ශ්‍රී ලංකාවේ පළමු ඔලිම්පික්‌ ගමන

7549

Sri Lankan olympic history

By Reemas Fernando

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් නිදහස්‌ රටක පුරවැසියන් ලෙස ඔලිම්පික්‌ උළෙලකට ප්‍රථම වරට සහභාගි වන්නේ 1948 දීය. කඩුලු පැනීමේ ශූර ඩන්කන් වයිට්‌ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයන් තිදෙනෙක්‌ සහ බොක්‌සිං ක්‍රීඩකයන් සිව්දෙනකු ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඇතුළත්ව තිබිණි.

මලල ක්‍රීඩකයන් ලෙස ඩන්කන් වයිට්‌, ජී.ඩී.පීරිස්‌ සහ ජෝන්ද සේරම් සහභාගි වූ අතර එඩී ග්‍රේ, ඇකේස්‌ ඔබේසේකර, ඇල්බට්‌ පෙරේරා සහ ලෙස්‌ලි හඳුන්ගේ කණ්‌ඩායමට එක්‌වන්නේ බොක්‌සිං ක්‍රීඩාව සඳහායි. කණ්‌ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වුයේ ජෝන්ද සේරම්ය. ඔහු ඔලිම්පික්‌ උළෙලට සහභාගි වන විට විසි වැනි වියේ යෞවනයකු විය. කණ්‌ඩායමේ වැඩිමහල්ම ක්‍රීඩකයා වූයේ නායක ඩන්කන් වයිට්‌ය. ඔහු 30 හැවිරිදි වියේ පසුවිය.

බොක්‌සිං

බැන්ටම් වේට්‌ බර පංතිය යටතේ තරග වැදුන ඇල්බට්‌ පෙරේරා අර්ධ අවසන් පූර්ව වටයට තේරෙන්නේ මියන්මාර ක්‍රීඩක හර්ඩි සෝ නම් ක්‍රීඩකයා සමග තරග වැදීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් ඔහුට අර්ධ අවසන් පූර්ව වටයෙන් නැවතුණි. ඔහුට තරගයෙන් ඉවත් වන්නට සිදුවන්නේ එම බර පංතියේ ලෝකඩ පදක්‌කම දිනා ගන්නා පෙට්‌රෝ රිකෝ ක්‍රීඩක ජුවන් වෙනේගස්‌ අතින් අර්ධ අවසන් පූර්ව වටයේ පරාජයට පත්වීමෙනි.

ඇල්බට්‌ පෙරේරා ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී පරාජයට පත් වුණත් මෙරට බොක්‌සිං ඉතිහාසයේ ඔහුට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ඒ ඔලිම්පික්‌ උළෙලේ වසර දෙකකට පසුව පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලේදී (1950) ශ්‍රී ලංකාවට රිදී පදක්‌කමක්‌ දිනා දීමේදී ලයිට්‌ වේට්‌ බර පංතියෙන් තරග වැදුන එඩී ග්‍රේ, වෙල්ව වේට්‌ බර පංතියෙන් තරග වැදුන ඇලෙක්‌ස්‌ ඔබේසේකර සහ µaලයි වේට්‌ බර පංතියෙන් තරග වැදුනු ලෙස්‌ලි හඳුන්ගේටවත් දෙවැනි වටෙයන් ඔබ්බට යැමට අවකාශ නොලැබුණි.

ඔබේසේකර ක්‍රීඩකයා ඉන් දෙවසරකට පසුව පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්‌කමක්‌ දිනා ගනිමින් බොක්‌සිං ක්‍රීඩා ඉතිහාසයට එක්‌වූ අතර ලෙස්‌ලි හඳුන්ගේ 1952 පැවැති ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට පත්වන්නේ කණ්‌ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වශයෙනි.

මළල ක්‍රීඩා

1945 වසර වන විට මීටර 6.71 ක පෞද්ගලික හොඳම දක්‍ෂතාවයක්‌ වාර්තා කරගෙන සිටි ජී.ඩී. පීරිස්‌ට 1948 ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී මුහුණ දීමට සිදුවන්නේ කනගාටුදායක තත්ත්වයකටය. සුදුසුකම් ලැබිමේ වටයෙන් එපිටට යාමට ඔහුට නොහැකිවන්නේ එම වටයේ ඔහු විසින් ගත් සියලුම උත්සාහයන් නීති විරෝදී බවට සටහන්වීමෙන් 19 හැවිරිදි ජෝන් ද සේරම් මීටර 200 සහ 400 (එවකට යාර 220 සහ 440) තරගවලට සහභාගි වනමුත් කැපී පෙනෙන දක්‍ෂතා දැක්‌වීමට හැකිවන්නේ නැහැ.

1950 කොමන්වේල්ත් ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ජෝන් ද සේරම්, එහිදී හතරවන ස්‌ථානයට පත්වන ශ්‍රී ලංකා සහය දිවීමේ (100×4) කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌. එම කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන් වුවේ එම යුගයේ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රබලම කෙටිදුර ධාවකයන් ලෙස සැලකෙන ඩන්කන් වයිට්‌, ඔස්‌කා විඡේසිංහ සහ සුම්මා නවරත්නම්ය.

1948 ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්‌කමක්‌ දිනාදෙන ඩන්කන් වයිට්‌ එම පදක්‌කම දිනූ ආකාරය සියසින් දුටු ජෝන් ද සේරම් ඔහු එම පදක්‌කම ජයග්‍රහණය කිරීමට සැලසුම් කල ආකාරය ලන්ඩන් නුවරට යන අතර නවුකාවේදී පුහුණුවීම් සිදුකල හැකි සහ පදක්‌කම ජයග්‍රහණය කළහැටි අපට කීමට සිටින එකම පුද්ගලයායි. පසුකලෙක එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති ධුරය පවා හොබවන ජෝන් ද සේරම් ඩන්කන් වයිට්‌ ගැන අපට කියන කතාව මීළග කලාපයෙන් බලාපොරොත්තු වන්න.

තවත් පුවත් සඳහා පිවිසෙන්න