තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළ ද ප්‍රතිවාදීන්ගේ දක්ෂතා හමුවේ නැවත වතාවක් අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය සමඟ අද (20) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ සිව්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 18ක පරාජයක් ලැබූහ.
මෙම තරග පරාජයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයෝ තරග 5කින් සමන්විත එක් දින තරගාවලිය තරග 3-0ක් ලෙසින් තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජය ගැනීමට සමත් වූහ.
අභිමානය බේරාගන්න ලැබෙන අවසන් අවස්ථාවට පෙර
නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලි කිහිපය තුලම සාර්ථක අවසානයක් කරා ළඟා වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර
අද තරගයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඉයන් මෝගන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 273ක් ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් තරගය අතර මග නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 132ක් ලබා සිටියේ ය.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙසින් සධීර සමරවික්‍රම (01) ඉනිමේ පස්වැනි පන්දු වාරයේ දී දැවී ගිය ද දෙවැනි කඩුල්ලේ සිට ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙහෙස වූහ.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ නායක දිනේෂ් චන්දිමාල් අතර එක් වූ ලකුණු සබඳතාව 70කි. චන්දිමාල් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ය.
නිරෝෂන් දික්වැල්ල අද තම එක්දින තරග පිටියේ 7 වැනි අර්ධ ශතකය ලබා ගත්තේ ය. ඔහු පන්දු 70කට මුහුණ දී හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කර ගනිමින් ලකුණු 70ක් ලබා ගත්තේ ය. කුසල් මෙන්ඩිස් අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසිය ද ඔහුට අද ද සාර්ථක වීමට අවකාශ සැලසුණේ නැත. පන්දු 14ක දී ලකුණු 5ක් ලබා සිටිය දී මෙන්ඩිස් පිටිය හැර ගියේ ය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ව තිබුණි.
5 වැනි කඩුල්ල සඳහා ධනංජය ද සිල්වා සහ දසුන් ශානක එක්ව ලකුණු 52ක සබඳතාවක් එක් කරමින් නැවත ශ්‍රී ලංකාව ලකුණු පුවරුව පණ ගසා ගත්හ. ධනංජය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටිය දී දැවී යමින් එම ලකුණු සබඳතාව බිඳ දැමුවේය.
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා පොඩ්ඩන්ට ලකුණු 13ක් හරස් වේ
සිව් දිනක් මුළුල්ලේ කොළඹ එන්. සී. සී. පිටියේ පැවති නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ
අනතුරුව දසුන් ශානකට එක් වූ තිසර පෙරේරා ශ්‍රී ලංකා ලකුණු පුවරුවට නැවත අර්ධ ශතක සම්බන්ධතාවක් එක් කළහ. ඉතාම අවශ්‍යම මොහොතක එක් වූ මෙම ලකුණු සබඳතාව කඩුලු අතර දිවීමේ දී දැක්වූ දුර්වලතාව හේතුවෙන් විනාශ වෙද්දී ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 212ක් ව තිබුණේ ය. එවර කඩුල්ල පූජා කළේ දසුන් ශානක ය. ඔහු තම එක්දින පිටියේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 66කට මුහුණ දෙමින් ලකුණු 66ක් රැස් කළේය. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් ඇතුලත්ව තිබුණි. එය ඔහුගේ දෙවැනි අර්ධ ශතකයයි.
අනතුරුව ඊළඟ කඩුල්ලට ගොදුරු වූයේ තිසර පෙරේරා ය. ඔහු පන්දු 41ක දී ලකුණු 44ක් ලබා ගත්තේ ය. තිසර දුවද්දී දැවී යන විට හතරේ පහර 2ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගෙන තිබුණි. තිසර සහ අකිල අතර 7 වැනි කඩුල්ලට එක්වූ ලකුණු සබඳතාව 46කි.
ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී අකිල දනංජය පන්දු 26කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් ලසිත් මාලිංග නොදැවී ලකුණු 4ක් ලබා පිටියේ රැඳී සිටියේ ය.
කඩුලු ලබා ගැනීමේ දී මොයින් අලි ලකුණු 55කට කඩුලු 2ක් ලබා ගත් අතර ක්‍රිස් වෝක්ස්, ටොම් කුරාන් සහ අදිල් රෂීඩ් කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ ආරම්භයේ සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන්හ. එසේ වූව ද ඉනිමේ 10 වැනි පන්දු වාරයේ දී අකිල දනංජය සාර්ථක විය. එතෙක් පන්දු 23කට මුහුණ දී ලකුණු 12ක් ලබා සිටි ඇලෙක්ස් හලෙස්ගේ කඩුල්ල බිඳ දැමූ නිරෝෂන් දික්වැල්ල එම කඩුල්ල දවා ගැනීමට සහයෝගය ලබා දුන්නේ ය.
ජේසන් රෝයි සහ ඇලෙක්ස් හලෙස් අතර පළමු කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 52කි. ඇලෙක්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ජෝ රූට්ස් පිටියට පිවිස අතර ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව 24ක් වෙද්දී නැවත වතාවක් ක්‍රියාත්මක වීමට අකිල දනංජය සමත් විය. එවර ඔහුට ගොදුරු වූයේ ජේසන් රෝයි ය. ඔහු පන්දු 49කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 45ක් ලබා සිටිය දී ජේසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
අනතුරුව එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී 132ක් වෙද්දී ක්‍රීඩාංගණයට වට වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කර දමන ලදි. ඒ වෙද්දී ජෝ රූට්ස් පන්දු 57කට මුහුණ දී කිසිදු සීමා ලකුණක් නොමැතිව නොදැවී ලකුණු 32ක් ද සහ නායක ඉයන් මෝගන් පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා පිටියේ රැඳී සිටිය හ.
ඒ වෙද්දී එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 2ම දවා ගැනීමේ ගෞරවය අකිල දනංජය විසින් හිමිකර ගෙන සිටියේ ය.
දේවපතිරාජයේ දිනිතගෙන් විශ්මිත පන්දු යැවීමක්
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ රත්ගම
වර්ෂාවේ අඩුවක් නොවීමත් පිටියේ පැවති අඳුරු තත්ත්වයත් සැලකිල්ලට ගත් පිටියේ විනිසුරුවන් වූ පෝල් රයිෆල් සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරුන් තරගය පස්වරු 4.40ට නතර කර දමන ලදි.
ශ්‍රී ලංකාව; කඩුලු 7ක් දැවී 273 (50): නිරෝෂන් දික්වැල්ල 52, දිනේෂ් චන්දිමාල් 33, දසුන් ශානක 66, තිසර පෙරේරා 44, අනිල දනංජය නොදැවී 32, මොයින් අලි 2/55
එංගලන්තය; කඩුලු 2ක් දැවී 132 (27): ජේසන් රෝයි 45, ජෝ රූට් නොදැවී 32, ඊයන් මෝගන් 31, අකිල දනංජය 2/27
දෙරට අතර පැවැත්වෙන 5 වැනි සහ අවසාන එක්දින තරගය මේ මස 23 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.
එම තරගයේ සේ ම තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















