ශ්‍රී ලංකා ලකුණු පුවරුවට පයින් ගැසූ ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ

546

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (23) දිල්ලි හිදී පැවති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම සමත් විය.

ඉන්දියාවට 5-0ක පහසු තරග ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින්…….

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 319ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසු කිරීමට සමත් වූහ. ඒ වෙද්දී තරගය නිමා වීමට තවත් පන්දුවාර 18ක් ම ඉතිරිව තිබුණි. මෙම ජයග්‍රහණය කරා යෑමේ දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගොඩ නැගූ දැවැන්ත ලකුණු පුවරුව පයිසෙකට මායිම් නොකළහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දීය නායකයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් පළමු කඩුල්ලේ සිට සිව්වැනි කඩුල්ල දක්වා අර්ධ ශතක තුනක සහ ශතක සබඳතාවක් පිහිටුවන ලදි.

පළමු කඩුල්ල වෙනුවෙන් සුරංග සම්පත් සහ කේ. කුමාර (14) අතර එක්වූ සබඳතාව ලකුණු 58කි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් කේ. කුමාර සහ රුවන් වසන්ත ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැගූහ. කේ. කුමාර පන්දු 49ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 58ක් ලබා ගත්තේ ය.

පරණවිතාන සහ මිෂාරගෙන් අර්ධ ශතක ඉනිම්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (23) කටුනායක…

රුවන් වසන්ත සහ චන්දන දේශප්‍රිය එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් එක් කළහ. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 88ක් පමණි. එවර රුවන් වසන්ත දැවී ගියේය. පන්දු 70කට මුහුණ දී සිටි වසන්ත හතරේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චන්දන දේශප්‍රිය සහ කේ. ඒ. සිල්වා එක්කළ ලකුණු සබඳතාව 70කි. කේ. ඒ. සිල්වා පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 38කට දැවී යෑමෙන් එම සබඳතාව අහිමි විය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලෙසිනි.

එතැන් සිට ලකුණු 39ක දී ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 4 දැවී ගියේ ය. පසුපෙළ පිතිකරුවන් වූ දිනේෂ් මතුගම (00), ප්‍රියන්ත කුමාර (11), පැතුම් සමන් කුමාර (02) සහ සමන් තුෂාර (00*) අඩු ලකුණුවලට සීමා වූහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චන්දන දේශප්‍රිය ය. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ආර්. අජෙ කුමාර් කඩුලු 2ක් ලබා ගත් අතර ආර්. සිං, එස්. රමේෂ් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ වෙන්කටේස්වරන් සහ ඩී. මලික් එක්ව ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 204ක සබඳතාවක් එක් කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු විනාශ කිරීමක් විය. ඔවුන් එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 142ක් පමණි.

එහි දී ආර්. වෙන්කටේස්වරන් ශතකයක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම වෙත ඉක්මන් කළේය. ඔහු පන්දු 103ක දී වාර්තා කරන ලද ලකුණු 105ට එක් කළ හතරේ පහර සංඛ්‍යාව 17කි. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

ඩී. මලික් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 84ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ආර්. අජේ කුමාර් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියේ ය. තරගය නිමා වෙන විට අනෙක් අන්තයේ රැඳී සිටියේ  පන්දු 17ක දී ලකුණු 20ක් ලබා සිටි බී. වද්දගොල් ය.

කඩුලු ලබා ගැනීමේ දී කේ. කුමාර ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව දිනේෂ් මතුගම සහ පී. ඩී. රවින්ද්‍ර කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 319 (50): කේ. කුමාර 58, රුවන් වසන්ත 72, චන්දන දේශප්‍රිය 76, කේ. ඒ. සිල්වා 38, ආර්. අජේ කුමාර් 2/47

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 4ක් දැවී (31.4): ආර්. වෙන්කටේස්වර 105, ඩී. මලික් 84, ආර්. අජේ කුමාර් 50, බී. වද්දගොල් නොදැවී 20, කේ. කුමාර 2/39

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මේ මස 25 වැනිදා භුබනේස්වර් හිදී පැවැත්වීමට නියමිත ය. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<