වසීම්ගේ තුරුම්පුවත් අසාර්ථක වෙයි

87

2022 FIFA ලෝක කුසලාන තරගාවලිය හා ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි ව. තවත් තරගයක් ඊයේ (19) ටර්ක්මෙනිස්තානය සමඟින් පැවති අතර එහි දී ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේ ටර්ක්මෙනිස්තානය යි.

SAG යන පාපන්දු කණ්ඩායම නම් කෙරේ

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය ……….

මෙම තරගය දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පස්වැනි තරගය වූ අතර තරගය ටර්ක්මෙනිස්තානයේ ඇස්ගාබට් හිදී පැවැත්විය. මෙම තරගයේ පළමු අදියර කොළඹ දී පැවති අතර එහි දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්විය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට අලුතින් එක්වූ වසීම් රසීක් යොදවා තිබීම විශේෂත්වයකි. 

තරගයේ මුල් මිනිත්තු 40 තුල කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්වූ අතර එම කාලය තුල ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකම අසමත් විය. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වීමට මිනිත්තුවක් ඉතිරිව තිබියදී ටර්ක්මෙනිස්තානය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට ආබේදි බයිටොව් සමත් විය. ඒ අනුව පළමු අර්ධය නිමා වන විට ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ටර්ක්මෙනිස්තානය සමත් විය. 

පළමු අර්ධය: ටර්ක්මෙනිස්තානය 01 – 00 ශ්‍රී ලංකාව

තරගයේ දෙවන අර්ධයේ දී ආරම්භක මිනිත්තු කීපය තුල ටර්ක්මෙනිස්තානය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ අතර ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා වූයේ 59 වැනි මිනිත්තුවේ දී ය. එම ගෝලය වාර්තා කිරීමට මිකායිල් ටෝටොව් සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ද ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් ප්‍රබල ටර්ක්මෙනිස්තාන ඉදිරිපෙළ හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය. මෙම තරගයේ අවස්ථා දෙකක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන මොහොමඩ් අමාන් හා අහම්ඩ් වසීම් හට කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේය. තරගයේ නියමිත කාලය අවසන් වූයේ ටර්ක්මෙනිස්තානයට ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

දැඩි සටනකට පසු වසීම් රාසික් ගැන අවසන් තීරණයක්!

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 FIFA ලෝක කුසලාන ……

මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම අඛන්ඩව ලැබූ පස්වැනි පරාජය වන අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම එකඳු ගෝලයක් හෝ වාර්තා කර නොතිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් එම තරගවල දී ගෝල 16ක් වාර්තා කර ඇත. 

මෙම ජයග්‍රහණයත් සමඟින් ටර්ක්මෙනිස්තානය දෙවන වටයේ H කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත. ඔවුන් සහභාගි වූ තරග 5ක දී ජයග්‍රහණ 3 ක් ලබාගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ අවසන් ස්ථානයට පත්ව ඇත. 

අවසන් ලකුණු තත්වය: ටර්ක්මෙනිස්තානය 02 – 00 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය එළඹෙන මාර්තු මස 31 වැනිදා දකුණු කොරියාව සමඟින් පැවැත්වීමට නියමිතය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<