ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය දන් දෙති

692

චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ඉන්දීය පන්දු යවන්නියන්ට හිසරදයක් වෙමින් සිටිය දී අහිමි කර ගත් කඩුලු සබඳතාවත් සහ ඉනිමේ වාර්තා වූ දුවද්දී දැවී යෑම් නිසාත් අද (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

ඒ අනුව පෙර තරගයෙන් ද කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මන්දානගේ පිතිකරණයෙන් ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 219ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 212ක් පමණයි.

හඹා යන ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු තැබූ චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන එක් ව 4 වැනි කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 89ක්. පන්දු 91ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ගොදුරු වුනා. ඒ වෙද්දී ඉනිමේ පළමු දුවද්දී දැවී යෑම වාර්තා වී තිබුණා. ඒ නිපුනි හංසිකාගේ (00) දැවී යෑමයි.

ශෂිකලාට අද අහිමි වූයේ තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 8 වැනි අර්ධ ශතකයයි. යම් විදිහකින් අද ශෂිකලා අර්ධ ශතකයක් ලබා ගත්තේ නම් එය වසර 5කට පසුව වාර්තා කළ අර්ධ ශතකය වෙනවා. ඇය අවසන් වරට දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව 2013 වසරේ දී අර්ධ ශතකයක් ලබා ගත් පසු අර්ධ ශතකයක් නොමැතිව ක්‍රීඩා කළ 36 වැනි ඉනිමයි මේ.

චමරි අතපත්තු විසින් අද රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 13 වැනි අර්ධ ශතකයයි. මන්සි ජෝෂි විසින් පන්දු යවා පෙරළා උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙන් චමරිගේ ඉනිම අවසන් වුනා. ඒ වෙද්දී ඇය පන්දු 95කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් පසුව පිටියට එක් වූ අනුශ්කා සංජීවනී (17) සහ ශ්‍රීපාලි වීරක්කොඩි (17) එක්ව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු දැල්වුවා. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 31ක් එක් කළා. එම ලකුණු සබඳතාව ද නිමා වීමට හේතුව වූයේ ශ්‍රීපාලි දුවද්දී දැවී යෑමකට ගොදුරු වීමයි.

වෙළඳසේවා සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන්

“CDB” කුසලානය වෙනුවෙන් පැවැත්වෙන “වෙළඳසේවා සය සාමාජික විවෘත ක්‍රිකට්

තරගය ඉන්දීය ක්‍රීඩිකාවන් වෙත නතුව තිබූ අවස්ථාවක 8 වැනි කඩුල්ලට ජීවය දෙමින් ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට නිලක්ෂි ද සිල්වා සහ උදේශිකා ප්‍රබෝධනී (07) සමත් වුනා.  කඩුල්ලෙන් ඉදිරියට පැන එල්ල කළ ප්‍රහාරයක ඉලක්කය නොමැති වීමෙන් නිලක්ෂි අවාසනාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පවරමින් දැවී ගියා. ඒ වෙද්දී ඇය පන්දු 19කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 2ක බැගින් එල්ල කරමින් ලකුණු 31ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී මන්සි ජෝෂි ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත් අතර රාජේශ්වරී ගයක්වාඩ් කඩුලු 2ක් දවා ගත්තා.

අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් නොමැතිව පිටියට පිවිසි අතර ඉන්දීය කණ්ඩායමේ එක් වෙනසක් කර තිබුණා. ඒ මද වේගපන්දු යවන ක්‍රීඩිකා ජහුලාන් ගොස්වාමි වෙනුවට දකුණතින් මද වේගපන්දු යවන ෂිකා පාන්ඩේ එක් කර ගනිමිනි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඔවුන්ගේ ඉනිමේ අර්ධ ශතක දෙකක් වාර්තා වුනා. ඒ ඉන්දීය නායිකා මිතාලි රාජ් සහ ටානියා භාතියා විසින්. මිතාලි පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. එම අර්ධ ශතකය මිතාලිගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 51 වැනි අර්ධ ශතකයයි.

Asia Cup එකේ ලකුණු අතරට එන්න පුලුවන් වෙයි – කුසල් මෙන්ඩිස්

දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් සහභාගී වන මංගල ආසියානු කුසලානය සඳහා ඔහු ඊයේ (11) දිවයිනෙන් පිටත්ව ගියේය. ප්‍රථම වරට ආසියානු කුසලානයක් ක්‍රීඩා කිරීම පිළිබඳව මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් මෙවර සංචිතය නියෝජනය කිරීම ගැන කුසල් ThePapare.com වෙත මෙසේ අදහස් දැක්වූවා.

ඉන්දීය ඉනිම ලකුණු 66කට කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ටානියා භාතියා රැස් කළ ලකුණු සංඛ්‍යාව 68ක්. මෙම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට පන්දු 66ක් පමණක් වැය කළ භාතියා ඊට හතරේ පහර 9ක් එක් කළා. ඇය මිතාලි සමඟ එක් වෙමින් එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් ද එක් කළා.  

දයාලාන් හේමලතා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් රැස් කළා.

ඉන්දිය ඉනිමේ අවසන් කඩුලු 4 අවසන් පන්දු වාරයේ දී දැවී යෑම විශේෂිත සිදු වීමක් වුනා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් යැවුණ එම පන්දු වාරයේ දී ෂිකා පාන්ඩේ (15), දයාලාන් හේමලතා (35), පූනම් යාදව් (01) සහ මන්ෂි ජෝෂි (02) එසේ දැවී ගිය ක්‍රීඩිකාවන් වුනා. මේ අතරට දුවද්දී දැවී යෑමක් ද අඩංගුයි.

අවසන් පන්දු වාරයේ කඩුලු 3ක් දවාගත් චමරි අතපත්තු ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව උදේශිකා ප්‍රබෝධනී සහ ශ්‍රීපාලි වීරක්කොඩි විසින් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 219 (50.0): මිතාලි රාජ් 52, ටානියා භාතියා 68, දයාලාන් හේමලතා 35,  උදේශිකා ප්‍රබෝධනී 2/45, ශ්‍රීපාලි වීරක්කොඩි 2/36, චමරි අතපත්තු 3/42

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 213 (48.1): චමරි අතපත්තු 57, ශෂිකලා සිරිවර්ධන 49, නිලක්ෂි ද සිල්වා 31, මන්සි ජෝෂි 3/51,  රාජේෂ්වරී ගයක්වාඩ් 2/37

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින තරගය මේ මස 16 වැනිදා කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් දැනුවත් වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.  

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<