දැල්පන්දු ඉතිහාසයේ පළමු වතාවට ඉහළ කාර්‍ය සාධනයට නව අංශයක්

236
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය මාධ්‍ය අමතමින්

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන කනිෂ්ඨ සහ ජාතික මට්ටමේ දැල්පන්දු තරගාවලි දෙකක් ඉදිරි සති කිහිපය තුල දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එළඹෙන ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය, ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය සහ දැල්පන්දු ක්‍රීඩාව නගා සිටීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් රැගෙන තිබේ.

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු උපනායිකාව මෙලොවින් සමුගනී

වයස අවුරුදු 21න් පහළ ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය නොවැම්බර් මස 30 වැනිදා සිට 2 වැනිදා දක්වා දින තුනක් පුරාවට කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඊට අමතරව ජාතික දැල්පන්දු තරගාවලිය දෙසැම්බර් මස 14 සහ 15 යන දෙදින පුරාවට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

ඒ අතරින් වයස අවුරුදු 21න් පහළ ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය සඳහා මේ වන විටත් දිවයින පුරා විසිරුණු කණ්ඩායම් 36ක් ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර තිබෙන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිතුමිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය මේ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය 23 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී පවසන ලදි.

මෙම තරගාවලි දෙක සඳහාම ශූරතා කුසලාන, අනුශූරතා කුසලාන සහ තෙවැනි ස්ථානය සඳහා වන කුසලාන ලබා දීමට කටයුතු සකස් කර තිබෙන අතර එම තරගාවලි දෙකේ දක්ෂතම පන්දු විදින්නිය, දක්ෂතම ආක්‍රමණය, දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව, දක්ෂතම රකින්නිය සහ දැල්පන්දු රැජින යන විශේෂිත ඇගයීමේ සම්මාන ද පිරිනැමීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේ අනාගතය සවිමත් කිරීම වෙනුවෙන් ක්‍රීඩිකාවන් සංවර්ධනය, විනිසුරුවරුන් සංවර්ධනය සහ පුහුණුකරුවන් සංවර්ධනය යන මූලික අංශයන් තුන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ඉදිරි නව සංවර්ධන වැඩපිළිවෙළ දියත් කර තිබීම කැපී පෙනේ.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ජූලි මස 8 වන දා සිට 16 වන දා දක්වා රටවල් 20ක …..

ඒ වෙනුවෙන් ක්‍රීඩිකා සංවර්ධන අංශයේ ප්‍රධාන උපදේශකවරිය ලෙස යස රාමචන්ද්‍ර මහත්මිය පත් කර තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දැල්පන්දු නායිකාවක් වන දීප්ති අල්විස් මහත්මිය එහි කමිටු සභාපතිනිය ලෙස කටයුතු කරයි. එහි දී ජාතික සංචිතයට අමතරව වයස අවුරුදු 16න් සහ 19න් පහළ වශයෙන් ජාතික සංචිත දෙකක් නොකඩවා ඉදිරියට පවත්වා ගෙන යාම සහ දිවයින පුරා සිටින දක්ෂ ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම එම අංශය යටතේ සිදු කරනු ලැබේ.

විනිසුරුවරුන් සංවර්ධන අංශයේ කමිටු සභාපතිනිය සහ විභාග කමිටු සාමාජික ලෙස යැස්මින් ධර්මරත්න මහත්මිය කටයුතු කරනු ලැබේ. රංජනී හේරත් මහත්මිය මෙහි විනය කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරයි. ඊට අමතරව ශ්‍රී ලංකා දැල්පන්දු ඉතිහාසයේ පළමු වතාවට ඉහළ කාර්‍ය සාධනය සඳහා නව අංශයක් පිහිටුවා තිබෙන අතර එහි කළමනාකාරීවරිය ලෙස කටයුතු කරනු ලබන්නේ හයසින්ත් විජේසිංහ මහත්මියයි. 

ඔලීවියා ගමගේ මහත්මිය පුහුණුකරුවන් සංවර්ධන අංශයේ ප්‍රධාන උපදේශකවරිය ලෙස හා විභාග කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කොට තිබෙන අතර පුහුණුකරුවන් සංවර්ධන අංශයේ අනුශාසකවරිය ලෙස හයසින්ත් විජේසිංහ මහත්මිය ද, කමිටු සභාපතිනිය ලෙස යමුනා සඳමාලි මහත්මිය කටයුතු කරනු ලැබේ. එමඟින් පාසලෙන් ක්‍රීඩිකාවන් ඉවත් වූ විගස තරුණ පුහුණුකරුවන්, ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් හඳුනා ගැනීමට ඔවුන් අපේක්ෂා කරනු ලැබේ. 

“මේ නිලධාරින් සියලු දෙනාම කටයුතු කරන්නේ වැටුප් රහිතවයි. තමන් ඉස්සරහට ආපු මේ දැල්පන්දු ක්‍රීඩාව වලපල්ලට යනවට මේ කවුරුත් කැමති නැහැ. එක නිසයි ඒ ගොල්ලෝ ඔවුන්ගේ රාජකාරිවලට අමතරව මේ ක්‍රීඩාව වෙනුවෙනුත් ඔවුන්ට දෙන්න පුළුවන් දේ දෙන්නේ.” යැයි ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිතුමිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය පැවසීය. 

දැල්පන්දු කුසලානයට බලාපොරොත්තු තබා ගත හැකි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම “ලෝක යොවුන් ………..

පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය වෙත ලැබී තිබෙන සියලු පැමිණිලි සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හරහා එළඹෙන මාර්තු මාසයට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ විනය කමිටු සභාපතිනිය වන රංජනී හේරත් මහත්මිය පවසන ලදි.

එසේම ශ්‍රී ලංකාව තුල දැනට සිටින පුහුණුකරුවන් වෙනුවෙන් විදේශ පුහුණුකරුවන් දෙදෙනෙක් යොදාගෙන ඉදිරියේ දී විශේෂ වැඩමුළුවක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සකස් කර තිබෙන බව අනාවරණය විය. 

මේ තරගාවලි පිළිබඳව සහ ඔවුන්ගේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගිය සිකුරාදා (23) ශ්‍රී ලංකා ක්‍රීඩා  විද්‍යාතනයේ දී පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිතුමිය වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියේය. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<