දශක 4ක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 17ක් තිස්සේ මෙරට පිටියේ තරගාවලි ජයග්‍රහණයක් සොයමින් සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද (18) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 57ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එකී අවශ්‍යතාව සුරා ගැනීමට සමත් විය.
ඔවුන් ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 211ක ජයග්‍රහණයක් ලබා ගත් අතර මෙම තරග ජයග්‍රහණයත් සමඟ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම සංචාරක ක්‍රීඩකයෝ තරගාවලිය 2-0කින් ජය වාර්තා කළහ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය වෙනුවෙන් දෙලොවක් අතර
ජයග්‍රහණය සඳහා ලකුණු 301ක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සටන්කාමී ඉනිමක නිරත වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට ගෙනවිත්…
ජයග්‍රහණය සඳහා තරගයේ සිව්වැනි ඉනිමේ දී ලකුණු 301ක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වර්ෂාව හේතුවෙන් සිව්වැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 226ක් ලබා සිටියේ ය. අද ඔවුන්ගේ ඉනිම තරගය ආරම්භ වී විනාඩි 31ක් අවසානයේ දී ලකුණු 243කට සීමා විය.
අද තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 75ක අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් සන්තකව තිබුණේ කඩුලු 3ක් පමණි.
නිරෝෂන් දික්වැල්ල ඒ වෙද්දී පන්දු 30ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටිමින් ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව වී සිටියේ ය. 8 වැනි කඩුල්ල සඳහා පිටියට පැමිණෙමින් සිටියේ අකිල දනංජය ය. ඔහුට පිටියේ යාර 30 සීමාවට හෝ ළඟා වීමට ප්‍රථම වට වැස්ස තරගය නතර කළේය.
මොයින් අලි විසින් යැවුණ දිනයේ 5 වැනි පන්දුවාරය ශ්‍රී ලංකා ඉනිමේ ඉරණම තීන්දු කෙරුණු පන්දුවාරය විය. එම පන්දුවාරයේ පළමු පන්දුවේ දී ශ්‍රී ලංකාවේ ඒ වෙද්දී බලාපොරොත්තුව වී සිටි නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල දවා ගැනුණි. ඒ ස්ලිප් ස්ථානයේ සිටි බෙන් ස්ටොක්ස් විසින් රැකගත් පහසු උඩ පන්දුව හේතුවෙනි.
දික්වැල්ල පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. ඔහුගේ දැවී යෑමත් සමඟ නායක සුරංග ලක්මාල් පිටියට පිවිසි අතර ඔහුට පිටියේ රැඳී සිටීමට හැකි වූයේ පන්දු 2කට පමණි. කිසිදු ලකුණක් නොලබා ලක්මාල් දැවී යන ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 240ක්ව තිබුණි.
බවන්ත උඩංගමුවගෙන් දැවැන්ත ඉනිමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ත්‍රිත්වයක් අද (17) ආරම්භ වූ අතර එම තරග…
ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් මාලින්ද පුෂ්පකුමාර (01) දැවී ගියේ පන්දු යැවූ ජැක් ලීච් වෙතටම උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 243ක් තිබූ අතර අකිල දනංජය පන්දු 28කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියේ ය.
කඩුලු ලබා ගැනීමේ දී ජැකි ලීච් ලකුණු 83කට කඩුලු 5ක් ද, මොයින් අලි ලකුණු 72කට කඩුලු 4ක් ද ලබා ගත්හ.
තරගයේ වීරයා වූයේ එංගලන්තය වෙනුවෙන් ශතකයක් රැස් කළ නායක ජෝ රූට් ය.
මෙම තරග පරාජයේ දී පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්වූ කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස්ගේ දායකත්වය කණ්ඩායමට නොලැබීම බෙහෙවින්ම ඉවහල් විය. කෞෂාල් සිල්වා තරගයේ ඉනිම දෙකේ දී ම රැස් කළ ලකුණු සංඛ්‍යාව 10ක් පමණි. ඔහු මුහුණ දුන්නේ ද පන්දු 21කට පමණි. කුසල් මෙන්ඩිස් ඉනිම දෙකේ දී පන්දු 10කට පමණක් මුහුණ දී ලබා ගත්තේ ලකුණු 2ක් පමණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග ඉතිහාසයේ 16 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ සුරංග ලක්මාල් මෙම තරගයත් සමඟින් තරග 4කට නායකත්වය දී ඇති අතර මීට පෙර පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගයක් ද සහ දකුණු අප්‍රිකාවට එරෙහි ව ටෙස්ට් තරග 2ක් ද ජයග්‍රහණය කිරීමට සමත් විය. මේ ඔහුගේ නායකත්වය යටතේ පරාජය වූ පළමු තරගයයි.
එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (75.4) රෝරි බර්න්ස් 43, ජොස් බට්ලර් 63, සෑම් කුරන් 64, අදීල් රෂීඩ් 31, ඩිල්රුවන් පෙරේරා 4/61, මාලින්ද පුෂ්පකුමාර 3/89, අකිල දනංජය 2/80
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (103) දිමුත් කරුණාරත්න 63, ධනංජය ද සිල්වා 59, ඇන්ජලෝ මැතිව්ස් 20, රොෂේන් සිල්වා 85, නිරෝෂන් දික්වැල්ල 25, අකිල දනංජය 31, ජැක් ලීච් 3/70, මොයින් අලි 2/85, අදිල් රෂීඩ් 3/75
එංගලන්තය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 346 (80.4) රෝරි බර්න්ස් 59, කීටන් ජෙනින්ග්ස් 26, ජෝ රූට් 124, ජොස් බට්ලර් 34, බෙන් ෆෝක්ස් නොදැවී 65, ඩිල්රුවන් පෙරේරා 3/96, අකිල දනංජය 6/115
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 243 (74) දිමුත් කරුණාරත්න 57, ඇන්ජලෝ මැතිව්ස් 88, රොෂේන් සිල්වා 37, නිරෝෂන් දික්වැල්ල 35, ජැක් ලීච් 5/83, මොයින් අලි 4/72
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා කොළඹ 7, සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වීමට නියමිත ය.
එම තරගයේ සේ ම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<