සිව් දිනක් මුළුල්ලේ කොළඹ එන්. සී. සී. පිටියේ පැවති නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ලකුණු 13ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දීමට සත්කාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (19) සිදු විය.
ජයග්‍රහණය ටවුහිඩ් රිඩෝයිගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ කණ්ඩායමට හිමි වීමත් සමඟ ලබන 23 වැනිදා කටුනායක දී ආරම්භ වීමට නියමිත දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයට ඔවුන් අවතීර්ණ වන්නේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමිනි.
සොනාල් දිනූෂ ශතකයක් වාර්තා කරමින් සවිය වේ
බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ. එන්. සී. සී. පිටියේ පැවැත්වෙන…
පළමු ඉනිමේ ලකුණු 21ක වාසියක ලැබුව ද බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 115කට තරම් වූ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් ජයග්‍රහණය සඳහා ලකුණු 137ක පහසු ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් විය.
ජයග්‍රහණය හඹා යෑමේ දී පළමු කඩුලු 9ම ලකුණු 97ක දී බිඳ වැටුණ ද අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි චමිඳු විජේසිංහට එක්වූ රොහාන් සංජය, අවසන් කඩුල්ල වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නියැළුණු නමුත් එය ජයග්‍රහණයේ පරතරය අඩු වූවා විනා ප්‍රතිඵලයේ වෙනසකට බලපෑමක් නොවීය.
ශොරිෆුල් ස්ලාම්ගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චමිඳු විජේසිංහ ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී යෑමත් සමඟ බංග්ලාදේශ යොවුන් පිලේ ජයග්‍රහණය සනාථ විය. අවසන් කඩුල්ල වෙනුවෙන් රොහාන් සංජය සමඟ ලකුණු 26ක සම්බන්ධතාවක් ගොඩනැගූ චමිඳු දැවී යන විට පන්දු 37ක දී ලකුණු 29ක් ලබා ගෙන සිටියේය.
තාක්ෂණයට පටහැනිව යමින් හෙවත් කඩුල්ල තුළට පැමිණෙන පන්දුවලට හරහා පහර එල්ල කිරීමට යෑමත් කඩුලු අතර දිව යෑමේ දී තිබූ අනවබෝධයත් ශ්‍රී ලංකා පරාජයේ ප්‍රධාන සාධක බවට පත්විය. දෙවැනි ඉනිම ඇතුළත පමණක් කඩුල්ල මුවා කිරීම් 4ක් සහ දුවද්දී දැවී යෑම් 2ක් වාර්තා වීම ඒ සඳහා වන හොඳම උදාහරණය.
දුවද්දී දැවී යෑම්වලට හසුව දැවී ගිය පිතිකරුවන් අතර පළමු ඉනිමේ ශතක ලාභී සොනාල් දිනූෂ ද සිටීම ශ්‍රී ලංකාවට ප්‍රබලම පාඩුවක් ගෙන දුන් අනෙක් කරුණ විය. පළමු ඉනිමේ පරිදිම ලකුණු 24 ක් ලබා ගනිමින් ස්ථාවරත්වයක් ගොඩනගාගෙන සිටි සොනාල් පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 89ක් වශයෙන් සටහන්ව තිබුණි. සොනාල්ගේ ලකුණු 24ක ඉනිම සඳහා ඔහු පන්දු 57කට මුහුණ දී තිබුණු අතර ඉන් දෙකක් හතරේ පහර බවට පරිවර්තනය කරගත්තේය.
අභිමානය බේරාගන්න ලැබෙන අවසන් අවස්ථාවට පෙර
නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලි කිහිපය තුලම සාර්ථක අවසානයක් කරා ළඟා වීම…
මේ අතර ඊයේ දිනයේ සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ සොනාල් දිනූෂ සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවට පහර දුන් සඳුන් මෙන්ඩිස්ගේ දැවී යෑමය. සඳුන් එල්ල කරන ලද පහරක් උඩ පන්දුවක් ලෙසින් ඇදී යෑමේ දී එය රැක ගැනීම සඳහා පන්දු රකින්නන් තිදෙනකු පැමිණිය ද ඔවුන් තිදෙනාටම එම උඩ පන්දුව රැක ගැනීමට නොහැකි විය. ඒ අවසරයෙන් ලකුණක් ඩැහැ ගැනීමට සඳුන් මෙන්ඩිස්ගේ බලාපොරොත්තුව වුවත්, එසැණින් ක්‍රියාත්මක වූ නව්රෝස් නබිල් පන්දුව ගෙන කඩුලු රකින්නා වෙත භාර දීම නිසා උඩ පන්දුව ගිලිහීමේ වාසනාව සඳුන්ට හිමි වූයේ තත්පර ගණනක් පමණි. එම අවාසනාවන්ත දැවී යෑමෙන් සඳුන් ක්‍රීඩාගාරය වෙත පියමනින විට තම ලකුණු 13ක ඉනිම සඳහා පන්දු 30කට මුහුණ දී තිබුණේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කමිල් මිශාරව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට රකිබුල් හසන් සමත් විය. ශ්‍රී ලංකා පිලේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්වූ නායක නිපුන් ධනංජය ද රකිබුල්ගේ ගොදුරක් වෙමින් මුහුණ දුන් 37 වැනි පන්දුවේ දී දැවී යන විට ලකුණු 21ක් ලබා සිටියේය.
පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශහින් අලාම් ලකුණු 31කට කඩුලු 3ක් ද රකිබුල් හසන් ලකුණු 34කට කඩුලු 3ක් ද දවා ගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමූහ.
දෙවැනි ඉනිමේ දී කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා ගනිමින් සිව්වැනි දිනය ඇරඹූ බංග්ලාදේශ දෙවැනි ඉනිම අවසන් කඩුලු 9 ම ලකුණු 97ක් තුළ දී දවා ගනිමින් ලකුණු 123කට සීමා කිරීමට අෂේන් ඩැනියෙල් සහ රොහාන් සංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මෙහි දී කැපී පෙනුණු අෂේන් ඩැනියෙල් ලකුණු 19කට කඩුලු 4ක් ද, රොහාන් සංජය ලකුණු 43කට කඩුලු 3ක් ද බිඳ හෙළමින් තම උපරිම දායකත්වය ලබා දෙද්දී, චමිඳු විජේසිංහ ද ලකුණු 38කට කඩුලු 2ක් දවා ගනිමින් දායකත්වයක් ලබා දුන්නේය.
දිනය ආරම්භයේ යවන ලද තෙවැනි පන්දුවාරයේ දී ම සාර්ථක ඵල නෙලා ගත් චමිඳු තෙවැනි සහ සිව්වැනි පන්දුවල දී හසන් පළමු ඉනිමේ හිසරදයක් වූ හසන් ජෝයි සහ නායක ටවුහිඩ් රිඩෝයි පිටියෙන් ඉවත් කිරීමට සමත් වීම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට බංග්ලාදේශ නවතාලීමට ප්‍රධාන විය. රොහාන් සංජය සහ අෂේන් ඩැනියෙල් හමුවේ එකා පිට එකා දැවී යන විට තම අන්තය ආරක්ෂා කර ගත් අක්බර් අලී ලකුණු 42ක් ලබා ගනිමින් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.
බංග්ලාදේශ යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 96.1ක දී සියලු දෙනා දැවී ලකුණු 309 – අමිත් හසන් 64, ටවුහිඩ් රිඩෝයි 54, ශමීම් පත්වරී 43, ටන්සිඩ් හසන් 42, නව්රෝස් නබිල් 45, හසන් ජෝයි 19, අක්බර් අලී 17, චමිඳු විජේසිංහ 68/4, අෂේන් ඩැනියෙල් 64/2, රොහාන් සංජය 70/2, සඳුන් මෙන්ඩිස් 69/2 සහ දෙවැනි ඉනිම පන්දුවාර 45.2ක දී සියලු දෙනා දැවී ලකුණු 115 – අක්බර් අලී 42, හසන් ජෝයි 14, නව්රෝස් නබිල් 13, ශමීම් පත්වරී 19, අෂේන් ඩැනියෙල් 19/4, රොහාන් සංජය 43/3, චමිඳු විජේසිංහ 38/2, සඳුන් මෙන්ඩිස් 11/1
ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 113ක දී සියලු දෙනා දැවී ලකුණු 288 – සොනාල් දිනූෂ 100, නවෝද් පරණවිතාන 40, කමිල් මිශාර 19, නිපුන් ධනංජය 11, මොහොමඩ් ශමාස් 31, ජනිෂ්ක පෙරේරා 14, සඳුන් මෙන්ඩිස් 14, අශේන් ඩැනියෙල් 21, නවීන් ප්‍රනාන්දු 15, ටවිහිඩ් රිඩෝයි 55/3, රකිබුල් හසන් 79/3, ශෆියුල් ස්ලාම් 57/2, ශයිම් අලාම් 43/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 43.3ක දී සියලු දෙනා දැවී ලකුණු 123 – චමිඳු විජේසිංහ 29, සොනාල් දිනූෂ 24, නිපුන් ධනංජය 21, නවෝද් පරණවිතාන 16, මොහොමඩ් ශමාස් 11, සඳුන් මෙන්ඩිස් 13, ශහින් අලාම් 31/3, රකිබුල් හසන් 34/3, ශොරිෆුල් ස්ලාම් 23/1, ශමීම් පත්වරී 10/1
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















