චන්දි සමඟ නැගී ආ යොවුන් පිතිකරණය

465
Sri Lanka v Ireland 1st ODI

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලියට සමගාමීව අයර්ලන්තය සමඟ පැවැත්වෙන අන්තර් ජාතික එක්දින තරඟ දෙකේ පළමු තරඟය අද (16) අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැත්විණි. මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 76 (D/L) කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි. මෙම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් ලබාගැනීමට කුසල් මෙන්ඩිස්, දසුන් ශානක හා ධනංජය සිල්වා සමත් විය. කුසල් පෙරේරා සමඟ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක ලකුණු 42ක සබඳතාවයක් එක් කරන ලදි. දිනේෂ් චන්දිමාල් තම පිතිකරණ දක්ෂතා යළිත් විහිදුවා තම තුන්වන ශතකය ලබාගැනීමට සමත් විය. චන්දිමාල් නොදැවී ලකුණු 100 ක්  ලබාගැනීමට 4 පහරවල් 6 ක් එල්ල කරන ලදි.

තෙවන කඩුල්ල සඳහා කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් ලකුණු 82 සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. තම මංගල තරගයේදීම මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වීමද සුවිශේෂී සිදුවීමකි. මෙන්ඩිස් 4 පහරවල් 8ක් සමඟ ලකුණු 51යි. චන්දිමාල් සමඟ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් 4 වන කඩුල්ල සඳහා ලකුණු 88 සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. මැතිව්ස් ලකුණු 49කට අවසනාවන්ත ලෙස දැවී යන ලදි. දසුන් ශානක තම මංගල තරගයේ දීම චකිතයකින් තොරව පන්දු 19 කදී 4 පහරවල් 5 ක් හා 6 පහරවල් 3 ක් සමඟ ලකුණු 42 ක් ලබාගැනීමට සමත් විය. නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 303 ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 303-7 (50) දිනේෂ් චන්දිමාල් 100*, කුසල් මෙන්ඩිස් 51, ඇන්ජලෝ මැතිව්ස් 49, දසුන් ශානක 42 විලියම් රැන්කින් 2/46, ජෝන් මැකාති 2/69

අනතුරුව ලකුණු 304 දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පළමු කඩුල්ලට ලකුණු 53ක් එක් කරන ලදි. නායක විලියම් පොටර්ෆීල්ඩ් 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 73යි. මෙහිදී කෙවින් ඕබ්‍රයන් දවාලීමට තිබූ අවස්ථාවන් 4 ක් පමණ උඩ පන්දු අත්හැරීම නිසා මඟ හැරෙන ලදි. කෙසේ වෙතත් ඔවුන් සිව්වන කඩුල්ල සදහා ලකුණු 68 සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. තරගයේ අවසන් පන්දුවාර 20 තුළ පමණ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරඟය පැයක් පමණ ප්‍රමාද වූ අතර අනතුරුව තරඟය පන්දුවාර 47 කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 293 ලකුණු ප්‍රමාණයක් ජයග්‍රහණය සදහා ලබාගැනීමට අවශ්‍ය විය. කෙසේ වෙතත් අනතුරුව මංගල තරගයේ ම ක්‍රියාත්මක වූ ශානක අයර්ලන්ත කණ්ඩායම සුනු විසුන කරමින් පන්දු යවන ලදි. අනුව තරඟය ඉක්මනින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

අයර්ලන්ත කණ්ඩායම – 216-10 – (40.4)විලියම් පොටර්ෆීල්ඩ් 73, කෙවින් ඕබ්‍රයන් 64, පෝල් ස්ටයරින් 27 ,දසුන් ශානක 5/43 ඇන්ජලෝ මැතිව්ස් 2/37

තරගයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනාගන්නා ලදි.

දෙරට අතර දෙවන හා අවසන් එක්දින තරඟය ලබන 18 වැනි සෙනසුරාදා ඩබ්ලින් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න

Chandimal and Shanaka script welcome victory for Sri Lanka

Chandimal and Shanaka script welcome victory for Sri Lanka