ශ්‍රී ලංකාවට වෙනසක් කරන්න හැකිවෙයිද?

168

එළඹෙන සතිය තුළ ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලි පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රග්බි සංචිතය සූදානමින් සිටියි. නවතම තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන ප්‍රථම තරගය ඉදිරි සතිය තුළදී පැවැත්වීමට නියමිතයි.   

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවති…

කනිෂ්ට, ජාතික සහ සත්සාමාජික යන කාණ්ඩ තුනෙන්ම ඉහළින් වැජඹෙන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම විශාල මෙහෙයුම් දියත් කරමින් සිටින අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන සියලු තරගාවලි වලදී ඉහළ මට්ටමේ දක්ෂතා දැක්විය යුතුය.

මෙම මස (මැයි) 29 වන දින සිට ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරග ආරම්භවීමට නියමිතය. තවද ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට මෙම වර්ෂය අවසන් වනතුරු තවත් තරග වලට මුහුණ දීමට සිදුවේ. එසේම වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරග දෙසැම්බර් මස 14 වන දින ආරම්භ වීමට නියමිතය.

මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මුහුණදීමට නියමිත සියලු තරග ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට මහත් පිටුවහලක් වනු ඇත.

ආසියානු රග්බි කාලසටහන පහතින්

දිනය තරගාවලිය සත්කාරක රට ස්ථානය
මැයි 29 – ජුනි 01 ආසියානු රග්බි ශූරතාවය – පළමු කාණ්ඩය (SL, SIN, PHL, TAI) චීන-තායිපේ තායිපේ නාගරික ක්‍රීඩාංගණය
අගෝස්තු 10 – 11 ආසියානු සත්සාමාජික ශූරතාවය (පිරිමි), ආසියානු සත්සාමාජික ශූරතාවය (කාන්තා) ඉන්දුනීසියාව
අගෝස්තු 17 – 18 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත්සාමාජික ශූරතාවය චීනය කුන්මින්ග්
අගෝස්තු 24 – 25 ආසියානු සත්සාමාජික ශූරතාවය (පිරිමි), ආසියානු සත්සාමාජික ශූරතාවය (කාන්තා)
අගෝස්තු 31 – සැප්තැම්බර් 1 ආසියානු සත්සාමාජික ශූරතාවය (පිරිමි/පළමු වටය), ආසියානු සත්සාමාජික ශූරතාවය (කාන්තා/පළමු වටය) කොරියාව නම්ඩොන්ග් ආසියාද් ක්‍රීඩාංගණය
සැප්තැම්බර් 14 – 15 ආසියානු සත්සාමාජික ශූරතාවය (පිරිමි/දෙවන වටය), ආසියානු සත්සාමාජික ශූරතාවය (කාන්තා/දෙවන වටය) චීනය වෙයිෂෝ
සැප්තැම්බර් 28 – 29 ආසියානු සත්සාමාජික ශූරතාවය (පිරිමි/තෙවන වටය), ආසියානු සත්සාමාජික ශූරතාවය (කාන්තා/තෙවන වටය) ශ්‍රී ලංකාව තුරඟ තරග පිටිය
නොවැම්බර් 23 – 24 2020 ඔලිම්පික් සත්සාමාජික තේරීම් තරග (ආසියානු කාණ්ඩය) කොරියාව නම්ඩොන්ග් ආසියාද් ක්‍රීඩාංගණය
නොවැම්බර් 29 – දෙසැම්බර් 1 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත්සාමාජික ශූරතාවය (කාන්තා) ඉන්දියාව බුවනේශ්වර්
දෙසැම්බර් 11 – 14 ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවය – පළමු කාණ්ඩය (Thai ,Phil , SL& China)

 

අහම්බයකින් රග්බි පිටියට පිවිසි “ජීවා”

ජීවන්ති තුසිත කුමාරි ගුණරත්නගේ ගම රත්නපුරේ, කුරුවිට ය. පාසල කෑගලු බාලිකාව ය. පාසල් යන…

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට පසුගිය වසර ඉතා අවාසනාවන්ත වසරක් විය. ආසියානු සත්සාමාජික තරගාවලියේ තුන්වන වටයේ තරග 3ක් අඛණ්ඩව පරාජය වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ආසියානු ශ්‍රේණිගත කිරීම් වලට අනුව තෙවන ස්ථානයේ සිට හතරවන ස්ථානය දක්වා පසු බැසීමට සිදුවිය. 

ශ්‍රී ලංකා කනිෂ්ට රග්බි කණ්ඩායම ආසියානු කනිෂ්ට රග්බි ශූරතාවයේ ඉහළ කාණ්ඩයේ සිටි හොංකොං රාජ්‍යය, දකුණු කොරියාව වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ තරග වැදිණි. එහිදී ශ්‍රී ලංකාව කණ්ඩායම දකුණු කොරියාව ඉදිරියේ පරාජයට පත්වෙමින් පළමු කාණ්ඩයේ තරග වලට පසු බැසීමට සිදුවිය.  

ශ්‍රී ලංකා සංචිතයද තම සුපුරුදු රිද්මය නොමැතිව පසුගිය වසරේ ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. 2015 වසර වනතෙක් ශ්‍රී ලංකාව ඉහළ දක්ෂතා පෙන්වූ කණ්ඩායම් අතර සිටි නමුත් පසුව වසරෙන් වසර ශ්‍රේණිගත කිරීම් වලින් පසු බසින ආකාරයක් දක්නට ලැබුණි. මෙම මස ආරම්භයේදී මැලේසියානු ජාතික කණ්ඩායම ඉදිරියේ පසුබසින ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල 44 වන ස්ථානය දක්වා පසුබැසීමට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසිනි.

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම හා මැලේසියන්….

කෙසේ නමුත් ඩයලොග් රග්බි ලීගයේදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවතිණි. එසේම මෙතැන් පටන් ශ්‍රී ලංකාව රග්බි කණ්ඩායම ක්‍රීඩා කරන සියලු තරග ගැන විශේෂ අවධානයක් යොමුවේ. අන්තර් සමාජ තරග වලින් අනතුරුව ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ගේ රිද්මයද ඉහළ මට්ටමක ඇත. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉදිරියේදී ක්‍රීඩා කරන තරග වලදී හැකිතාක් අතපසුවීම් අඩු කරගෙන ක්‍රීඩා කිරීමට වග බලාගත යුතුය.

                  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<