ලෝක වාර්තාවක් හිමි ප්‍රවීණ පිතිකරුවා ජීවන ගමනින් නික්ම යයි

233
Sir Everton Weekes

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි පිතිකරු Sir Everton Weekes ඊයේ (01) දින අභාවප්‍රාප්ත වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලදි.

රංජි කුසලානයේ හොඳම පන්දු යවන්නා දිවි ගමනින් සමුගනී

රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු

පසුගිය වසරේ ජුනි මස සිට රෝගී තත්වයෙන් පීඩා විඳි ඔහු මිය යන විට 95 වැනි වියෙහි පසු වූ අතර බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහුගේ වියෝව තහවුරු කර තිබුණි.

වයස අවුරුදු 14 දී සිය පාසල් ගමනට තිත තබමින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්පූර්ණ අවධානය දීම ආරම්භ කළ ඔහු 1945 දී බාර්බඩෝස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග සඳහා ප්‍රවිෂ්ට වූ අතර 1964 දක්වා වසර 19ක් එම කණ්ඩායම වෙනුවෙන් තරග 152ක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 12,010ක් ලබා ගනිමින් 55.34ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට ද සමත් විය.

පළමු පෙළ පිටියේ දස්කම් නිසාවෙන් 1948 දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් ඔහු එම තරගාවලියේ සිව්වැනි තරගයේ දී ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඉන් පසුව පැවති ඉන්දීය සංචාරයේ දී නොකඩවා ඉනිම් හතරක් තුළ ශතක ලබා ගැනීම නිසාවෙන් ඉනිම් පහක් තුළ අඛණ්ඩව ශතක පහක් ලබා ගත් මුල්ම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය.

ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ත්‍රිබල 3W’s

අපේ රටේ අර්ජුන රණතුංග “කැප්ටන් කූල්” වෙද්දී, සනත් ජයසූරිය “මාස්ටර් බ්ලාස්ටර්”

එමෙන්ම එවකට ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ “The Three Ws” ලෙස හැඳින්වූ ත්‍රිත්වයේ ක්‍රීඩකයෙකු ද වූ අතර 1958 වසර දක්වා ටෙස්ට් තරග 48ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ශතක පහළොවක් ද සමඟින් ලකුණු 4,455ක් ලබා ගනිමින් 58.61ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගැනීමට ද සමත් විය.

1964 ක්‍රීඩා පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1994 වසරේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙස ද කටයුතු කළ අතර ඔහු විසින් ක්‍රීඩාවට කළ සේවය නිසාවෙන් 1995 වර්ෂයේ දී නයිට් පදවියකින් ද පිදුම් ලබන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<