අජේ, ගාරියා සහ දේශප්‍රිය ශතක රැස් කරති

84

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (26) බුවනේස්වර් හිදී පැවති තරගයේ දී දෙපිළේ ක්‍රීඩකයෝ තිදෙනෙක් ශතක වාර්තා කිරීම කැපී පෙණුණි. ඒ ඉන්දියාව වෙනුවෙන් ආර්. අජේ කුමාර් සහ ඒ. ගාරියා ද ශ්‍රී ලංකාව වෙනුවෙන් චන්දන දේශප්‍රිය ද වේ.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට පයින් ගැසූ ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23) දිල්ලි හිදී පැවති…

මෙම තරගය දෙරට අතර පැවැත්වෙන තරගාවලියේ දෙවැනි තරගයට වූ අතර එම තරගයෙන් ලකුණු 113ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය 2-0ක් සේ ඉදිරියට පැමිණෙමින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 464ක් ලබා ගත්හ. එම ඉනිමට ශතක දෙකක් ඇතුලත් විය. ඒ අද තරගයේ නායකත්වය ඉසිළු ආර්. අජේ කුමාර් සහ ඒ. ගාරියා ය.

ආර්. අජේ කුමාර් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සමඟින් නොදැවී ලකුණු 155ක් ලබා ගත්තේ ය. ඒ. ගාරියා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 112කි. ඔහු පන්දු 48කට මුහුණ දී හතරේ පහර 18ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 206ක සබඳතාවක් ගොඩ නැගූහ.

ඔවුන්ට අමතරව ආරම්භක පිතිකරු ආර්. ලිංගා පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 65ක් ද, එස්. රමේෂ් පන්දු 24ක දී ලකුණු 58ක් ද ලබා ගත්හ.

ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට හෙට (27) තවත් සුවිශේෂී වාර්තාවක් එකතු වන්නේ දෙරට අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස…

පන්දු යැවීමේ දී සුරංග සම්පත් ලකුණු 67කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව චන්දන සූරියආරච්චි සහ කේ. ඒ. සිල්වා කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 351ක් පමණි. එම ඉනිමේ දී ශතකයක් රැස් කිරීමට චන්දන දේශප්‍රිය සමත් විය. අංක 1 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි දේශප්‍රිය පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟ ලකුණු 101ක් ලබා ගත්තේ ය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු කේ. කුමාර පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව පන්දු 71ක දී 118කි.

ඔවුන් දෙදෙනාට අමතරව ප්‍රියන්ත කුමාර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ද, කේ. ඒ. සිල්වා පන්දු 24ක දී ලකුණු 36ක් ද, චමින්ද බණ්ඩාර පන්දු 23ක දී ලකුණු 24ක් ද සහ දිනේෂ් මතුගම පන්දු 21ක දී ලකුණු 23ක් ද ලබා ගත්හ.

අනෙකුත් පිතිකරුවන් වූ සුරංග සම්පත් (07), රුවන් වසන්ත (13), පී.ඩී. රවින්ද්‍ර (06), චන්දන සූරියාරච්චි (02*) අඩු ලකුණුවලට දැවී ගිය හ.

පන්දු යැවීමේ දී ඩී. මලික් ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ඉන්දියා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 464 (50) ආර්. ලිංගා 65, ආර්. වෙන්කටේස්වර 20, ආර්. ආජේ කුමාර් 155, එස්. රමේෂ් 58, ඒ. ගාරියා 112, සුරංග සම්පත් 3/67

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 351 (50) කේ. කුමාර 62, චන්දන දේශප්‍රිය 101, කේ. ඒ. සිල්වා 36, චමින්ද බණ්ඩාර 24, ප්‍රියන්ත කුමාර නොදැවි 41, දිනේෂ් මතුගම 23, ඩී. මලික් 2/46

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 27 වැනිදා කල්කටාවේ  දී පැවැත්වීමට නියමිත ය. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<