අනූෂා, තිවංක, ඉෂාන් මීළඟ පදක්කම් දඩයමට සැරසෙයි

508

එළඹෙන අගෝස්තු 21 වැනිදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර දී ඇරඹෙන ආසියානු බොක්සිං ශූරතාවය සඳහා ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම සූදානම් බව වාර්තා වේ. ඊට ක්‍රීඩකයන් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී අවසන් වූ පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් තුනක් දිනා දෙන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු, බොක්සිං ක්‍රීඩකයන් වන තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර සමත්වීමත් සමඟ බොක්සිං ක්‍රීඩාව ගැන ශ්‍රී ලාංකිකයන්ගේ උනන්දුව නැවතත් ඉහළ නගිනු දක්නට හැකි විය.

යුධ හමුදා මෙහෙයුම සාර්ථකයි

මේ වසරේ පවත්වනු ලැබූ අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලිය අද දින (07) කොළඹ MAS රාජකීය…

ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණතම බොක්සිං ක්‍රීඩිකාව වන අනූෂා කොඩිතුවක්කු මෙවර ආසියානු බොක්සිං ශූරතාවය සඳහා සහභාගී වීමේ සූදානමින් සිටියි. 2003 වසරේ දී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම වෙත ආ ඇය පසුගිය පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී දැක්වූ උසස් දස්කම් අනුව ප්‍රේක්ෂකාකර්ශණයට පාත්‍ර වූවාය.

කේශානි හංසිකා, 2013 වසරේ සිට ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම නියෝජනය කරන අතර දැනට අත්දැකීම් රාශියක් ඇති ක්‍රීඩිකාවකි. ඔලිම්පික් ක්‍රීඩිකාවන් සමඟ පවා තරග වැදී ඇති ඇය දේශීය බොක්සිං වළල්ලේ ප්‍රබල ක්‍රීඩිකාවකි.

ක්‍රිෂ්මි ධර්මතිලක, පසුගිය දේශීය තරගාවලි සියල්ලක දී ම පාහේ ඉදිරියෙන් සිටි ක්‍රීඩිකාවකි. ලයිට් වෙයිට් බරපන්තියෙන් තරග වදින ඇය 2017 ආසියානු කාන්තා බොක්සිං සම්මේලන ශූරතාවයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ක්‍රීඩිකාවකි.

ක්‍රීඩකයන්

තිවංක රණසිංහ, පසුගිය පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් ලාභියෙකි. තවමත් ලාබාල ක්‍රීඩකයෙකු වන ඔහුට පැහැබර අනාගතයක් ඇති බව ඔහු පෙන්නුම් කරමින් සිටියි.

ඉෂාන් බණ්ඩාර, පසුගිය පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ කි.ග්‍රෑම්. 52 ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් ක්‍රීඩකයායි. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු දක්වන දස්කම් ඉහළ මට්ටමක පවතියි.

දිනිඳු සපරමාදු, කලක් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ නායකත්වය දරන ප්‍රබල ක්‍රීඩකයෙකි. ඔහු 2017 හම්බර්ග් හිදී පැවති ලෝක ශූරතා බොක්සිං තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

ජකාර්තා නුවර බලා පිටත්වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම මෙසේයි.

  • කාන්තා කි.ග්‍රෑම්. 51 – අනූෂා කොඩිතුවක්කු
  • කාන්තා කි.ග්‍රෑම්. 57 – කේශානි හංසිකා
  • කාන්තා කි.ග්‍රෑම්. 60 – ක්‍රිෂ්මි ධර්මතිලක
  • පිරිමි කි.ග්‍රෑම්. 49 – තිවංක රණසිංහ
  • පිරිමි කි.ග්‍රෑම්. 52 – ඉෂාන් බණ්ඩාර
  • පිරිමි කි.ග්‍රෑම්. 64 – දිනිඳු සපරමාදු

ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං පුවත් https://www.thepapare.com/asiangames/ වෙතින් බලාපොරොත්තු වන්න.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<

* ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා අමාත්‍යංශ අනුමැතිය ලබා නැත.