රන් මහා සටන විවෘතයි! සුමංගලයෙන් වැඩි දස්කම්

153

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 68 වන වරටත් ක්‍රියාත්මක වන “රන් මහා සංග්‍රාමය” අද (06) දින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ ඉතාමත් උත්කර්ෂවත් අයුරිනි. 

පවන් ද්විත්ව ශතකයකට පසුව නැවත ශතකයකට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ක්‍රිකට්……..

තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටි ශ්‍රී සුමංගල පිතිකරුවන් තම ඉනිම අත්හිටු වීමට තීරණය කළේය. දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම දියත් කරමින් සිටින මොරටු විද්‍යාලීය ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 114ක් රැස්කර ගැනීමට සමත් විය. 

ක්‍රිකට් ක්‍රීඩාවට උචිත මඳ උණුසුම් කාළගුණ තත්වයක් යටතේ ආරම්භ වූ තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී සුමංගල විද්‍යාලය වෙත පිරිනැමීමට මොරටු මහා විදුහල් නායක මධුෂාන් දිලක්ෂණ තීරණය කළේය. ඒ ඉක්මන් කඩුළු කිහිපයක් බිඳ හෙළමින් සුමංගල පිතිකරණ බලඇණිය අඩපණ කිරීමේ අරමුණෙනි. 

අපේක්ෂා කළ අයුරින් සුමංගල ඉදිරිපෙළ පිතිකරුවන් හට දැඩි පීඩනයක් එල්ල කරමින් පළමු කඩුළු ද්විත්වය ලකුණු 07ක් වැනි ඉතාමත් අඩු සංඛ්‍යාවකට දවා ගැනීමට මොරටු විද්‍යාලීය ආරම්භක වේගපන්දු යවන්නන් දෙපල සමත්කම් දැක්වීය. නිරාජ් කවිශ්ක තරගයේ පළමු පන්දුවෙන්ම සසිඳු ද සිල්වා ක්‍රීඩාගාරය වෙත හරවා යවන විට විනුර පීරිස් සුමංගල විදුහලේ දෙවන කඩුල්ල බිඳ හෙලුවේ චාරුක පීරිස් ලකුණු 06කට සීමා කරමිනි. 

Photos: Sri Sumanagala College vs Moratu Maha Vidayalaya | 68th Battle of the Golds – Day 1

ඉන් අනතුරුව සුමංගල ඉනිමට යම් ජීවයක් ගෙන දුන් මිහිරංග ප්‍රනාන්දු, උප නායක තරණ ද සිල්වා සමඟින් එක්ව ලකුණු 52ක අගනා සබඳතාවක් ගොඩ නැඟීමට සමත් විය. හතරේ පහර 6කින් හැඩ ගැන්වුනු මිහිරංගගේ ඉනිමට නැවතීමේ තිත තැබීමට මොරටු විද්‍යාලයේ එරාන් හංසමාල් සමත් වූයේ පා ඉන්න දෙසින් පතිත කළ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත දඟකවමිනි. 

එතෙක් වේලාවක් වේගපන්දුවට රිසි සේ පහර දෙමින් දළ ලකුණු රැස් කිරීමේ වේගය ඉහළ අගයක රඳවා ගත් සුමංගල පිතිකරුවන් තරමක් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් තම තරග සැලසුම් වෙනස් කර පහර දුන්නේ මොරටු පන්දු යවන්නන්ගේ අභියෝගයට පෙර සූදානමක් ලෙසිනි. 

නමුත් උප නායක තරණ ද සිල්වා හට ලකුණු 26කින් සෑහීමකට පත්වීමට සිදුවූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමත් සමඟිනි. එරාන් හංසමාල් යැවූ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී ඔහු මෙසේ දැවී ගිය පිතිකරුවෙකු ලෙසින් නම් කිරීමට විනිසුරුවරයා කටයුතු කරන ලදි. 

ඉන් අනතුරුව පිටියට පිවිසියේ ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් මෙවර තරගවාරයේ දී පිත්තෙන් ඉහළ දක්ෂතා රැසක් දැක්වූ පළපුරුදු පිතිකරුවෙකු වන ඉමෙත් ගම්පොළ යි. ප්‍රභාෂ් ජයසේකරට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 134ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැඟූ ඔහු, අර්ධ ශතකය පෙනෙන මානයේ තිබිය දී තම කඩුල්ල ප්‍රතිවාදීන් වෙත පූජා කළේ මොරටු පන්දු යවන්නන් හට නැවත වතාවක් තරගයට අවතීර්ණ වීමට ඉඩ සලසා දෙමිනි. 

සුමංගල ඉනිමේ කොඳු නාරටිය ලෙසින් ශක්තිමත් අඩිතාලමක් සකසා දුන් ප්‍රභාෂ් ජයසේකරගේ තීරණාත්මක කඩුල්ලේ අයිතිය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට එරාන් හංසමාල් සමත් වූයේ ඔහු යැවූ පන්දුවටම ලබා දුන් පහසු උඩ පන්දුව ආරක්ෂිතව රැක ගනිමිනි. ලකුණු 89ක් රැස්කර ගෙන සිටි ප්‍රභාෂ් එසේ පිටියෙන් ඉවතට යන විට සුමංගල ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 205ට කඩුලු 6ක් ලෙසිනි. 

අවසන් කඩුලු හතරෙන් තුනක්ම ලකුණු 17ක් තුළදී දවාලූ මොරටු දඟපන්දු යවන්නන්, තණතිල්ලේ මන්දගාමී ස්වභාවයෙන් උපරිම ඵල නෙලා ගත්තේ සුමංගල විද්‍යාලයේ දැවී ගිය කඩුලු 9න් 6කම අයිතිය භුක්ති විඳිමිනි. කෙසේ නමුත් නායක අනුක ජයසිංහ තම කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් වූ නිසාවෙන් ලකුණු 221 සීමාවේ දී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. 

86 වැනි සාන්තුවරුන්ගේ සටනට කණ්ඩායම් දෙකේම අවි සූදානම්

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 86 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ…….

මොරටු විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ වමත් පා දඟපන්දු යවන එරාන් හංසමාල්, සුමංගල පිතිකරුවන් සිව් දෙනෙකු නැවත විවේකාගාරය දෙසට හරවා යැව්වේ පන්දුවාර 19ක් තුළදී නිලකුණු පන්දුවාර තුනක්ද සමඟින් ලකුණු 57ක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි. 

තේ පානයෙන් අනතුරුව තම පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මොරටු විද්‍යාලයීය ආරම්භක පිතිකරුවන් දෙපල ලකුණු 36ක සාර්ථක ආරම්භයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට සමත් වූ අතර සුමංගල විද්‍යාලයේ වේගපන්දු යවන්නන් හට තණතිල්ලෙන් එතරම් සහයෝගයක් නොලැබුනු නිසාවෙන් පළමු පන්දුවාර කිහිපය තුළදී කඩුල්ලක් දවා ගැනීමේ කිසිඳු අවකාශයක් නොවීය. 

නමුත් එක එල්ලයක පන්දුව පතිත කරමින් මනා සංයමයකින් පන්දු යැවීමේ නිරත වූ වේගපන්දු යවන ක්‍රීඩක චාරුක ජයසිංහ, දිනයේ තම පළමු ගොදුර බවට විශ්ව ප්‍රනාන්දු හසුකර ගත්තේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 36ක් ලෙස සටහන් වන විට දීය. 

කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ විශ්ව ප්‍රනාන්දු එසේ ක්‍රීඩාගාරය වෙත පිය මනින විට පිටියට පිවිසි චමල්ක ප්‍රනාන්දු ලකුණු 13කට සීමා කිරීමට පසුගිය වසරේ එක්දින මහා ක්‍රිකට් ගැටුමේ හොඳම පන්දු යවන්නා බවට පත්වූ විශ්ව කුමාර සමත් විය. ඒ වන විට ලකුණු පුවරුව දිස් වූයේ කඩුලු 2කට ලකුණු 61ක් ලෙසිනි. 

මොරටු විද්‍යාලයීය පිතිකරුවන් ද ඉතාමත් සූක්ෂමව පන්දු තෝරා බේරා ගනිමින් පිතිහරඹයේ නියැළුණු අතර සුමංගල ක්‍රීඩකයින් හට ඔවුන් දවාලීම එතරම් පහසු කර්තව්‍යයක් නොවීය. නමුත් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මොරටු විද්‍යාලයීය නායක මධුෂාන් දිලක්ෂණගේ ඉනිම ලකුණු 46 සීමාවෙන් නතර කිරීමට යළි ක්‍රියාත්මක වූ විශ්ව කුමාර සමත් වූයේ සුමංගල පිළට තරමක අස්වැසිල්ලක් ගෙන දෙමිනි. 

පන්දුවෙන් දස්කම් පෑ එරාන් හංසමාල් හට පිත්තෙන් එතරම් සාර්ථක වීමට නොහැකි වූයේ මිහිරංග ප්‍රනාන්දු යැවූ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ නිසාවෙනි. ඒ අනුව දිනය අවසානයේ දී නොදැවී ක්‍රීඩා කරමින් සිටි චමිඳු රවිශාන් ලකුණු 14ක් සහ රශාන් කවිෂ්ක ලකුණු 2ක් රැස්කර ගෙන සිටියහ. 

කාන්තා ක්‍රිකට් අනාගතයේ අලුත් බලාපොරොත්තුව – කවීශා දිල්හාරි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගිය දා අවසන් කළේ බංග්ලාදේශ කණ්ඩායම….

ශ්‍රී සුමංගල විද්‍යාලය : පළමු ඉනිමට පන්දුවාර 62.4ක දී කඩුලු 9ක් දැවී ලකුණු 221 ප්‍රභාෂ් ජයසේකර 89, ඉමෙත් ගම්පොළ 49, මිහිරංග ප්‍රනාන්දු 36, එරාන් හංසමාල් 4/57, චමල්ක ප්‍රනාන්දු 2/28. 

මොරටු විද්‍යාලය : පළමු ඉනිමට පන්දුවාර 32ක දී කඩුලු 4ක් දැවී ලකුණු 114 මධුෂාන් දිලක්ෂණ 46, විශ්ව ප්‍රනාන්දු 23, විශ්ව කුමාර 2/17. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<