ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (14) NCC පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් මේ තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට හැකි විය.
ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පොඩ්ඩෝ වැඩ පෙන්වති
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම…
ඊයේ (13) දිනය පුරාවටම පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද උදෑසන පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබාගෙන සිටියේය.
ඒ අනුව දෙවන හා අවසන් දිනය වූ අද (14) දිනයේ පළමු පන්දුවට මුහුණ දීමේ අවස්ථාව ලබා ගත් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන නායක අනුජ් රාවට් හා දකුණතින් පිත්ත හසුරුවන පවන් ශා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. එහි දී වේගවත් පිතිකරණයක නිරත වූ පවන් පන්දු 70ක දී ලකුණු 70ක් ලබා ගත්තේ 4 පහර 6ක් හා 6 පහර 2ක් එල්ල කරමිනි.
ලකුණු 131කට ඉන්දීය කඩුලු 2ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්වූ අත්‍රව් ටයිඩ් හා දෙව්දුත් පඩික්කල් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කරමිනි. තරගයේ 29 පන්දුවාරය වන විට ඉන්දීය කණ්ඩායම ලකුණු 150ක් ලබාගෙන සිටින ලදි.
අනතුරුව පන්දුව සියතට ගත් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පිවිසි වී. කාන්තන් ඉන්දීය කණ්ඩායමේ 4, 5, 6 හා 7 යන කඩුලු 4ම එක පෙළට දවා ගැනීමට සමත් විය. එම දැවී ගිය කඩුලු අතර සචින් ටෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ කඩුල්ල ද විය. ඔහු ලබාගත්තේ ලකුණු 5ක් පමණි.
ඉන්දියාවට එරෙහි වන යොවුන් කණ්ඩායමේ බර නිපුන්ට
එළඹෙන 17 වැනිදා ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ…
ලකුණු 70ක් ලබාගත් පවන් ශා තරගය අතරතුර පිටියෙන් ඉවතට ගියේ තවත් නවක පිතිකරුවෙක් සඳහා පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් ලබා දෙමිනි. එයින් උපරිම ඵල නෙලාගත් අයුෂ් බදෝනි වේගවත් පිතිකරණයක නිරත වෙමින් ඉන්දීය යොවුන් කණ්ඩායමේ ඉනිම තවදුරටත් ගොඩනැංවූයේ පන්දු 54ක් තුල සිය අර්ධ ශතකය වාර්තා කරගනිමිනි. ඒ සඳහා ඔහුට සහාය වූ වමතින් පිත්ත හසුරුවන ආර්‍යයන් ජුවාල් ද ෙඅර්ධ ශතකයක් වෙත පියමන් කළේ ඉන්දීය යොවුන් පළමු ඉනිමේ පන්දු 54ක් පමණක් වැය කරමිනි.
තරගයේ 54 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ඉන්දීය 19න් පහළ කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවා ගොස් තිබුණි. එබැවින් මේ පුහුණු තරග දෙපිලටම හොඳ පුහුණු තරගයක් වූ බවට නම් කිසිදු සැකයක් නොමැත.
පන්දුවාර 68යි එක් පන්දුවකට මුහුණ දුන් ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 384ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒත් සමඟින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් කටයුතු කළේය. පන්දු යැවීමේ දී වී. කාන්තන් ශ්‍රී ලංකා 19න් පහළ සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 63කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.
ශ්‍රී ලංකා 19න් පහළ සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිම – 253/7d (88): කළිඳු චිහාන් 61, සොනාල් දිනූෂ 50*, කමිල් මිශාර 40, ආකාශ් පාණ්ඩ්‍යා 3/12.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම – 384/7d (68.1): දෙව්දුත් පඩික්කල් 75*, පවන් ශා 70, අයුෂ් බදෝනි 59, ආර්‍යයන් ජුවාල් 50, වී. කාන්තන් 4/63.
ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන
- පළමු ටෙස්ට් තරගය – ජූලි 17/18/19/20 – NCC ක්‍රීඩා පිටිය
- දෙවන ටෙස්ට් තරගය – ජූලි 24/25/26/27 – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
- පළමු එක්දින තරගය – ජූලි 30 – කොළඹ පී. සරා ඕවල්
- දෙවන එක්දින තරගය – අගෝස්තු 2 – SSC ක්‍රීඩාංගණය
- තෙවන එක්දින තරගය – අගෝස්තු 5 – SSC ක්‍රීඩාංගණය
සිව්දින තරගය – අගෝස්තු 7 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය
පස්වන එක්දින තරගය – අගෝස්තු 10 – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටිය
මෙම තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස විකාශය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















