සමීර සඳමාල් සහ ලසිත් ලක්ශාන්ගෙන් ඉහල දස්කම්

311
Lasith Lakshan

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23න් පහළ විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ සිවුවන දිනයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විය.

පසුගිය ලිපි: CCC, NCC, SSC සහ කෝල්ට්ස් අපරාජිතව ඉදිරියට

ටැමිල් යුනියන් සහ නාවික හමුදා ක්‍රී.ස.

සිතාර ගිම්හාන් සහ දිනුක් වික්‍රමනායක ගේ අර්ධ ශතක වලින් සවිමත් වූ ටැමිල් යුනියන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 171ක් ලබා ගන්නට සමත් විය. එය ඉතා අභියෝගාත්මක ඉලක්කයක් ලෙස පෙනුනත් සමීර සඳමාල්ගේ (71) සහ මධුර මධුසංඛ ගේ (63) අගනා පිතිහරඹය හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩකයන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව :

ටැමිල් යුනියන් ක්‍රී.ස. – 171/5 (20)  : සිතාර ගිම්හාන් – 55, දිනුක් වික්‍රමනායක – 52, කෝසල බණ්ඩාර – 2/24, දිනුෂ්ක මාලන් – 2/32

නාවික හමුදා ක්‍රී.ස. – 175/2  (18.4) : සමීර සඳමාල් – 71, මධුර මධුශංඛ –  63, චාමික කරුණාරත්න – 1/6

නාවික හමුදා ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.


මීගමුව ක්‍රී.ස සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස.

මීගමුව ක්‍රීඩා සමාජය, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේ දි පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 141කි. ශිහාන් දිලාශ්‍රි ලකුණු 38ක් ලබා ගන්නට සමත් විය. පිළිතුරු ඉනිමේදී ටිරාන් ධනපාල අගනා ලකුණු 47කින් දායකත්වය ලබා දුන්නත්, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට නියමිත ඉලක්කය වෙත ලඟා වීමට නොහැකි විය. ඔවුන්ට හිමිවුණේ ලකුණු 8ක පරාජයකි.

ලකුණු පුවරුව :

මීගමුව ක්‍රී.ස. – 141/8 (20) : ශිහාන් දිලාශ්‍රී –  38, චතුරංග රාජපක්ෂ –  27, ඩැරන් ඊබට් –  3/29

බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස. – 133/8 (20) : ටිරාන් ධනපාල – 47, තරිඳු ලංකාතිලක – 22, ප්‍රවීන් ඩිලංක – 2/18, නිශාන් පීරිස් – 2/20, උවින් බණ්ඩාර – 2/24

මීගමුව ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 8ක ජයක්.


රාගම ක්‍රී.ස. සහ වරාය අධිකාරී ක්‍රී.ස.

තිලක්ෂ සුමනසිරි (45) සහ කවීන් ප්‍රනාන්දු (42) ලබාදුන් දායකත්වයත් සමග රාගම ක්‍රීඩා සමාජයට පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 168ක වටිනා ඉනිමක් ගොඩ නැගීමට හැකි විය. වරාය අධිකාරී කණ්ඩායමට එම ඉලක්කය වෙත ලඟා වීම අපහසු ගමනක් බවට පත් කරමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූ කවීන් ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ හෙලන ලදී. වරාය ක්‍රීඩකයන්ට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 151ක් පමණි.

ලකුණු පුවරුව :

රාගම ක්‍රී.ස. – 168/9 (20) : තිලක්ෂ සුමනසිරි – 45, කවීන් ප්‍රනාන්දු –  42, ෂෙහාන් සඳරුවන් –  28*, චලනක වීරසිංහ – 3/32

වරාය අධිකාරී ක්‍රී.ස. – 151/8 (20) : නවෝද් කලන්සූරිය – 48, හර්ෂ රාජපක්ෂ – 32,කවීන් ප්‍රනාන්දු – 4/27, ටනීෂ වීරකෝන් – 2/20

රාගම ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 17ක ජයක්.


පොලිස් ක්‍රී.ස. සහ සැරසන්ස් ක්‍රී.ස.

පළමුවෙන් පන්දුවට පහර දුන් පොලිස් ක්‍රීඩකයන් පන්දුවාර 20 තුළ ලකුණු 150ක් රැස් කළේ නිමංක රත්නායකගේ අර්ධ ශතකයේ දායකත්වයද සමගිනි. සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉශාන් නිලක්ෂ ලකුණු 54කුත්, දුලීන තිස්සකුට්ටි නොදැවී ලකුණු 42කුත් ලබා ගත්තත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ වේගය රඳවා ගත නොහැකි වීම හේතුවෙන් පොලිස් ඉනිමට වඩා ලකුණු 11ක් පසුපසින් තරගය නිම කරන්නට ඔවුන්ට සිදුවිය.

ලකුණු පුවරුව :

පොලිස් ක්‍රී.ස. – 150/7 (20) : නිමංක රත්නායක – 54, උමේෂ් සූරියබණ්ඩාර – 31, සන්දීප් කුරේ –  2/43

සැරසන්ස් ක්‍රී.ස. – 139/4 (20) : ඉෂාන් නිලක්ෂ – 53, දුලීන තිස්සකුට්ටි – 42*

පොලිස් ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 11ක ජයක්.


යුද හමුදා ක්‍රී.ස. සහ ලංකන් ක්‍රී.ස.

ලංකන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 86ක පහසු ජයක් වාර්තා කරන්නට යුද හමුදා ක්‍රීඩකයන් සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදාව ලකුණු 164ක් ලබා ගත්තේ හිමාෂ ලියනගේ රැස් කළ ලකුණු 41න් සවිමත් වෙමිනුයි.  යුද හමුදාව ලබාදුන් ඉලක්කයෙන් හරි අඩක් දක්වා හෝ පැමිණීමට නොහැකි වූ ලංකන් ක්‍රීඩකයන් සියලුදෙනා ලකුණු 78කට දවා ගන්නට පන්දු යවන්නන්ට අවස්තාව හිමි විය.

ලකුණු පුවරුව :

යුද හමුදා ක්‍රී.ස. – 164/6 (20) : හිමාෂ ලියනගේ –  41, නලින් පෙරේරා – 27, ලියෝ ෆ්‍රැන්සිස්කෝ – 26,ජනිත් ඩයස් – 3/43, ප්‍රමුද් හෙට්ටිවත්ත – 2/19

ලංකන් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 78 (18.2): ප්‍රමුද් හෙට්ටිවත්ත –  23, මාලක මධුසංඛ – 2/06, නලීන් පෙරේරා – 2/11, මලීෂ අලුත්ගෙදර – 2/20

යුද හමුදා ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 86ක ජයක්.


රියෝ ක්‍රී.ස. සහ කෝල්ට්ස් ක්‍රී.ස.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය මේ තරගය පහසුවෙන් ජය ගත්තේ පළමුවෙන් පන්දුවට පහර දුන් රියෝ කණ්ඩායම ලකුණු 74කට සීමා කරමිනුයි. ප්‍රමෝද් මධුවන්ත (3/7) සහ සහන් ආරච්චිගේ (2/11) රියෝ ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගන්නා ලදී. කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 75ක පහසු ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දුවාර 11ක් ඉතිරිව තිබියදීම සපුරා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව :

රියෝ ක්‍රී.ස. – සියල්ලන් දැවී – 74 (19.3) : ප්‍රභාත් චමීර –  26, ප්‍රමෝද් මධුවන්ත – 3/07, සහන් ආරච්චිගේ –  2/11

කෝල්ට්ස් ක්‍රී.ස. – 75/2 (9) : සවින්ද උෂාන් –  36*, භානුක ප්‍රමුදිත – 2/19

කෝල්ට්ස් ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.


කළුතර නාගරික ක්‍රී.ස සහ බදුරලිය ක්‍රී.ස.

බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 25ක ජයක් ලබන්නට කළුතර නාගරික ක්‍රීඩා සමාජය සමත් විය. ගීත් පෙරේරා නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින් කළුතර කණ්ඩායම ලකුණු 147ක් වෙත ගෙනයන්නට සමත් වූ අතර, ජේකබ් සචින් ගේ හුදකලා උත්සාහය අපතේ යවමින් බදුරලිය පිළිතුරු ඉනිම ලකුණු 122කට සීමා කරන්නට කළුතර නාගරික පන්දු යවන්නන් සමත් විය.

ලකුණු පුවරුව :

කළුතර නාගරික ක්‍රී.ස. – 147/6 (20) : ගීත් පෙරේරා – 64*, ශාක්‍ය ආදිත්‍ය – 19, ගයාන් චාමර – 19

බදුරලිය ක්‍රී.ස. – 122/9 (20) : ජේකබ් සචින් – 52, මිලින්දු සම්පත් – 2/16, ගිහාන් සංජීව- 2/29

කළුතර නාගරික ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 25ක ජයක්.


BRC ක්‍රී.ස සහ මුවර්ස් ක්‍රී.ස.

පළමුවෙන් පන්දුවට පහර දුන් BRC කණ්ඩායම වෙනුවෙන් ලසිත් ලක්ෂාන් ලකුණු 79ක අගනා ඉනිමක් ගොඩනැගු අතර ඉතිරි පිතිකරුවන් එක්ව තවත් ලකුණු 95ක් කණ්ඩායමට එකතු කරන ලදී. මුවර්ස් කණ්ඩායම එම ඉලක්කය අසලකටවත් පැමිණෙන බවක් මුල සිටම දක්නට නොලැබුණු අතර BRC පන්දු යවන්නන්ද තම වගකීම මැනවින් ඉටු කරමින් මුවර්ස් කණ්ඩායම ලකුණු 139කට සීමා කරන්නට සමත් විය.

ලකුණු පුවරුව :

BRC ක්‍රී.ස. – 174/9 (20) :  ලසිත් ලක්ෂාන් – 79, නිමන්ත ගුණසිරි – 40, ලිසුල ලක්ෂාන් – 26, ඉර්ශාඩ් උමාර් – 3/43, හසිත මධුමාල් – 2/17

මූවර්ස් ක්‍රී.ස. – 139/9 (20) :  ශානුක දුලාජ් – 49, අනුර ධර්මසේන – 34, නෙරංජන් වන්නිආරච්චි – 4/19, චමීර දිසානායක – 2/24

BRC ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 35ක ජයක්.


ගාල්ල ක්‍රී.ස. සහ හලාවත මේරියන්ස් ක්‍රී.ස.

හලාවත මේරියන්ස් පන්දු යවන්නන් පසුගිය තරගයේදී ඉටු කිරීමට නොහැකි වූ වගකීම ඊයේ දිනයේදී ඉටු කළත්, පහසු ඉලක්කයක් සපුරා ගැනීම අපහසු කාර්යක් බවට පත් කරගත් පිතිකරුවන් අවසානයේ තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට සමත් විය. ලකුණු 117ක ඉලක්කය සපුරා ගැනීම සඳහා හලාවත මේරියන්ස් කණ්ඩායමට පන්දුවාර 19ක් සහ කඩුලු 6ක් වැය කිරීමට සිදු විය.

ලකුණු පුවරුව :

ගාල්ල ක්‍රී.ස. – 116/6 (20) :  අශාන් මධුශංඛ –  33, ගිහාන් නිරෝෂන් – 23*, චලන ද සිල්වා – 2/31)

හලාවත මේරියන්ස් ක්‍රී.ස.  – 117/6 (19) : චලන ද සිල්වා – 31, රිසිත් උපමාල් –  28*, ගිහාන් නිරෝෂන් –  2/17, සජිත් සංකල්ප – 2/23

හලාවත මේරියන්ස් ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


ආදී තර්ස්ටන් ක්‍රී.ස. සහ NCC ක්‍රී.ස.

පසුගිය තරගයේදී පෙරළිකාර ජයක් ලැබූ ආදී තර්ස්ටන් ක්‍රීඩකයන් විසින් ප්‍රබල NCC කණ්ඩායමට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමට නොහැකි විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් ලකුණු 145ක් රැස් කරන්නට සමත් වුවත් NCC පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් පසුකරන්නට හැකි විය.

ලකුණු පුවරුව :

ආදී තර්ස්ටන් ක්‍රී.ස. – 145/9 (20) : සවන් ප්‍රභාෂ් – 35, සජිත් ගුණතිලක – 32, රවිඳු තිලකරත්න – 3/22

NCC ක්‍රී.ස. – 146/4 (17.4) :  පවන් වික්‍රමසිංහ – 52*, ලහිරු උදාර – 34, සවන් ප්‍රභාෂ් – 2/39

NCC ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


SSC ක්‍රී.ස. සහ රේගු ක්‍රී.ස.

තම අපරාජිත වාර්තාව තරග 4ක් දක්වා දීර්ඝ කරගත් SSC කණ්ඩායම රේගු ක්‍රීඩකයන් පහසුවෙන් පරාජය කරන්නට සමත් විය. හෂාන් හේවානායක අර්ධ ශතකයක් වාර්තා කළත් පළමුවෙන් පන්දුවට පහර දුන් රේගු කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 112ක් පමණි. පළමු කඩුලු 4 අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුනත් කවිඳු කුලසේකර සහ අදීශ තුලංචන NCC කණ්ඩායම ජයග්‍රහණය වෙත සුරැකිව ගෙනයන ලදී.

ලකුණු පුවරුව :

රේගු ක්‍රී.ස. – 112/7 (20) : හෂාන් හෙවානායක – 55, අදීශ තිලාන් – 2/20, නුවන් තුෂාර – 2/22

SSC ක්‍රී.ස. – 116/4 (17) : කවිඳු කුලසේකර –  47*, අදීශ තුලන්චන – 44*

SSC ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.


සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස. සහ CCC ක්‍රී.ස.

සෙන්ට්‍රලිස්ඩ් කණ්ඩායමට තවත් දැවැන්ත පරාජයක් අත් කර දීමට CCC ක්‍රීඩකයන් සමත් විය. ප්‍රතිවාදීන් ලකුණු 87කට සීමා කිරීමෙන් පසු අදාළ ඉලක්කය සපුරා ගන්නට ඔවුන් වැය කළේ පන්දු වාර 13ක් පමණයි.

ලකුණු පුවරුව :

සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස.  – සියල්ලන් දැවී – 87 (20) : ශානුක කැලුම් – 20, උස්මාන් ඉෂාක් – 2/12, ප්‍රශාන් අනුරුද්ධ – 2/13, යස්රුවන් හේරත් – 2/15

CCC ක්‍රී.ස. – 88/2 (12.5) :  රොන් චන්ද්‍රගුප්ත – 44*, ලහිරු ජයකොඩි – 37*, මධුරංග ප්‍රියදර්ශන –  2/17

CCC ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට