ශ්‍රී ලංකාව නැවතත් තරගයේ පාලනය අතට ගනී

243
KAUSHAAL sl v aus

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 3වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4වන දිනය අවසන් වන විට පරාජයකින් තොරවම තරගාවලිය අවසන් කිරීමේ බලාපොරොත්තුව වඩාත් ඉහල දමා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදීයි.

පසුගිය ලිපි: රංගනගේ දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්

අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටින ලදී. දෙවන කඩුල්ලට ලකුණු 36ක් එක් කරන්නට කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න සමත් විය. ලකුණු 22ක් ලබා සිටි දිමුත් දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල්ගේ අති ප්‍රයෝගකාරී ක්‍රීඩා විලාශය හේතුවෙනි.

කුසල් ජනිත් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් ලකුණු 24ක් රැස් කළේ හතරේ පහර 5ක් සමගිනි. ඔහු නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69/3ක් ලෙස දැක්වුණි. කුසල් මෙන්ඩිස් ද, හයේ පහර දෙකක් සහ හතරේ පහරක් එල්ල කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තද මිචෙල් ස්ටාක්ගේ කඩුල්ල කෙලින් අැදී ආ පන්දුවකට පා ඉන්න දෙසින් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඉනිම අවසන් කරන්නට සිදුවිය.

තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව දෙසට යොමුවෙමින් පැවති මොහොතක ශ්‍රී ලංකාවේ ප්‍රති ප්‍රහාරය සඳහා පෙරමුණ ගන්නට කෞෂාල් සිල්වා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඔවුන් දෙදෙනා 5 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 54ක්. මැතිව්ස් ලකුණු 26කට දැවී ගියේ ලයන්ගේ දෙවන කඩුල්ල ලෙසිනි.

අනතුරුව කෞෂාල් සමගින් එක්වූ දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 90ක සබඳතාවක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙන එමිනුයි. කෞෂාල් අද තම 3වන ටෙස්ට් ශතකය වාර්තා කරන්නට සමත් විය. ඔහු මේ තරගාවලියේ ඉතිරි ඉනිම 5 තුලදීම රැස් කර ඇත්තේ ලකුණු 18ක් පමණයි.

කෙසේ වෙතත් ඊයේ දිනය තුල පන්දු රැකීමේදී ඇඟිල්ලක ඇතිවූ ආබාධයක්ද සහිතව ක්‍රීඩා කළත්, අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පැමිණි කෞෂාල් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දුන්නේ මහඟු දායකත්වයකි.

දිනේෂ් චන්දිමාල් යලිත් වරක් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනගමින් ලබා ගත් ලකුණු 43ට හතරේ පහර 4ක් ඇතුලත් විය. දෙවන නව පන්දුවෙන් ක්‍රියාත්මක කල 7වන පන්දුවාරය තුල කෞෂාල් සිල්වාගේ ඉනිම අවසන් කලේ නේතන් ලයන් විසිනුයි. ඒ වන විට ඔහු හතරේ පහර 10ක් සමගින් ලකුණු 115ක් ලබා සිටින ලදී.

දිනයේ අවසන් පන්දුවාර කිහිපය තුල වේගවත් ප්‍රහාරයක නිරතවූ පළමු ඉනිමේ ශතක ලාභී ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 44ක් රැස් කළේ පන්දු 56ක් පමණක් වැය කරමිනුයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුලත් විය.

අද දිනයේ පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබියදී ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුල්ලක් හෝ දෙකක් දවා ගැනීමට උත්සාහ කල යුතු බවට බොහෝ විචාරකයන් පැවසුවත්, ඇන්ජලෝ මැතිව්ස් දැරුවේ වෙනත් මතයක්. ඔහු වඩාත් ඉහල ඉලක්කයක් පිහිටුවීමට උත්සාහ දරන්නේ මේ තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ඇති අවස්තාව නැති කිරීමේ චේතනාවෙන් විය හැකියි.

එම උත්සාහය ඵලදායී සිතුවිල්ලක් වන්නේ මේ තරගය පරාජය නොවී තරගාවලිය 2- 0 ක් ලෙස අවසන් කළහොත් ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 6 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව 2 -1 ක තරගාවලි ජයග්‍රහණයකින් නොලැබීම හේතුවෙනුයි. එබැවින් මේ තරගය ජය ගැනීම වෙනුවෙන් අනවශ්‍ය අවදානමක් ගන්නවා වෙනුවට තරගය පරාජය නොවී සිටීම සඳහා හෙට දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි අවධානයක් යොමු වනු ඇති.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 355 දිනේෂ් චන්දිමාල් – 132, ධනංජය ද සිල්වා – 129, මිචෙල් ස්ටාක් – 5/63

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 379   ෂෝන් මාෂ් – 130, ස්ටීවන් ස්මිත් -119, රංගන හේරත් – 6/81

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 312/8 – කෞෂාල් සිල්වා – 115, ධනංජය ද සිල්වා – 44*, නේතන් ලයන් – 4/123

දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 2ක් අතැතිව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 288ක් ඉදිරියෙන්.

Batsmen Dismissal Runs Balls
Kaushal Silva  c Smith b Starc 0 15
Dimuth Karunarathne   b Starc 7 34
Kusal Perera c Smith b Lyon 16 32
Kusal Mendis c Smith b Starc 1 12
Angelo Mathews  c Starc b Lyon 1 4
Dinesh Chandimal c Nevill b Starc 132 356
Dhananjaya De Silva c S Marsh b Lyon 129 280
Dilruwan Perera c Lyon b Holland 16 25
Rangana Herath Retired Hurt 33 71
Suranga Lakmal c M Marsh b Starc 5 11
Lakshan Sandakan Not Out 4 8
Extras (11) TOTAL 355 (141.1 overs)

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට