දේවපතිරාජයේ දිනිතගෙන් විශ්මිත පන්දු යැවීමක්

178

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර රිච්මන්ඩ් විද්‍යාලයීය පිටියේ දී ඉකුත් 17 වැනිදා නිමා වූ තරගයේ දී ප්‍රතිවාදී පළමු ඉනිමේ කඩුලු 10ම දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක්වීමට දේවපතිරාජ විද්‍යාලයේ දිනිත ප්‍රභාංක සමත් විය.

දකුණ බබළවන පුංචි මේසපන්දු තරුව “කවින්ද්‍යා”

මේසපන්දු පිටියට දකුණෙන් පෑයූ තරු බොහෝ ය. අදටත් ඒ තරු මේසපන්දු පිටිය අරා සිටිති. ඔවුන් අතරට පෑයු පුංචි තරුවක් ගැන කියන්නට අපගේ මේ සූදානම. ඇය A. W. තමාදි කවින්ද්‍යා ය.

දකුණතින් පිට දඟපන්දු යවන දිනිත පන්දුවාර 12.4ක් යවමින් කඩුලු 10 දවා ගත්තේ ලකුණු 31ක් පමණක් ලබා දෙමිනි. ඉන් නොනැවතුන ඔහු ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ දී ද ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 72කට කඩුලු 13ක් දවා ගැනීමට සමත් විය.

මේ සුවිශේෂී පන්දු යැවීම සම්බන්ධයෙන් දිනිත ThePapare.com හා එක්වෙමින් පැවසුවේ “ගොඩක් සතුටුයි. විකට් 5ක් විතර ගනිද්දී හිතුණා ඔක්කොම විකට් ටික ගන්න පුළුවන් නම් හොඳයි කියලා. අවසානයේ මට ඒක කරන්න පුළුවන් වුනා. මේ සඳහා ටීම් එකේ ඔක්කෝම මට උදව් කළා. ඔවුන්ටත් රංජන් සර්ටත් දුලිප් සර්ටත් ස්තූති කරන්න ඕන.“

පිතිකරුවෙක් ලෙසින් ද දිනිත පන්දු 65කට මුහුණ දී ලකුණු 36ක් ලබා ගත්තේ ය. එමෙන්ම දිනිත ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ඊයේ (18) ද ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. එමෙන්ම ඔහු එම තරගයේ දී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.  

දින්ත ප්‍රභාංක, පුහුණුකරු රංජන් ලසන්ත සහ ක්‍රිකට් භාර ආචර්ය චතුරංග මෙන්ඩිස් යන මහත්වරුන් සමග

දිනිත ක්‍රිකට් පිටියේ මේ ගත කරන්නේ වයස අවුරුදු 13න් පහළ අවසන් වසරේ ය. කණ්ඩායමේ නායකයා ද ඔහු ය. අක්කා වන තිසරි නුවන්තා දේවපතිරාජයේ බාලිකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අතරම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධිත සංචිතයේ ද සාමාජිකාවකි.

“දිනිතට හරියටම පන්දු යවන්න ලැබුණේ මේ තරගයේ දී. අනෙක් තරගවල දී වේගපන්දු යවන්නෝ තමයි කඩුලු දවා ගත්තේ. නායකයෙක් ලෙසින් දිනිත කණ්ඩායම ඉතාම හොඳින් මෙහෙයවනවා. උනන්දුවෙන් ක්‍රීඩා කටයුතුවල නියුතු වෙනවා. හොඳ අනාගතයක් තියෙන ගේම් එක හරියටම අල්ලගෙන යන ක්‍රීඩකයෙක්.” දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු කේ. රංජන් ලසන්ත මහතා ThePapare.com සමඟ පැවසුවේය.

දිනිත මේ වෙද්දී ගාල්ල දිස්ත්‍රික් කනිෂ්ඨ ක්‍රිකට් සංචිතයේ ද සාමාජිකයෙක් ලෙසින් පුහුණුවීම්වල නිරත වෙන බැව් ද රංජන් ලසන්ත මහතා පැවසුවේය.

දේවපතිරාජ විදුහලේ විදුහල්පතිතුමා සමඟින්.

“දිනිත දැක්වූ මේ දක්ෂතාව අපේ විද්‍යාලයට විශාල ගෞරවයක්. ඔහු මේ තරගයට පෙර සිටම පැවසුවේ රිච්මන්ඩ් එක්ක තරගය දිනන්න ඕන කියන එකයි. අපිත් දැනගෙන හිටියා රිච්මන්ඩ් සමඟ තරගය ලෙහෙසි එකක් නොවන වග. නමුත් දිනිතගේ දක්ෂතාවත් සමඟින් තරගය අපිට වාසිදායක වුනා. එහි සම්පූර්ණ ගෞරවය දිනිතට හිමි වෙනවා. ඒ වගේම ලකුණු 97ක් ලබා ගත් පැතුම් ශාමින්දට ද හිමි වෙනවා.” දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය දුලිප් චතුරංග මෙන්ඩිස් මහතා ThePapare.com වෙත පැවසුවේය.

දිනිත ඇතුළු දේවපතිරාජ ක්‍රිකට් කණ්ඩායම මේ ගමන යන්නේ ඉතා අපහසුවෙන් බව ද දුලිප් චතුරංග මහතා පැවසුවේ ය. “යන සම්පූර්ණ වියදම පාසලට දරන්න අමාරුයි. කණ්ඩායමේ ළමුන්ගේ දෙමාපියන්, ආදි සිසුන් වගේම හිතවත් සුබ පතන්නන් තමයි දේවපතිරාජයේ ක්‍රිකට් රැක ගන්නේ. ඔවුන් කරනු ලබන සත්කාරය මේ වගේ දක්ෂතා නිසා අපතේ ගිහිල්ල නැති බව ඔප්පු වෙනවා. මේ දක්ෂතා දිහා බලලා ඔවුනුත් සතුටු වෙනවා.” චතුරංග මෙන්ඩිස් මහතා තව දුරටත් පැවසුවේය.

අභිමානය බේරාගන්න ලැබෙන අවසන් අවස්ථාවට පෙර

නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලි කිහිපය තුලම සාර්ථක අවසානයක් කරා ළඟා වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිය…

මෙම තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි වූ අතර එහි දී පැතුම් ශාමින්ද නොදැවී ලකුණු 97ක් ලබා ගත්තේ ය. දකුණත් පිතිකරුවෙක් වූ පැතුම් පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුලත් කළේය.

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (34.4): තවීශ දලන්ජිත් 26, පෘත්වි යසස් 24, චෙහාන් සුබසිංහ 10, දිනිත ප්‍රභාංක 10/31

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (39.2): පැතුම් ශාමින්ද නොදැවී 97, දිනිත ප්‍රභාංක 36, ෂැරොන් ශාමින්ද 2/41

රිච්මන්ඩ් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 108 (13): පෘත්වි යසස් 30, චෙහාන් සුබසිංහ 24, ශැරොන් අභිෂේක් නොදැවී 18, මෙනුර භානුක නොදැවී 11, දිනිත ප්‍රභාංක 3/41, පැතුම් ශාමින්ද 2/41

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<