13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරග අගෝස්තු 17, 18 හා 19 කොළඹ Gymkhana ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී පිරිමි ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයටත්, කාන්තා ශූරතාව කැළණිය විශ්වවිද්‍යාලයටත් හිමි විය. 

මීට පෙර පැවති 2016 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වූ අතර ඒ වසර දෙකක් පුරාවට පැවති මොරටු ආධිපත්‍යය බිඳ දමමිනි. එම වසරේ කාන්තා ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වූයේ වසර 6ක නොබිඳුණු වාර්තාවක් තබමිනි. ඔවුන් 2010 වසරේ සිට මේ දක්වා තරගාවලි තුනක කාන්තා ශූරතාව නොකඩවා දිනාගෙන සිටියහ. 

ජපුර, අග්නිදිග, යාපනය හා රජරට අවසන් පූර්ව වටයට

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය …….

පිරිමි තරගාවලිය 

මූලික වටය

කණ්ඩායම් 9ක සහභාගිත්වයෙන් පැවති පිරිමි තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විය. එහි දී කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය A කාණ්ඩය යටතේ තරග වැදුණු අතර මොරටුව විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, ඌව විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය B කාණ්ඩය යටතේ තරග වැදුණි. 

A කාණ්ඩයේ තරග වැදුණු කොළඹ විශ්වවිද්‍යාලය තමන් මුහුණ දුන් තරග තුනම අපරාජිතව අවසන් කිරීමට සමත් විය. ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තරග වට 3-2ක් ලෙස ද, රුහුණ විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද පරාජය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය හමුවේ පරාජය වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස හා රුහුණ විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස පරාජය කරමින් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය අතර තරගයේ ජය තරග වට 3-0ක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමි විය. 

B කාණ්ඩයේ තරග සියල්ල අපරාජිතව නිමා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් වූ අතර ඔවුන් කැළණිය විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද, ඌව විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද, නැගෙනහිර විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද, සබරගමුව විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද පරාජය කරමින් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. 

කැළණිය විශ්වවිද්‍යාලය ඌව හා සබරගමුව විශ්වවිද්‍යාල තරග වට 3-0ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස පරාජය කළේය. ඔවුන් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. තමන් මුහුණ දුන් තරග 4 දී මොරටුව හා කැළණිය හමුවේ පරාජය වුවද ඌව හා නැගෙනහිර විශ්වවිද්‍යාල පරාජය කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලය සමත් විය. ඌව විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය අතර තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ඌව විශ්වවිද්‍යාලයටයි. 

පළමු වටය අවසානයේ දී එක් එක් කාණ්ඩවල ශ්‍රේණිගත කිරීම් පහත පරිදි විය. 

A කාණ්ඩය B කාණ්ඩය
කොළඹ  මොරටුව 
ශ්‍රී ජයවර්ධනපුර  කැළණිය 
පේරාදෙණිය  ඌව 
රුහුණ  සබරගමුව 
නැගෙනහිර 

අවසන් පූර්ව වටය

A කාණ්ඩය නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද, B කාණ්ඩය නියෝජනය කරමින් මොරටුව විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. 

අවසන් පූර්ව වටයේ දී කොළඹ විශ්වවිද්‍යාලය හා කැළණිය විශ්වවිද්‍යාලය අතර තරගය තරග වට ලෙස ජයග්‍රහණය කිරීමට විශ්වවිද්‍යාලය සමත් වූ අතර අනෙක් අවසන් පූර්ව වටයේ තරගය වූ මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරගයේ ජයග්‍රහණය තරග වට ලෙස විශ්වවිද්‍යාලයට හිමි විය. 

ඒ අනුව අවසන් තරගය සඳහා විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලය සුදුසුකම් ලබා ගත් අතර විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලය තුන්වැනි ස්ථානය සඳහා තරග වැදුණි. 

අවසන් තරග

තුන්වැනි ස්ථානය සඳහා වන තරගයේ දී කැළණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය තරග වට එක බැගින් ජයග්‍රහණය කළ අතර එම නිසා එම තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

අවසන් තරගය තියුණු තරගයක් වූ අතර එහි ජයග්‍රහණය ලබාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වූයේ තරග වට 3-0ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පරාජය කරමිනි. ඒ සමඟින් කොළඹ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ටෙනිස් ශූරතාව පිට පිට දෙවන වරටත් දිනා ගැනීමට සමත් විය. 

අවසන් ශ්‍රේණිගත කිරීම්

  • පළමු ස්ථානය – කොළඹ විශ්වවිද්‍යාලය
  • දෙවන ස්ථානය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • තුන්වැනි ස්ථානය – මොරටුව විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය

 

කොළඹ ශූරතාව දිනා ගනිද්දී කැළණිය, මොරටුව 2 සහ 3ට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරගවල ………

කාන්තා තරගාවලිය 

මූලික වටය

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවති කාන්තා තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්විය. ඒ අනුව A කාණ්ඩය යටතේ කොළඹ විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය ද, B කාණ්ඩය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද, C කාණ්ඩය යටතේ කැළණිය, වයඹ හා සබරගමුව විශ්වවිද්‍යාල ද, D කාණ්ඩය යටතේ මොරටුව, ඌව හා රුහුණ විශ්වවිද්‍යාලය ද තරග වැදුණි. 

A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නැගෙනහිර විශ්වවිද්‍යාලය පරාජය කළ කොළඹ විශ්වවිද්‍යාලය සමත් වූ අතර B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස පරාජය කරමිනි. 

C කාණ්ඩයේ තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කිරීමට කැළණිය විශ්වවිද්‍යාලය සමත් විය. ඔවුන් වයඹ විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස ද, සබරගමුව විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ද පරාජය කළේය. 

D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මොරටුව කණ්ඩායම සමත් වූයේ ඌව විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස හා රුහුණ විශ්වවිද්‍යාල කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජය කරමිනි. රුහුණ විශ්වවිද්‍යාල කණ්ඩායම ඌව විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස පරාජය කරමින් කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගැනීමට සමත් විය. 

පළමු වටය අවසානයේ දී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් පහත පරිදි විය. 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
කොළඹ  ශ්‍රී ජයවර්ධනපුර  කැළණිය  මොරටුව 
නැගෙනහිර  පේරාදෙණිය  සබරගමුව  රුහුණ 
වයඹ  ඌව

අර්ධ අවසන් පූර්ව වටය

පළමු වටයේ තරග අනුව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ, නැගෙනහිර, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැළණිය, සබරගමුව, මොරටුව හා රුහුණ විශ්වවිද්‍යාල සමත් විය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරග වට 3-0ක් ලෙස පරාජය කිරීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් වූ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලය පරාජය කිරීමට කැළණිය විශ්වවිද්‍යාලය සමත් වූ විය. රුහුණ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරගයේ ජයග්‍රහණය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතු වූයේ තරග වට 3-0ක් ලෙසිනි. සබරගමුව විශ්වවිද්‍යාල කොළඹ විශ්වවිද්‍යාලය හමුවේ තරග වට 3-0ක් ලෙස පරාජය විය. 

ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා මොරටුව කණ්ඩායම් සමත් විය. 

අවසන් පූර්ව වටය

අවසන් පූර්ව වටයේ දී කැළණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තරග වැදුණු අතර අනෙක් තරගයේ දී කොළඹ විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය තරග වැදුණි. 

කැළණිය විශ්වවිද්‍යාලය තරග වට 3-1ක් ලෙස ජයවර්ධනපුර කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. අනෙක් තරගයේ දී කොළඹ විශ්වවිද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාල පරාජය කළේ තරග වට 3-1ක් ලෙසිනි. 

අවසන් තරගය සඳහා කැළණිය හා කොළඹ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රි ජයවර්ධනපුර හා මොරටුව විශ්වවිද්‍යාල තුන්වැනි ස්ථානය සඳහා තරග වැදුණි. 

විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ඉතිහාස කතාව

ශ්‍රී ලංකාවේ තියන රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන ………

අවසන් තරග

තුන්වැනි ස්ථානය සඳහා වන තරගයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මොරටුව විශ්වවිද්‍යාලය පරාජය කළ අතර ඒ තරග වට 3-1ක් ලෙසිනි. 

අවසන් තරගය තරග වට 3-1 ලෙස ජයග්‍රහණය කළ කැළණිය විශ්වවිද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ වසර 9ක්, තරගාවලි 3ක් පුරා පැවති කොළඹ විශ්වවිද්‍යාල කාන්තා කණ්ඩායමේ ආධිපත්‍යය බිඳ දමමිනි. 

අවසන් ශ්‍රේණිගත කිරීම්

  • පළමු ස්ථානය – කැළණිය විශ්වවිද්‍යාලය
  • දෙවන ස්ථානය – කොළඹ විශ්වවිද්‍යාලය
  • තුන්වැනි ස්ථානය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • සිව්වැනි ස්ථානය – මොරටුව විශ්වවිද්‍යාලය 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<