මෙසීගේ ගෝල 3න් Barcelonaට ජය

59

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනයට පසුව මේ සති අන්තයේ දී ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය ඉතා උණුසුම් වුනා.

Lionel Messiගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්

Lionel Messiගේ සුපිරි ගෝල ත්‍රිත්වයෙන් Barcelona කණ්ඩායම ගෝල 4-1ක් ලෙස Celta Vigo පරාජය කරන්නට සමත් වුනා. Camp Nou හි පැවැත්වුණු මේ තරගයේ දී Lionel Messiගේ සුපිරි දක්ෂතා කැපී පෙනුණා.   

Messi වාර්තා කළ දඬුවම් පහරින් හා අතිවිශිෂ්ට නිදහස් පහරවල් දෙකකින් ඔහු සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තා. Messi 23 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ Barcelona වෙත ගෙන ආවා. Lucas Olaza, Celta වෙනුවෙන් 42 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සම කළේ නිදහස් පහරකින් අලංකාර ලෙස ලකුණු රැස් කරමින්.

Juventus අවසන් 16ට යද්දී Real Madridට දැවැන්ත ජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනයේ දෙවන අදියර ඊයේ (6) පැවැත්වුනා. කලකට පසුව Real Madrid……………

Messi පළමු අර්ධය නිමා වීමට පෙර තරගයේ පෙරමුණ නැවතත් Barca වෙත ගෙන ආ අතර ඒ අලංකාර නිදහස් පහරක් ගෝල රාමුවේ ඉහළ කෙළවරින් දැල් ගත කරමින්. දෙවන අර්ධය ආරම්භයත් සමඟ Messi එවැනිම නිදහස් පහරකින් සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තා. 

Sergio Busquets තරගයේ 81 වැනි මිනිත්තුවේ දී සිව්වැනි Barca ගෝලය වාර්තා කළේ පහසු ජයක් La Liga ශූරයින්ට ගෙනෙමින්. 

අවසන් ලකුණු තත්වය: Barcelona 04 – 01 Celta Vigo

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Lionel Messi (23′ PEN, 45’+1′, 48′) Sergio Busquets (85′)
  • Celta Vigo – Lucas Olaza (42′)

Chelsea ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැනට

Tammy Abraham හා Christian Pulisicගේ දෙවන අර්ධයේ ගෝලවලින් Chelsea කණ්ඩායම ගෝල 2-0ක් ලෙස Crystal Palace පරාජය කරන්නට සමත් වුනා. ඒ අනුව ඔවුන් එංගලන්ත ප්‍රිමියර් ලීග් ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.  

පළමු අර්ධයේ දී Chelsea ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් Pulisicගේ ආක්‍රමණය Vicente Guaita නිශ්ප්‍රභ කළා. පසුව Willianගේ උත්සාහය Gary Cahill විසින් අවහිර කළේ පළමු අර්ධය ගෝල රහිතව අවසන් කරමින්.   

52 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට Abraham සමත් වුනා. ඒ Willian එල්ල කළ පන්දුව හරවා දැල් ගත කරමින්.   

United කලකට පසු සාර්ථක වෙද්දී Arsenal නැවතත් අසාර්ථකයි

එංගලන්ත Premier League තවත් වැදගත් උණුසුම් සතියේ තරග කිහිපයක් ඊයේ (27) දිනයේ දී පැවැත්විය. මේ සති අන්තයේ……………..

James Tomkins, Crystal Palace වෙනුවෙන් ගත් උත්සහයක් ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගිය අතර Pulisic ගෝල රාමුවේ ආසන්නයේම සිට දෙවන ගෝලය වාර්තා කළේ අඛණ්ඩ හයවැනි Chelsea ජය වාර්තා කරමින්.  

අවසන් ලකුණු තත්වය: Chelsea 02 – 00 Crystal Palace

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Tammy Abraham 52′, Christian Pulisic 79′

Spurs බලාපොරොත්තු යළිත් සුන්

George Baldockගේ සුපිරි ගෝලය නිසා Sheffield United, ප්‍රබල Tottenham Hotspur හමුවේ ගෝල 01-01ක් ලෙස තරගය අවසන් කර ගැනීමට සමත් වුනා. 

John Lundstram පළමු අර්ධයේ කළ ප්‍රහාරය ගෝල රාමුවේ වැදී ඉවත ගියත්, 58 වැනි මිනිත්තුවේ දී Son Heung-min, Spurs වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. 

David McGoldrick, Sheff Utd වෙනුවෙන් ගෝල සම කළා යැයි සිතුවත් විනිසුරු VAR භාවිතයෙන් එම අවස්ථාව ව්‍යර්ථ කළේ එම ගෝලය වාර්තා කිරීමට පෙර ඔහු Offside ස්ථානයක සිටි බව පවසමින්.   

Son හට ගෝලයක් වාර්තා කිරීමට තිබූ අනගි අවස්ථාවක් ගිලිහි ගිය නමුත් Baldockගේ සුපිරි ගෝලයෙන් තරගය සම සමව අවසන් වුනේ 78 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: Sheffield United 01 – 01 Tottenham Hotspur

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Sheffield United – George Baldock 78′ 
  • Tottenham Hotspur – Son Heung-Min 58′

Leicester ප්‍රහාරයෙන් Arsenalට අසාධ්‍යයි

Jamie Vardyගේ හා James Maddisonගේ සුපිරි ගෝල ද්විත්වයෙන් ගෝල 2-0ක් ලෙස Arsenal පරාජය කරන්නට Leicester City සමත් වුනා.  

Alexandre Lacazette පළමු අර්ධයේ දී කවාකාරව එල්ල කළ අලංකාර ප්‍රහාරයක් අපතේ ගියත්, ඒ අවස්ථාව හැර Arsenal කණ්ඩායමට සැලකිය යුතු අවස්ථාවක් පළමු අර්ධයේ දී ලැබුණේම නැහැ. 

Wilfred Ndidiගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියත්, Youri Tielemansගේ පන්දු යොමු කිරීම Vardy 68 වැනි මිනිත්තුවේ දී දැල් ගත කළේ තරගයේ පළමු ගෝලය ලෙසයි.  

එතනින් නොනැවතුණු Vardy, නැවතත් ක්‍රියාත්මක වී Maddison හට අලංකාර පන්දු යොමු කිරීමක් සිදු කළ අතර දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත සිය ඔහු අලංකාර ලෙස දෙවන Leicester ගෝලය රැස් කළා.

අවසන් ලකුණු තත්වය: Arsenal 00 – 02 Leicester City

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Leicester City – Jamie Vardy 68′, James Maddison 75′

Bayern Munich ප්‍රහාරයෙන් Dortmund බලය බිඳ වැටේ

Bundesliga ශූර ප්‍රබල Bayern Munich කණ්ඩායම ගෝල 4-0ක් ලෙස සිය ප්‍රබලතම ප්‍රතිවාදීන් වන Borussia Dortmund පරාජය කළා. මේ තරගයේ දීත් සිය ගෝල මැෂිම ක්‍රියාත්මක කළ Robert Lewandowski තවත් ගෝල ද්විත්වයක් වාර්තා කළේ Bayern, Bundesliga ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඔසවා තබමින්.  

පසුගිය සතියේ දී Bayern, Eintracht Frankfurt හමුවේ නොසිතූ විරූ ලෙස ගෝල 5-1ක් ලෙස පරාජය වූ අතර ඒ නිසාම ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන විනිසුරු වන Niko Kovacව ධුරයෙන් ද පහ කළා.  

හිරුෂගේ සුපිරි ගෝල ද්විත්වයෙන් කිංග්ස්වුඩ්ට තියුණු ජයක්

කොළඹ වෙස්ලි විද්‍යාලය ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් දෙවන වරටත් පැවැත්වුණු කෙනෙත් එම්. ඩී ලැනරෝල්………..

Lewandowskiගේ ගෝල ද්විත්වයෙන් අනතුරුව Serge Gnabry ද කණ්ඩායමට ගෝලයක් එකතු කළ අතර Bayern සිට නැවත Dortmund වෙත මාරු වූ Mats Hummels, Bayern කණ්ඩායමට Own Goal අවස්ථාවකින් සංග්‍රහ කිරීම කැපී පෙනුණා.    

අවසන් ලකුණු තත්වය: Bayern Munich 04 – 00 Borussia Dortmund

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Bayern Munich – R. Lewandowski (17) S. Gnabry (47) R. Lewandowski (76) M. Hummels (80 OG)

Real Madrid පළමු තැනට

Karim Benzemaගේ සුපිරි දස්කම් සමඟින් Real Madrid ගෝල 4-0ක් ලෙස Eibar පරාජය කරන්නට සමත් වුනා. ඒ අනුව Real Madrid, La Liga ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීම විශේෂත්වයක්.   

Benzema 17 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර 20 වැනි මිනිත්තුවේ දී Sergio Ramos ලකුණු පුවරුව දෙගුණ කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්. නැවත වතාවක් ක්‍රියාත්මක වූ Benzema 29 වැනි මිනිත්තුවේ දී සිය දෙවන ගෝලයත් වාර්තා කළේ දිනයේ දෙවන දඬුවම් පහරත් සාර්ථක කර ගනිමින්.      

Federico Valverde 61 වැනි මිනිත්තුවේ දී සියල්ලන් පුදුම කරමින් සිව්වැනි ගෝලය වාර්තා කළ අතර ඒ අනුව Zinedine Zidaneගේ Madrid කණ්ඩායම Barcelona හා Real Sociedad පසු කරමින් ලකුණු සටහනේ පළමු ස්ථානයට උසස්වීම් ලැබුවා. 

අවසන් ලකුණු තත්වය: Real Madrid 04 – 00 Eibar

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Real Madrid – K. Benzema (17) Sergio Ramos (20 pen) K. Benzema (29 pen) F. Valverde (61)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<