ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ජය

1078
Sri Lanka vs Zimbabwe development cricket 1st tes day 4 report
ජායාරූපය සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නිල twitter ගිණුමෙනි.

සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරඟයේ සිව්වන හා අවසන් දිනය අද (31) හරාරේ පිටියේදී නිමාවට පත්විය. මෙම තරඟය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුවට අත වනයි

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම තම දෙවන ඉණිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබාසිටි අතර පබසර වඩුගේ ලකුණු  22*ක් වාර්තා කර තිබුනි.

අනතුරුව දෙවන කඩුල්ල සඳහා ලකුණු 35ක සබඳතාවයක් ගොඩනැංවීමට පැතුම් වඩුගේ හා අනුක් ප්‍රනාන්දු සමත් විය. පැතුම්ගේ එම සබඳතාවයට තිත තබමින් දෙවන කඩුල්ල ලෙස 4 පහරවල් 6ක් සමඟ ලකුණු 30ක් ලබා සිටියදී ඔහු දැවීයන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 97ක් ලෙස සටහන්ව තිබියදී ආරම්භ වූ 5 වන කඩුල්ල සඳහා වන සබඳතාවය ලකුණු 44ක් දක්වා පවත්වාගෙන යාමට සඳුන් වීරක්කොඩි හා අනුක් ප්‍රනාන්දු  සමත් විය. පළමු ඉණිම තුල ද පිත්ත සාර්ථක කරගනිමින් ලකුණු 151ක් ලබාගැනීමට  සමත් වූ සඳුන්, මෙම ඉණිමේ දී ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව වර්ණවත් කිරීමට සමත් විය. ඔහු 5 වන කඩුල්ල ලෙස 4 පහරවල් 7ක් සමඟ ලකුණු 35ක් ලබා සිටියදී දැවීයන ලදි.

අනතුරුව පිටියට එක්වූ නායක රුමේෂ් බුද්ධික හා අනුක් ප්‍රනාන්දු 6 වන කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවයක් පවත්වා ගෙනයමින් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. මෙහිදී තරඟය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කල අනුක් ප්‍රනාන්දු ලකුණු 61*ක් ලබාගත් අතර එම ඉණිම 4 පහරවල් 6කින් හා එක් 6 පහරකින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වර්ණවත් කරන ලදි. නායක රුමේෂ් බුද්ධික 4 පහරවල් 2ක් සමඟ ලකුණු 15* නොදැවී ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම දෙවන ඉණිම – 185-5 (41) අනුක්  ප්‍රනාන්දු 61*, සදුන් වීරක්කොඩි 35, පැතුම් වඩුගේ 30, ලුකේ ජොන්ග්වේ 2/25, කාල් මුම්බා 2/54

අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම කඩුලු 5කින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

දෙරට අතර පළමු නිල නොවන එක්දින තරඟය සැප්තැම්බර් 3 වනදා හරාරේ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට