ගෙවුනු දවස ජුනි 23 – ධර්මරාජ අවසන් තීරණය අැමතිතුමාගෙන්

364
Sri Lanka Sports News last day summary june 23

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රග්බි

ධර්මරාජෙට දඩුවම් කරයිද?

පසුගිය සති අන්තයේ පැවැත්වු අවසන් පාසල් රග්බි ශූරතාවලියේදි මහත් අාන්දෝලනයකට තුඩු දුන් තරගයක් වන ධර්මරාජ විද්‍යාලය සහ ශාන්ත ජෝසෆ් විද්‍යාලය අතර පැවති තරගය ගුටි වරුසාවක් මැද නිමාවට පත්විය. ඊට හේතුව වුයේ ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩකයෙකුට තරග තීරකවරයා ලබා දුන් කහ කාඩ් පතයි.

මේ සිදුවු සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චයක් ලබා දීම සඳහා අධ්‍යාපන අැමතිතුමාගේ නිර්දේශය යටතේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් අාරම්භ කර අැති අතර එහි වාර්තාව නුදුරු දිනයකදි එළි දැක්වීමට නියමිතව අැත. එහිදි අවසන් තීරණයක් අැමතිතුමා විසින් ලබා දෙනු අැත.


ක්‍රිකට් –

මැතිව්ස්ට දෙවැනි එකට ඉන්න බැරි වෙයි?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා  එංගලන්ත කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව ලකුණු සම මට්ටමින් අවසන් විය.

පළමු එක්දින තරඟය අතරතුර පාදයේ ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට හෙට (24) බර්මිංහැම් හිදී ඇරඹෙන ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරගය අහිමි වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

සම්පුර්ණ ලිපිය: ප්‍රබල ඉත්තෙක්ට දෙවන තරඟය මඟ හැරෙයි?

ප්‍රථම දිනයේ අාධිපත්‍ය ශ්‍රී ලංකා තරුණයින්ට

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරඟය අද (23) පී.සාරා ඕවල් පිටියේදී ඇරඹිනි. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108 ක් ලබාසිටින ලදි.

දකුණු අප්‍රිකානු පළමු ඉණිම –206-10 (56.1) රිකාඩෝ වැස්කොනලස් 78, රේනාඩ් වෑන් ටොන්ඩර් 41,වියාන් මුල්ඩර් 41, තිසරු දිල්ශාන් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 2/41, තිලාන් ප්‍රසාන් 2/31

ශ්‍රී ලංකා පළමු ඉණිම ( පළමු දිනය නිමාවන විට) – 108 -2 (32) විශ්ව චතුරංග 59*, සම්මු අශාන් 31*

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බලය පතුරුවයි


පිහිනුම්

මයිලෝ පාසල් පිහිනුම් තරගාවලිය

මයිලෝ පාසල් පිහිනුම් තරගාවලියේ පලමු දිනය අදයි. 43වැනි වරටත් පවත්වන මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබයි. අද දිනය නිමා වන විට නව තරගාවලි වාර්තා කිහිපයක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමත් විය. තරගය පුරා දින 4ක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

අද දින තරග වාර්තා –

15 න් පහළ මීටර 200 – පසුපස ආර (ජේශ්ඨ බාලක)
ෂෙවින්ද ද සිල්වා (ශාන්ත ජෝශප් විද්‍යාලය) විනාඩි 02 තත්පර 26.53
පෙර වාර්තාව: දිනෙත් ජයකොඩි – විනාඩි 02.29.49

17 න් පහළ මීටර 200 – පසුපස ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
විනෝලි කලූආරච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක) විනාඩි 02 තත්පර 33.48
පෙර වාර්තාව: ඉෂානි එරන්දිකා සේනානායක – විනාඩි 02 තත්.39.48

17 න් පහළ මීටර 50 – සමනල ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර) තත්පර 30.51
පෙර වාර්තාව: හසිනි මැතිව් – තත්පර 31.20

17 න් පහළ මීටර 50 – සමනල ආර (ජ්‍යෙෂ්ඨ බාලක)
අකලංක පීරිස් (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය) තත්පර 26.08
පෙර වාර්තාව: චෙරන්ත ද සිල්වා – තත්. 26.11

19 න් පහළ මීටර 50 – සමනල ආර (ජ්‍යෙෂ්ඨ බාලක)
සිතුවිල් පීරිස් (මොරටුව ශා. සෙබස්තියන්) තත්පර 27.66
පෙර වාර්තාව: උවිදු පෙරේරා – තත්පර 27.68

17 න් පහළ මීටර 50 – නිදහස් ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
දිල්රුක්ෂි පෙරේරා (මහනුවර හිල්වුඞ් විද්‍යාලය) තත්පර 28.66
පෙර වාර්තාව: අමන්දා ජයසේකර – තත්පර 28.80

15 න් පහළ මීටර 200 – ළය ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
රමුදි සමරකෝන් (විශාඛා විද්‍යාලය) විනාඩි 2 තත්පර 51.06
පෙර වාර්තාව: ගිහාරා අමරසිංහ – විනාඩි 2 තත්පර 55.53

17 න් පහළ මීටර 200 – ළය ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
එල්. මෙලනි ප‍්‍රනාන්දු (ආවේ මරියා කන්‍යාරාමය) විනාඩි 3 තත්පර 00.99
පෙර වාර්තාව: ශිහානි මේදිවේකා – විනාඩි 3 තත්පර 02.10

දවසේ නිමාව