භූතාන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවෙන් වාඩුව අරගනී

431
Women Football in Bhutan Facebook page

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම මේ දිනවල භූතානයේ තරග සංචාරයකට එක්ව සිටින අතර එහි දෙවන තරගය අද (26) භූතානයේ තිම්පු හිදී පැවැත්විය. එම තරගයේ දී ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට භූතාන කණ්ඩායම සමත් විය. 

ප්‍රවීණා අවසන් මොහොතේ ශ්‍රී ලංකාව දිනවයි

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම හා භූතාන කාන්තා පාපන්දු කණ්ඩායම අතර පැවති සුහද…

ශ්‍රී ලංකා භූතාන පළමු තරගය පසුගිය 24 වැනිදා පැවති අතර එම තරගයේ 91 වැනි මිනිත්තුවේ දී ප්‍රවීණා සිල්වා ලබා ගත් ගෝලයත් සමඟින් තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. 

තරගයේ මුල් මිනිත්තු කීපයේ දී කණ්ඩායම් දෙකටම නිදහස් පහර කීපයක් ලැබූ නමුත් එම අවස්ථාවන් වලින් ප්‍රයෝජනය ගැනීමට කණ්ඩායම් දෙකම අසමත් විය. තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව විසින් සිදු කළ වැරැද්දක් නිසාවෙන් භූතාන කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කරගැනීමට භූතාන ක්‍රීඩිකා Tshering Yangden සමත් විය. 

තරගයේ මීළඟ මිනිත්තු කීපයේ දී කණ්ඩායම් දෙකම ගෝල ලබාගැනීමට ප්‍රබල උත්සාහයන් කීපයක් ලබා ගත් අතර තරගයේ 34 වැනි මිනිත්තුවේ දී භූතාන කණ්ඩායමට ලැබුණු ආසන්න අවස්ථාවක් මගහැරී ගියේ ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩිකාවගේ දක්ෂ වැළැක්වීමක් නිසාවෙනි. තරගයේ 39 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි අවස්ථාවක් ලැබුණු අතර එය නිවැරැදි එල්ලයට යොමු කිරීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝලයක් ලබා ගැනීමට නොහැකි විය. 

පළමු අර්ධය අවසන් වූයේ තවත් ගෝල ලබා ගැනීමකින් තොරවය. 

පාපන්දු පුහුණුකරු – කළමනාකරු ගැටුම දුරදිග යයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකරු වන සුනිල් සෙනවීර මහතා ජාතික කණ්ඩායමේ…

තරගයේ 54 වැනි මිනිත්තුවේ දී භූතාන කණ්ඩායම ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් දැරූ අතර ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩිකාවගේ දක්ෂ ගෝල රැකීම නිසා ගෝලයක් ලබාගැනීමේ අවස්ථාව මගහැරී ගියේය. තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝලයක් ලබාගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේය. 

තරගයේ අවසන් මිනිත්තු කීපයේ දී ගෝලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහයන් කීපයක්ම ගත් අතර 80 වැනි මිනිත්තුවේ දී හා 89 වැනි මිනිත්තුවේ දී ඔවුන්ට ගෝල ලබාගැනීමට ආසන්න අවස්ථා කීපයක්ම මඟහැරී ගියේය. 

තරගයේ නියමිත කාලය අවසන් වන තුරු වෙනත් ගෝලයක් ලබාගැනීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර එමනිසා තරගය භූතාන කණ්ඩායම ජයග්‍රහණය කළේ ගෝල 1-0ක් ලෙසිනි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<