43
Yesith Rupasinghe c Nipunaka Fonseka b Chamelka De SIlva 0 3 0 0 0.00
Hirun Kapurubandara lbw b Danal Hemananda 0 2 0 0 0.00
Niran Jayasundara c Niman Umesh b Shelon Rodrigo 58 101 0 0 57.43
Mithira Thenura c Shelon Rodrigo b Chamelka De SIlva 52 89 0 0 58.43
Dinal Anuradha lbw b Danal Hemananda 30 39 0 0 76.92
Shenuka De Silva st b Nimuthu Gunawardene 11 9 0 0 122.22
Keneth Liyanage c Lahiru Dewatage b Danal Hemananda 7 11 0 0 63.64
Deshan Seneviratne run out () 1 2 0 0 50.00
Lahiru Amarasekara b Nimuthu Gunawardene 3 4 0 0 75.00
Yenula Dewthusa not out 0 0 0 0 0.00


Extras 20 (b 0 , lb 13 , nb 1, w 6, pen 0)
Total 200/10 (49.1 Overs, RR: 4.07)
Bowling O M R W Econ
Danal Hemananda 10 2 30 2 3.00
Vinuda Liyanage 2 0 16 0 8.00
Nimuthu Gunawardene 8.1 1 29 1 3.58
Chamelka De SIlva 7 1 27 2 3.86
Shelon Rodrigo 10 0 42 1 4.20
Monil Silva 10 0 27 0 2.70
Niman Umesh 2 0 12 0 6.00


Batsmen R B 4s 6s SR
Shenal Boteju c Yesith Rupasinghe b Lahiru Amarasekara 48 59 0 0 81.36
Vishen Halambage b Deshan Seneviratne 0 2 0 0 0.00
Lahiru Dewatage lbw b Deshan Seneviratne 9 21 0 0 42.86
Nimuthu Gunawardene c & b Yesith Rupasinghe 0 1 0 0 0.00
Nipunaka Fonseka b Yesith Rupasinghe 31 69 0 0 44.93
Vinuda Liyanage c Sheran Fonseka b Lahiru Amarasekara 1 6 0 0 16.67
Niman Umesh st b Lahiru Amarasekara 6 10 0 0 60.00
Danal Hemananda c Sheran Fonseka b Lahiru Amarasekara 14 27 0 0 51.85
Shelon Rodrigo b Lahiru Amarasekara 0 3 0 0 0.00
Monil Silva c & b Yenula Dewthusa 0 3 0 0 0.00
Chamelka De SIlva not out 0 11 0 0 0.00


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 115/10 (35.2 Overs, RR: 3.25)
Bowling O M R W Econ
Deshan Seneviratne 4 0 14 2 3.50
Yenula Dewthusa 7 0 22 1 3.14
Yesith Rupasinghe 7.2 0 17 2 2.36
Mithira Thenura 1 0 5 0 5.00
Lahiru Amarasekara 10 0 36 5 3.60
Shenuka De Silva 6 0 20 0 3.33



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<