ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13න් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (5) ජපානයේ ජිෆු හි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල එළඹෙන ජුනි 7 වනදා සිට 10 වනදා දක්වා ජිෆු හිදී පැවැත්වෙනු ඇත.
ශ්‍රි ලංකාවට තවත් පොදුරදමඩුලු පදක්කමක් ලැබෙයි ද?
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩා උළෙල ලෙස …
1986 දී පළමු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පැවැත්වුණු අතර මේ වන තෙක් තරගාවලි 17ක් පවත්වා ඇත. මේ වසරේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 18 වැනි වරට වන අතර ජිෆු හි නගරග්වා (Nagaragwa) ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජපානය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා සත්කාරකත්වය දක්වන්නේ පළමු වරටයි. 2012 වසරේ දී ශ්‍රී ලංකාව 15 වැනි ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්විය. බාලක සහ බාලිකා ඉසව් 22ක් මෙවර ක්‍රියාත්මක වීමට නියමිත අතර දින හතරක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට වයස අවුරුදු 20ට අඩු ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වනු ඇත.
තරගාවලි 17කට පසු වැඩිම පදක්කම් ලබාගෙන සිටින්නේ චීනය වන අතර එම පදක්කම් ගණන 562කි. ජපානය පදක්කම් 392ක් ලබාගෙන දෙවන ස්ථානයේ සිටින අතර දකුණු ආසියානු කලාපයේ වැඩිම පදක්කම් දිනා ගත් රට ලෙස පදක්කම් 207ක් සමඟින් ඉන්දියාව පදක්කම් සටහනේ පස්වැනි ස්ථානයේ සිටියි. පදක්කම් විස්සක් සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 16 වැනි ස්ථානයේ සිටියි.
ශ්‍රී ලංකාව පිලිපීනයේ දී පදක්කම් තුනක් දිනයි
පිලිපීනයේ ඉලගාන් හි පැවති පිලිපීන ජාතික විවෘත ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ක්‍රීඩකයින් හතර …

මේ වසරේ දී පැවැත්වුණු දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ඉහළ දස්කම් දැක්වීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, අවම වශයෙන් පදක්කම් හතක්වත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලබා ගනිති යැයි බලාපොරොත්තු වේ.
සහය දිවීමේ ශූරියෝ ආසියානු කනිෂ්ඨ සංචිතයෙන් ඉවතට
ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේ ජිෆු (Gifu) හිදී පැවැත්වීමට නියමිත ආසියානු…..
ThePapare.com අප තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට සූදානම්. රැඳී සිටින්න අප සමගින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















